මොඩර්නා එන්නත් තවත් තොගයක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කිරීමට ඇමරිකානු රජය එකඟත්වය පළකර ඇතිබව රජයේ ආරංචි මාර්ග පවසයි.
 
කොවැක්ස් පදනම හරහා ඇමරිකානු රජය විසින් ප්‍රදානයක් ලෙස එන්නත් මාත්‍රා ලක්ෂ 15 ක තොගයක් පසුගිය ජුලි 16 දා ශ්‍රී ලංකාවට ලබාදී තිබිණ. 
 
ඒ සඳහා මැදිහත් වුයේ ඇමෙරිකානු කාර්යාංශය (යු.එස්.එයිඩ්) යි. 
 
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු ඇමෙරිකානු නිත්‍ය නියෝජිතවරියක වන සමන්තා පවර්, ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඇමෙරිකානු කාර්යාංශයේ (යු.එස්.එයිඩ්/යු.එස්.ඒ.අයි.ඩී) හී ප්‍රධානියා ලෙස ඇමරිකානු ජනාධිපතිවරයා විසින් පසුගිය දා පත්කරනු ලැබූ අතර ඇය ශ්‍රී ලංකාවට සමීප රාජ්‍ය තන්ත්‍රීක නිලධාරිනියක ලෙස සැලකේ.
 
කටාර් එයාර්වේස් ගුවන් සේවයට අයත් QR 0664 ගුවන් යානයෙන් ජුලි 16 දා කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපලෙන් මෙරටට ගෙන එන ලද මෙම මොඩර්නා එන්නත් තොගය බාර ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි කටුනායක ගුවන් තොටුපල වෙත ගොස් සිටි නමුත්,  චීන එන්නත් ලැබෙන විට කටුනායකට දුවයන රාජ්‍ය නායකයින් එදින දක්නට නොවිය.
 
 
ඇමරිකානු රජය විසින් ශ්‍රී ලංකාවට ප්‍රදානයක් ලෙස එන්නත් මාත්‍රා ලක්ෂ 15 ක තොගයක් ලබාදුන්නද ශ්‍රී ලංකා රජය ඒ සඳහා සැලකිය යුතු පිළිගැනීමක් හෝ ප්‍රසිද්ධියක් ලබානොදීමට ප්‍රවේසම් සහගතව තිබිණ. 
 
 
ආණ්ඩුව නියෝජනය කරන ඇතැම් ජාතිකවාදී කොටස් විසින් ගෙනයන චීන හිතවාදී ඇමරිකානු විරෝධය ඊට හේතුවී ඇතිබව පෙනේ.
 
එහෙත්, කොරෝනා ගරනාවක් කරගෙන ඇති රජයේ බලධාරීන් හා ජාවාරම්කාර එන්නත් ඒජන්තයින් මුදලට ලබාගන්න චීන එන්නත් ප්‍රවර්ධනය වෙනුවෙන් මේ මොහොතේ සුවිශාල වැඩකොටසක් සිදුකරමින් සිටිති.
 
කෙසේවුවද, මෙරට මොඩර්නා එන්නත් තොගයක් නොමිලේ ලබාදීම සම්බන්ධයෙන් හිටපු විදේශ අමාත්‍යවරයකු වන මංගල සමරවීර සිය සමීපතම හිතවතියක වන ඇමෙරිකානු කාර්යාංශයේ (යු.එස්.එයිඩ්/යු.එස්.ඒ.අයි.ඩී) හී ප්‍රධානි සමන්තා පවර් වෙතත්, ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනිය වෙතත්,  ඇමරිකානු රජය වෙතත් ස්තුතිය පළකරමින් ට්විටර් පණිවිඩයක් නිකුත්කර තිබිණ.
 
 
Twit 
 
මෙරට කොවිඩ් එන්නත්කරණ වැඩසටහන යටතේ පුද්ගලයින් 1,30,596 දෙනෙකුට මොඩර්නා කොවිඩ් මර්දන එන්නතේ පළමු මාත්‍රාව ඊයේ (20) දිනයේදී ලබාදී ඇත.
 
ඒ අනුව, මේ දක්වා මොඩර්නා එන්නතේ පළමු මාත්‍රාව ලබාදී ඇති මෙරට සමස්ථ පුද්ගලයින් ගණන 2,38,383 කි.
 

 
THE LEADER TV 
 
 
බැසිල් මන්ත්‍රීවරුන්ට අල්ලස් දෙයි ?
 
 
කප්පම් සනා ස'ටත් කොකා පෙන්නලා ! 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්