දිවයිනේ දරුවන්ට සිදුවන අපයෝජන සම්බන්ධයෙන් හද කම්පාකරවන තොරතුරු වාර්තා වීමත් සමගම ළමා නඩු විසදීම සදහා පළාත් මට්ටමෙන්
අධිකරණ පිහිටුවීම කෙරෙහි බලධාරීන්ගේ අවධානය යොමුව තිබේ.
 
දිවයිනේ පළාත් නමය තුළ ළමා මහේස්ත්‍රාත් අධිකරණ නමයක් සහ ළමා මහාධිකරණ නමයක්  පිහිටුවීම සදහා වැඩකටයුතු ඇරඹීමට සූදානම් බවයි ජාතික ළමාරක්ෂක අධිකාරියේ නියෝජ්‍ය සභාපතිනී නීතීඥ සුජාතා අලහප්පෙරුම පවසන්නේ.
 
ළමා අපචාර, ළමුන්ට එරෙහිව සිදුකෙරෙන හිංසන සහ ජනමාධ්‍යයෙහි සමාජ බලපෑම යන මැයෙන් ජුලි 20 අගහරුවාදා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්වූ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවේ ඇය ඒ බව සඳහන් කළාය.
 
  
මේ වන විට බත්තරමුල්ලේ සහ යාපනයේ  ළමා මහේස්ත්‍රාත් අධිකරණ දෙකක් පමණක් පවතින බව පෙන්වා දෙන ජාතික ළමාරක්ෂක අධිකාරියේ නියෝජ්‍ය සභාපතිනී නීතීඥ සුජාතා අලහප්පෙරුම එහිදී අවධාරණය කළේ, එය කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවයි.
 
 
මහේස්ත්‍රාත් අධිකරණ වල ළමා නඩු විසදීමේදී ළමයින්ට වැඩිහිටියන් සමග ගැටීමට සිදුවන අතරම නඩු අධික බව නිසා ළමා නඩු කල්යාමේ ප්‍රවණතාවක්ද ඇති බැවින් ඒම ගැටලු වැළැක්වීම සදහා ළමා මහේස්ත්‍රාත් අධිකරණ  සහ ළමා මහාධිකරණ පළාත් මට්ටමින්  පිහිටුවීමට රජයට යෝජනා කළ බවද ඇය එහිදි සඳහන් කළාය.
 
 
වීඩියෝ සාක්ෂි:
 
 
1a1ab22dc860193403be6d621371fed5 XL  
 
 
සෑම පැය දෙකකට වරක්ම කුඩා දරුවකු අපචාරයට ගොදුරු වන ශ්‍රී ලංකාවේ, අපයෝජනයට ලක් වු ළමයින්ගේ සාක්ෂි වීඩියෝ පටිගත කිරීමේ ඒකක නමයක් පළාත් මට්ටමින් ස්ථිපිත කිරීමට ද  ජුලි 12 සදුදා රැස් වු අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබුනි.
 
2020 ඔක්තෝබර් මස 02 වැනි  දින අධිකරණ අමාත්‍යවරයා විසින් ළමයින් සම්බන්ධව පවතින යල් පැනගිය නීති සංශෝධනයට පියවර ගන්නා ලෙස ළමාරක්ෂක අධිකාරියට දැන්වූ බවත්  ඒ අනූව මෙරට තුළ ළමයින්ට පනවා ඇති නීති සංශෝධනය කිරීම අරඹමින් ජනාධිපති නීතීඥයන්, මහාචාර්යවරුන් ආදීන්ගෙන් සැදුම්ලත් විද්වත් මණ්ඩල පහක්  රැස්කර කමිටු පහක් සකසා, එම නීති සංශෝධන කටයුතු ඇරඹූ බවද ජාතික ළමාරක්ෂක අධිකාරියේ නියෝජ්‍ය සභාපතිනී නීතීඥ සුජාතා අලහප්පෙරුම වැඩි දුරටත් සඳහන් කළාය.
 
ශ්‍රී ලංකාවේ  ආඥා පනත් රාශියක ළමයා සම්බන්ධයෙන් අර්ථ නිරූපන විවිධාකාර ලෙස දක්වා ඇති අතර , අධිකරණ ඇමැතිගේ උපදෙස් අනූව ඒම සියල්ල එක් මට්ටමකට ගෙන ඒමෙන් අනතුරුව විශ්ව ළමා ප්‍රඥප්තියට අනුකූල වන පරිදි ළමයෙක් යනු වයස අවුරුදු 18ට අඩු තැනැත්තෙකු ලෙස පිළිගන්නා බැවින් අපගේ පනත් 13ක එක් එක් වයස් සීමා වල තිබුණු ළමයාගේ වයස 18 දක්වා සංශෝධනය කිරීමට යෝජනා කළ බවද ජාතික ළමාරක්ෂක අධිකාරියේ නියෝජ්‍ය සභාපතිනිය සඳහන් කරයි.
 
