මානව හිමිකම් ක්ෂේත්‍රයේ විශාල දායකත්වයක් දැක්වූ නීතිඥ මනෝරි මුත්තෙට්ටුවේගම අභාවයට පත් වූවාය.
 
සරත් මුත්තෙට්ටුවේගම හිටපු කොමියුනිස්ට් පක්ෂ මන්ත්‍රිවරයාගේ බිරිය වූ ඇය, 1986 ඔහුගේ අභාවයෙන් පසු වඩාත් ධෛර්යයෙන් යුතුව ලංකාවේ මානව හිමිකම් හා පීඩාවට පත්වන ජනතා අයිතිවාසිකම් වෙනුවෙන් කටයුතු කළ නීතිඥවරියක් සිවිල් ක්‍රියාකාරිනියක් ලෙස සැළකිල්ලට ලක් වේ.
 
1987-89 අරගලයේදී අතුරුදන්වූවන් සම්බන්ධ පරික්ෂන කිරීමට 1994 පත් වූ පොදුජන එක්සත් පෙරමුණු ආණ්ඩුව පත් කළ අතුරුදන්වූවන් පිළිබඳ විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසමේ සභාපතිනිය ලෙස කටයුතු කළ ඇය ලංකාවේ විවිධ පළාත්වල රාජ්‍ය ත්‍රස්තවාදය හේතුවෙන් මර්දනයට ලක්වූවන් පිළිබඳ වසර 4ක් තිස්සේ සිදුකළ විධිමත් සාක්ෂ්‍ය විභාගයකින් පසුව දීර්ඝ වාර්තාවක් පිළියෙළ කිරීමට දායක වූවාය. 
 
2016දී යහපාලන ආණ්ඩුව විසින් ‘අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය’ ඇති කිරීමට පූර්වයෙන් පිහිටුවාගත් ‘සංහිඳියා යාන්ත්‍රනය උදෙසා ප්‍රවිචාරණ කාර්ය සාධන බලකායේ’ සභාපතිනිය ලෙස ඇය කටයුතු කළාය. 
 
සංහිඳියාව හුදු දේශපාලන සැරසිල්ලක් බවට පත් කරගත් පාලකයන් විසින් අතුරුදන්වූවන් දේශපාලන වේදිකාවල වෙන්දේසි කරමින් මනෝරි මුත්තෙට්ටුවේගම වැනි යුක්තිය වෙනුවෙන් වෙහෙස නොබලා කටයුතු කළවුන් ගෙන ගිය ක්‍රියාමාර්ග නිශ්ඵල කෙරිණි.
 
මෙරට පැරණි වාම ව්‍යාපාරයේ වාමාංශික නායකයකු වන කොල්වින් ආර් ද සිල්වාගේ දියණියක වූ ඇය කොළඹ මධ්‍යම පන්තික සමාජය නියෝජනය කළ නමුත් වාමාංශික දේශපාලන පසුබිම හේතුවෙන් සිය ජීවිතයේ පරමාර්ථය පීඩිත ජනයා වෙනුවෙන් මානව අයිතින් ආරක්ෂා කිරීමට වෘත්තියමය හා සමාජමය වශයෙන් කටයුතු කළාය. 
 
ලංකාවේ නීතිඥවරියන්ගේ සංගමයේ මෙන්ම ලංකා කාන්තා පෙරමුණේ ලේකම්වරිය ලෙසද ඇය කටයුතු කළාය. 
 
ඊට අමතරව ඇය, ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනිය මෙන්ම බරපතළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ ජනාධිපති කොමිසමේ සාමාජිකාවක් ලෙසද ඇය සිය දායකත්වය ලබා දුන්නාය.
 
(උපුටා ගැනීම් : lankaviews.com)
 
 

 
THE LEADER TV 
 
වරෙව් කන්ඩ තව තියෙනවා - හඩ්සන්
 
 
 
 
සයිනොෆාම් උස්සන ඉස්සිල්ල සැකයි! 
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්