දේශප්‍රේමය කියන්නෙ හොඳටම ගණිකා වෘත්තියෙ යෙදවුන වචනයක් යයි ප්‍රවීන සමාජ විශ්ලේෂකයකු වන චින්තන ධර්මදාස පවසයි.

Faculty of Sex අධ්‍යක්ෂ චින්තන ධර්මදාස එබව කියා සිටියේ ' සැබෑ දේශප්‍රේමියෝ' පළමු මාධ්‍ය හමුවට එක්වෙමිනි. 
 
තරුණ ක්‍රියාකාරීන් පිරිසක් විසින් හිටපු අමාත්‍ය මංගල සමරවීරගේ ප්‍රධානත්වයෙන් යුතුව කොළඹ ඩාලි පාරේ  'ෆ්‍රීඩම් හබ්' (Freedom Hub) හි අද (ජුලි 25)  මෙම මාධ්‍ය හමුව සංවිධානය කරතිබිණ.
 
WhatsApp Image 2021 07 25 at 7.33.14 PM 1 
 
එහිදී අදහස් දැක්වූ චින්තන ධර්මදාස තවදුරටත් මෙසේද සඳහන් කළේය. 
 
''අසූ ගනංවල දේශප්‍රේමී කියල සංවිධාන තමන්ගෙ ප්‍රතිවාදීන්ව මරලා දැම්මා. ඊළඟට ඒක ආපහු ඇහුනෙ මහින්දගෙ කාලෙ. ඒ කාලෙදි දේශප්‍රේමී දේශද්‍රෝහී කියල කාන්ඩ දෙකකට රට බෙදුවා. දෙමළ මුස්ලිම් විරෝධය දේශප්‍රේමයේ ප්‍රධාන ලක්ෂනයක් වුනා. 
 
මේ ජාතිවාදී ආගම්වාදී ස්වභාවය කියන්නෙම අපේ රටේ මුල්බැහැගත්ත ලිංගික අවුලක්. ඒක හොඳටම තේරෙනවා මේ දේශප්‍රේමී රැල්ල ආවෙ පැලෝපීය නාල මිරිකන දොස්තරලා, වඳ කොත්තු, වඳ බ්‍රා වගේ දේවල් එක්ක. 
 
දේශප්‍රේමය කියල කිව්වෙ මූලිකව තමන්ගෙ පුරුෂ ලිංගික ශක්තිය ගැන ඇතිවුනු වියරු වැටුනු බයට. මේ අය අනිත් පැත්තෙන් සමලිංගික සහ අනෙක් ලිංගිකයන්ට විරුද්ධයි. ඒකටත් ෂුවර් නෑ තමන්ගෙ ලිංගිකත්වය හරියටම මොකක්ද කියල. 
 
ඔය ලිංගික භීතිකාව එන්නෙම හරියට තමන්ට තමන් ෂුවර් නැති වුනාම. ජාතිවාද ආගම්වාද එන්නෙම තමන්ගෙ යටපත් කරපු බාගලා දාපු ලිංගිකත්වයේ ප්‍රතිඵලයක් විදිහට. අප්පොච්චිලා, මහා වීරයො ඕන වෙනවා කියන්නෙ සෑහෙන ලිංගික ආතතියකින් ජාතිය පෙළෙනවා කියන එක. 
 
හාමුදුරුවරු බණට කියන්නෙ මොනවද? බිරිඳගෙ නිරුවත නොදැක ලිංගිකව හැසිරෙන්න කියල. ඒ කියන්නෙ ග්ලෝරි හෝල්. දැන් රටේ ඇත්ත තත්වෙ මොකක්ද?
 
  
රටේ මුහුද විනාශ වෙන මහා නැව් ගිල්ලන්න පුළුවන් පියුමි හංසමාලි දැම්මම. අනිත් පැත්තෙන් අවුරුදු පහලොවේ දැරියො ලිංගික අතවරවලට ලක්වෙනවා. පිච්චිලා මැරෙනවා. ඒ දැරිවියන් එක්ක යහන්ගත වෙන්න සඟ වෙද ගුරු ගොවි කම්කරු ජනතාව පෝලිමේ ඉන්නවා. 
 
 
කෝල් ඉවර වුනාම බුදු සරණයි කියනවා. හැමදාම රටේ වැඩියෙන්ම ප්‍රචලිත වෙන්නෙ අපචාර ගැන ගොසිප්. නිව්ස් නැති වුනාම මව මවා ලියනවා. සෙක්ස් නැතුව නිව්ස් එකක් නිව්ස් එකක් වෙන්නෙවත් නෑ. 
 
අවුරුදු පහලොවක ලිංගික ශ්‍රමිකයෙක් නීතිය ඉස්සරහට ආවම රටේ දරුවො ඉන්න අම්මලා ඈ එක්ක හිටපු මිනිස්සු ගනං කරනවා. ඇයව ගල් ගහලා මරන්න ඕන කියනවා. අපේ රටෙ සංස්කෘතිය රැකගන්න ඕන කියනවා.
 
හොඳට බලන්න. අපේ වාමාංශික පක්ෂත් දක්ෂිනාංශික පක්ෂත් සංස්කෘතිය රකින, ජාතිය ආගම රකින හැමෝමත් පෙලෙන එක දරුණු ආබාධයක් තියෙනවා. ඒ තමයි ලිංගික පීඩනය. ඒ හින්ද ඇතිවෙන ලිංගික කුහකකම. අපේ රටේ අපි දේශප්‍රේමය කියන්නෙ අන්න ඒ ලිංගික කුහකකමට. ඒ කියන්නෙ හිරකරගෙන ඉන්න බැරි ලිංගික හැඟීම් අනිත් මිනිස්සුන්ව පීඩාවට පත්කරන එක එක විදිවලින් එලියට පනිනවා.
 
  
ඉතින් අපිට වෙනවා මේ බොරු දේශප්‍රේමය වෙනුවට සැබෑ දේශප්‍රේමයක අදහස ගේන්න. ඒ කියන්නෙ මේ පොලොවට ආදරේ කරනවා නෙමෙයි. ඒ පොලොවෙ ජීවත් වෙන මිනිස්සුන්ට ප්‍රේම කරන්න. ජාති ආගම් ලිංග භේද නැති සමාජයක් ඇති කරන්න. එකෙක් අනිකාව සැක කරන්නෙ නැති, මිනිස්සු පුච්චලා ගල්ගහලා මරන්න යෝජනා කරන්නෙ නැති, නිදහසේ කතා කරන්න, ජීවත් වෙන්න පුළුවන් බිමක් ඇති කරන්න. ඒකයි සැබෑ දේශප්‍රේමය.
 
 
ඒකට පලවෙනි පියවර වෙන්නෙ අපි ජාතියක් විදිහට පෙලෙන දෙමළ මුස්ලිම් සිංහල හැමෝම කරේ තියාගෙන ඉන්න මේ වික්ටෝරියානු ලිංගික කුහකකමෙන් ගැලවෙන්න උත්සාහ කරන එකයි.
 

 
 
 
සබැඳි පුවත් :
 
 
 
 
 

 
THE LEADER TV 
 
 

බැසිල්, නාමල්වත් අන්දලා ?

 

 

අහෝ ශ්‍රි ලංකා ???- නාමල්ගේ ජපන් සවාරිය !
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්