ආර්ථික අර්බුදය හමුවේ විදේශීය විනිමය රට තුලට ගෙන්වා ගැනීම ඉලක්ක කොටගෙන
පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර තිබෙන පනත් කෙටුම් පතක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දු කරන්නැයි ලෙස ජනතා විමුක්ති පෙරමුණ හා සමගි ජන බලවේගය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටී.
ජවිපෙ මතය වන්නේ එම පනත කළු සල්ලි සුදු කිරීම අරමුණු කොට ගන්නා ලද්දක් බවය.
මුදල් ඇමැති ලෙස අගමැති මහින්ද රාජපක්ෂගේ අත්සනින් යුතුව පසුගිය සතියේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මුදල් සංශෝධන පනත් කෙටුම් පත තුලින් නීති විරෝධී ලෙස උපයාගෙන ඇති මුදල් නිත්‍යානුකුල කර ගැනීමට අවසර සළසා ඇති බව පෙත්සම්කාර හිටපු කෝප් කමිටු සභාපති හා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති සිය පෙත්සම මගින් දන්වා සිටි.
රටේ මුදල් රෙගුලාසි මෙන්ම දේශීය ආදායම් බදු පනත වැනි අණ පනත් නව සංශෝධනයෙන් දැඩි ලෙස උල්ලංඝනය වන්නේ යැයි ද සිය පෙත්සම මගින් දන්වා ඇති පෙත්සම්කරු එමගින් සෑම දෙනාම නීතිය හමුවේ සමාන ලෙස සැලකුම් ලැබිය යුතු බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හිමිකර දී ඇති මුලික අයිතිවාසිකම් උල්ලංඝනය වන්නේ යැයි ද පවසයි.
ජවිපෙ ඉල්ලා සිටින්නේ මෙම මුදල් සංශෝධන පනතට අයත් සියලු වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානයන්ට පටහැනි බවට තීරණය කරන ලෙසය.
නීතිඥ සුනිල් වටගල මගින් ගොනුකර ඇති පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ පාර්ලිමේන්තු මහ ලේකම් වරයා සහ නීතිපතිවරයා ය.
අදාළ පනත් කෙටුම් පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි හෙයින් එය සම්මත කරන්නේ නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සහ ජනමත විචාරණයකින් සම්මත විය යුතු බවට නියෝගයක් නිකුත් කරන ලෙසද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටි.
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත් කර තිබෙන "ස්වේච්ඡාවෙන් හෙළිදරව් කිරීම මත බද්ද" නම් මුදල් පනත මගින් නීති විරෝධී ආකාරයෙන් උපයාගෙන ඇති වංචනික මුදල් සුදු කිරීමට අවස්ථාවක් ලබා දී ඇති බව ජවිපෙ දේශපාලන මණ්ඩල සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති ජුලි 21 දා පැවති මාධ්‍ය හමුවක දී කියා සිටියේය.
ඉරාන් වික්‍රමරත්න ශ්‍රේෂ්ඨාධිකරණයට
මේ අතර සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න ද ආණ්ඩුවේ මෙම පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර ඇත.
THE LEADER TV
හංසමාලට දුන්න පෙට්‍ර්ල් ෂෙඩ් එක!
තලතාට මහින්දානන්ද කළේ ලිංගික අතවරයක් !