දෙවැනි කමිටුව ළමා හිතකාමී අධිකරණ පද්ධතියක් පිහිටුවීම සදහා පත් කළ බව පෙන්වා දෙන ඇය වැඩි දුරටත් සඳහන් කළේ  ළමයින්ට හිතකර ලෙස නීති සංශෝධනයට මෙම කමිටු පහ  ක්‍රියා කරන බවයි.
 
 
 
පොලිසියේ මුර දේවතා එලි :
 
 
එම මාධ්‍ය හමුවේ අදහස් දැක්වු පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත්  රෝහණ සඳහන් කළේ පරිගණක අපරාධ කොට්ඨාසයේ සහ පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ නිලධාරීන් පැය විසි හතර පුරාවටම අන්තර්ජාලය හා සම්බන්ධව සිදුවන අපරාධ හා ළමා අපයෝජන සම්බන්ධයෙන් අධීක්ෂණය කරන බවයි.
 
ඒ අනුව යූ ටියුබ් මෙන්ම සමාජ මාධ්‍ය ජාලාවල සිදුවන අපයෝජන සහ අනෙකුත් අන්තර්ජාල අපරාධ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කරන බවත්, ඔහු එහිදී පැවසු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
 
කෙසේ වෙතත්, විසිහතර පැයේම අන්තර්ජාලය පරීක්ෂා කරන පොලිසියට බාල දැරිවියක් අපයෝජනය  පිළිබඳ තොරතුරු දැනගන්නට ලැබෙන්නට මාස හයක් ගතවී තිබේ. එයද පොලිසියකට ලැබුණු පැමිණිල්ලක් අනුවය.
 
  
පොලිස් මාධ්‍ය ප්‍රකාශක විසින්ම මීට ඉහතදී ජනමාධ්‍යයට විස්තර කරන ලද පරිදි ජනවාරි මාසයේ සිට පවත්වාගෙන යනු ලැබූ 15 හැවිරිදි ගැහැණු ළමයකු අන්තර් ජාලයෙන් අලෙවි කිරීම සම්බන්ධ පළමු සැකකරුවා අත් අඩංගුවට ගෙන ඇත්තේ ජූනි මස 7 වැනිදාය. එයද ගල්කිස්ස මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක දිලීප පෙරේරා වෙත සාමාන්‍ය පුරවැසියකු විසින් දෙන ලද ඔත්තුවකට අනුවය. 
 
 
ළමා අධිකරණ සම්බන්ධයෙන් දැනුම් දුන් මාධ්‍ය හමුවේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ අන්තර්ජාලය සම්බන්ධ සිදුවන මෙන්ම එදිනෙදා සිදුවන ළමා අපයෝජන මැඩලීම උදෙසා නීතිය ක්‍රියාත්මක කිරීම පමණක් ප්‍රමාණවත් නොවන අතර, ඒ සම්බන්ධයෙන් ජනතාව ද දැනුවත් වියයුතු බවයි.
 
ඉන්දියාව හා දකුණු ආසියාවේ අනෙකුත් රටවල්වලට සාපේක්ෂක මෙරට ළමා අපයෝජන ඇත්තේ ඉතාමත් අඩු ප්‍රමාණයකින් වුවත් එය ශූන්‍ය බවට පත් කරගැනීම පොලිසියේ අපේක්ෂාව බව, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සඳහන් කර තිබේ.
 
අපරාධ සහ සංවිධානාත්මක අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි 2019 වසරේ අපරාධ සංඛ්‍යා ලේඛන උපුටා දක්වමින් 2020 වසරේ  හෙළි කර තිබුනේ ශ්‍රී ලංකාවේ සෑම පැය දෙකකට වරක්ම කුඩා දරුවකු අපචාරයට ගොදුරු වන අතර දිනකට අඩුම වශයෙන් ස්ත්‍රී දූෂණ හතරක් වාර්තා වන බවයි.
 
 
 
පැමිණිලි දොලොස් දහස පනී
 
1929 280x300 1 
ළමා අපයෝජන තොරතුරු දැනුම් දීමට 1929 කෙටි දුරකථන ඇමතුම්
 
 
 
ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ ජුලි මස මුලදී  මාධ්‍ය වෙත පවසා තිබුනේ ළමා අපයෝජන සම්බන්ධයෙන්වු පැමිණිලි දොළොස් දහස් එකසිය හැට පහක්  ගත වු  වසර එක හමාරේදී ලැබී ඇති  බවයි.
 
එම අධිකාරිය පවසන පරිදි ළමා අපයෝජන සම්බන්ධයෙන් මේ වසරේ මුල් මාස පහේදී ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 4000 කි.
 
ළමා අපයෝජන සම්බන්ධයෙන් දැනුම් දීම සඳහා 1929 කෙටි දුරකථන ඇමතුම් අංකය අමතන ලෙස ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය ඉල්ලා සිටී.
 
 
 
 
THE LEADER TV 
 
හඬපට ලීක් කරගෙන : පොලිස් ඇමති අමාරුවේ ! 
 
 
 
සයිනොෆාම් උස්සන ඉස්සිල්ල සැකයි! 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්