ජනතා විමුක්ති පෙරමුණ හා ඉන් ඉවත්වගිය පෙරටුගාමීන් අතර සංහිඳියාවක් ඇතිවීමේ ඉඩක් මතුවෙමින් තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. 
ගැඹූරු ආර්ථික හා දේශපාලන අර්බුදයට විසඳුම් සෙවීම ගැන දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කිරීමට තම පක්ෂය සුදානම් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් පවසයි.
 
වත්මන් ආණ්ඩුව විසින් ජනතාව මත ඇතිකර තිබෙන පීඩාව තවත් බලලෝභී දේශපාලන ක්‍රීඩාවකට ඉඩ නොදී සැබෑ ජනතා ජයග්‍රහණ වෙනුවෙන් දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා මාලාවක් ආරම්භ කරන බව ඔහු කියා සිටියි.
 
අද(21) නුගේගොඩ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී ඔහු වැඩි දුරටත් කියා සිටියේ,  මේ වනවිට ආණ්ඩුවේ අසාර්ථකභාවය සලකුණු කර ඇත්තේ පසුගිය කාලයේ ක්‍රියාත්මක වූ නවලිබරල් ධනවාදී ප්‍රතිසංස්කරණ හේතුවෙන් නිසා බවත් ජනතාව වෙනුවෙන් විකල්ප සොයන දේශපාලන ජයග්‍රහණ කරා යාම සඳහා මාර්ග සෙවිය යුතු බවත්ය.
 
 දැනටමත් මතුව තිබෙන ආණ්ඩු විරෝධයේ රැල්ලක් මගින් බලයට පත්වීමට ඇතැම් අවස්ථාවාදී නායකයන් කටයුතු කරන නමුත් ජනතාවගේ ගැටලුවලට විසඳුම් සෙවීම ප්‍රමුඛ අවශ්‍යතාව බව ඔහු අවධාරනය කළේය. 
 
 
 
හුදු බලමාරුවකට එහා ගිය ජනතා බලයක් ගොඩනැඟීමේ අරමුණින් විපක්ෂයේ මෙන්ම ආණ්ඩු පක්ෂයේ තෝරාගත් පක්ෂ කිහිපයක් සමග සාකච්ඡා කිරීමට සූදානම්වන බව මෙහිදී පෙ.ස.ප. ප්‍රධාන ලේකම්වරයා පැවසීය. 
 
ඔහු කියා සිටියේ බලයට පත්වන ආණ්ඩුවලට මගහැර යා නොහැකි, එවැනි බලයක් ගොඩනැඟිමේදී ජනතා ප්‍රශ්න වෙනුවෙන් මැදි‍හත්වන සියලු දේශපාලන බලවේග සමඟ අදහස් හුවමාරු කරගැනීමට අපේක්ෂා කරන බවය. 
 
''ජනතාව මුහුණ දෙන ගැටලු වෙනුවෙන් විසඳුම් ලබා දීමට ආණ්ඩුවට අවධානයක් නැති තත්වය තුළ සිදුවන්නේ ජනතාවගේ විරෝධතා රැල්ල විපක්ෂයේ බලලෝභී අරමුණුවලට පමණක් භාවිතා වීමය. මේ නිසා සැබැවින්ම ජනතා ගැටලු සම්බන්ධ විසඳුම් වෙනුවෙන් දේශපාලන ව්‍යාපාර විසින් ගෙන එන යෝජනා අවධානයට ගතයුතුව තිබෙන බව'' කුමාර් ගුණරත්නම් පැවසීය. 
 
මේ අරමුණ ඇතිව ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය, ශ්‍රිලංකා නිදහස් පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය සහ සමසමාජ පක්ෂය සමඟ සාකච්ඡා කිරීමට තම පක්ෂය අදහස් කරන බව ඔහු ප්‍රකාශ කළේය.
 
පෙ.ස.ප. ප්‍රධාන ලේකම්වරයා විසින් අවධාරනය කළ කාරණය වූයේ, මෙරට දේශපාලන ඉතිහාසයේ හැමවිටම සිදුවන ආකාරයෙන් ආණ්ඩු විරෝධයක් හරහා හුදු බලමාරුවකින් කෙළවර නොකරන ජනතා ව්‍යාපාරයක් ගොඩනැගීමේ අරමුණ ඇතිව පෙ.ස.ප අදහස් ඉදිරිපත් කිරීමටත් ඒ සම්බන්ධ සෙසු පක්ෂවලට ඇති අදහස් හා යෝජනා සම්බන්ධ සාකච්ඡාවක් ගැනීමටත් කටයුතු කරන බවයි.
 
මෙම විශේෂ මාධ්‍ය හමුවට පෙ.ස.ප. ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව සහ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ සහභාගි වූහ.
 
 
 

 
THE LEADER TV 
THE LEADER TV 
 
හඬපට ලීක් කරගෙන : පොලිස් ඇමති අමාරුවේ ! 
 
 
 
සයිනොෆාම් උස්සන ඉස්සිල්ල සැකයි! 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්