පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.
ඒ, මන්ත්‍රීවරයාගේ නිවසේ සේවය කරමින් සිටියදී මියගිය 16 හැවිරිදි තරුණියගේ මරණය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණවලට අදාළවයි.
 
මෙම සිද්ධිය සම්බන්ධයෙන් රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ බිරිඳගේ පියා සහ දැරිය මෙම නිවසට රැගෙන ආ තැරුව්කරු ද අත්අඩංගුවට ගත් බවපොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසිය.
 
පොලිස් නිලධාරීන් කණ්ඩායමක් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසට, ඊයේ පැමිණ මන්ත්‍රීවරයාගේ බිරිඳගෙන් ප්‍රකාශයක් ද සටහන් කර ගෙන තිබිණ.
 
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ සේවය කළ 16 හැවිරිදි තරුණියක් මියයාම සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් 20 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේය.
 
ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් ඊයේ පස්වරුවේ රිෂාඩ් බදියුදීන්ගේ නිවසට පැමිණ ප්‍රකාශයක් සටහන කර ගැනීම සඳහා යයි කියමින් ඔහුගේ බිරිඳව රැගෙන ගොස් තිබිණ. අනතුරුව අද උදැසන 3.00 පමණ වෙනතෙක් ඇය ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉන් අනතුරුවය.
 
 ඔවුන් අද දිනයේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
 
 
 
බිරිඳගේ සහෝදරයාත් අත්අඩංගුවට:
 
ඒ අතර, හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිල නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටි 22 හැවිරිදි තරුණියක් අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රිෂාඩ් බදුර්දීන්ගේ බිරිඳගේ සහෝදරයකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසිය.
 
අත්අඩංගුවට ගත් සැකකරු මැදවච්චිය ප්‍රදේශයේ පදිංචි (44) පුද්ගලයකු බවද හෙතෙම කියා සිටියේය.
 
අමාත්‍යවරයාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිලිස්සුම් තුවාල ලබා මියගිය දැරියගේ මරණය සම්බන්ධයෙන් මීට පෙර මෙහෙකාර සේවයේ යෙදී සිටි බව කියන 22 හැවිරිදි සහ 32 හැවිරිදි කාන්තාවන් දෙදෙනකුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී මේ බව හෙළි කරගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
 
22 හැවිරිදි තරුණිය අමාත්‍ය වරයාගේ නිල නිවසේ සේවය කරමින් සිටියදී සැකකරු විසින් දෙවරක් ම ඇය අපයෝජනයට ලක්කර ඇති බවට තොරතුරු හෙළි කරගෙන ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
 
මෙම 22 දෙහැවිරිදි තරුණිය ඩයගම ප්‍රදේශයේ පදිංචිකාරියකි. 2015 වසරේ සිට 2019 වසර දක්වා ඇය මෙම නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිට ඇත.
 
මෙම තරුණියන් දෙදෙනා ද මෙම නිවසට සපයා ඇත්තේ ඉහත තැරැව්කරු බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
 
එම තරුණිය අපයෝජනය සම්බන්ධයෙන් වගකීම බාරගෙන ප්‍රකාශයක් ලබාදෙන ලෙස සැකකරුට පොලිසිය විසින් බලපෑම් කර ඇතත් ඔහු එය තරයේ ප්‍රතික්ෂේප කරමින් තමා එවැන්නකට සම්බන්ධ නැතැයි සඳහන් කර ඇතැයි ද වාර්තාවේ. 
 

 

 

 


 

 

THE LEADER TV 
 
රිෂාඩ්ගේ නිවසේ මෙහෙකාර දැරියගේ මරණය ගැන සැඟවූ තොරතුරු මෙන්න !
 
  
වරෙව් කන්ඩ තව තියෙනවා - හඩ්සන්
  
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්