ආණමඩුව ආසනයේ කප්පම් දේශපාලයක් සිදුවන බවට රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න සිදු කළ ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කරන බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පවසයි.
එම ප්‍රදේශයේ වැසිකිළි පහසුකම් නොමැති පිරිසක් වෙනුවෙන් වැසිකිළි ඉදිකරදීම සඳහා බොරළු ව්‍යාපාරිකයන්ගෙන් ආධාර ඉල්ලා සිටීමේ සිද්ධියක් එලෙස විකෘති කර ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියි.
ඒ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මෙසේද පැවසිය.
රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මෙසේ සඳහන් කළේ විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙඳ පොල විවිධාංගීකරණ රාජ්‍ය ඇමති ප්‍රියංකර ජයරත්න පසුගියදා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් බව පෙනේ.
ආනමඩුවේ බොරලු ටිපර් එකකින් රු. 500ක් කප්පම් ගන්නා ඇමැතිවරුන් බිහිව ඇතැයි පුත්තලම් දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී, ප්‍රියංකර ජයරත්න රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ, ජනතාවට පොල් පැල බෙදා දීමේ උලෙළකට එකතු වෙමින් ඇමැතිවරයා ජුලි 15 දා ය.
''ආනමඩුවේ ආසනයේ මේ වන විට කප්පම් ගන්න අමාත්‍යවරුන් බිහි වී සිටිනවා. අපි කම්පම් ගන්නේ නෑ. මගේ අතේ ලේ නැහැ. මම කප්පම් අරන් නැහැ. මම මිනිමරලා නැහැ ඒ නිසා මම බයත් නැහැ.
මොකද ජනතාව හැමදාම මාව විරයා කළා. එය පසුගිය සෑම මැතිවර්ණයකදිම ජනතාව ඔවුන්ගේ මනාපයෙන් හොඳින් තහවුරු කළා.
මම හැමදාම ජනතාවත් එක්ක හිටියා ඒ නිසා මම ජනතාවට කියනවා යම් තැනක වැරදිමක් වුවා නම් එය නිවැරදි කිරිමට කාලය එළඹේමින් තිබෙන බව. එය ඔබේ අයිතිය.
අපිත් හරිම කළකිරිමේන් දැන් වැඩ කරන්නේ අපේ කළකිරිම් ඔබට කියලා වැඩක් නැහැ. මොකද ඔබ අප පත් කළේ ඔබට වැඩ කරන්න.
නමුත් අපිට එය කරන්න බැරි වෙලා තියෙනවා. මේ ආණමඩුව ආසනය තුළ අද වන විට කප්පම් ගන්න දේශපාඥයින් බිහිවි තිබේනවා. මේ ගැන ඉහල දැනුවත් කළා. වැඩක් නැහැ ඒ නිසා මේ කප්ප දේශපාලනය මම අනුමත කරන්නේ නැහැ.'' රාජ්‍ය ඇමති ප්‍රියංකර ජයරත්න වැඩි දුරටත් කියා සිටියේය.
THE LEADER TV
කප්පම් සනා ස'ටත් කොකා පෙන්නලා !
බැසිල් මන්ත්‍රීවරුන්ට අල්ලස් දෙයි ?