සිරස , ශක්ති මාධ්‍ය ජාලය හිමි කැපිටල් මහරාජා සමූහයේ සභාපති ආර්. රාජමහේන්ද්‍රන් ගේ අවසන් කටයුතු බොරැල්ල සුසාන භූමියේදී අද  (ජුලි 25) දහවල් සිදු කෙරින.
 
මෙම අවස්ථාව සඳහා දේශපාලඥයින් ඇතුළු පිරිසක් බොරැල්ල සුසාන භූමියට එක්ව සිටියේය.
 
කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් කොළඹ නවලෝක පුද්ගලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ආර්. රාජාමහේන්ද්‍රන් අද අලුයම අභාවප්‍රාප්ත විය.
 
 
 
 
අග්‍රාමාත්‍ය වරයා ශෝකය පළකරයි 
 
 
කැපිටල් මහරාජා සමුහයේ සභාපති ආර් රාජමහේන්ද්‍රන්ගේ අභාවය වෙනුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ශෝක පණිවිඩයක් නිකුත් කර තිබිණ. 
 
අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය වෙනුවෙන් නිරන්තරයෙන් පෙනි සිටි ආර්.රාජමහේන්ද්‍රන් මෙරට රූපවාහිනිය සහ ගුවන් විදුලිය නව්‍යකරණයට ලක් කළ පෙරගමන්කරුවෙකු බවයි.
 
දක්ෂ ව්‍යාපාරිකයෙකු මෙන්ම සමාජ සේවකයෙකු ලෙස ආර් රාජමහේන්ද්‍රන් සිය යුතුකම් රට වෙනුවෙන් නොපිරිහෙලා ඉටු කළ අයෙකු බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කරයි.
 
මේ අතර කැපිටල් මහරාජා සමුහයේ සභාපති ආර් රාජමහේන්ද්‍රන් ගේ අභාවය මුලු රටටම පාඩුවක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
 
 
 
 
 
එජාපයේ ශෝකය පළවේ. 
 
 
අභාවප්‍රාප්ත ආර්. රාජමහේන්ද්‍රන් ගේ අභාවය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය ද ශෝකය ප්‍රකාශ කර ඇත.
 
අභාවප්‍රාප්ත ආර්. රාජමහේන්ද්‍රන් ගේ පවුලේ පවුලේ සාමාජිකයින්ට සහ හිත මිතුරන් ට සිය සාතීශය සංවේගය පලකරන කරමින් එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත්කර ඇත. එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.
 
කැපිටල් මහාරාජා සමූහයේ සභාපතිවරයා  ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ මාධ්‍ය ජාලයක් ඇතුළත් ව්‍යාපාරික අධිරාජ්‍යයක් ගොඩනඟා ගත් පුද්ගලයෙකි.
 
ආර්. රාජමහේන්ද්‍රන් මහතා මාධ්‍ය නිදහස සඳහා වූ කැපවීම සම්බන්ධයෙන් නොසැලී සිටියේය. 
 
ඔහුගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාවේ මාධ්‍ය ඉහළ  මට්ටමකට ඔසවා තබන ලදී. 
 
ඔහු තම රටට ආදරය කළ මිනිසෙකු වූ අතර මෙම වෙන්විම සමග අපේ ජාතියට ඔහු දැක්වූ දායකත්වය මග හැරෙනු ඇත. 
 
අභාවප්‍රාප්ත ආර් . රාජමහේන්ද්‍රන් මහතා ට  උත්තරීතර නිවන් සැප ලැබේවා ...
 
 
 
හිටපු මාධ්‍ය ඇමති මංගලත් සොව පළකරයි 
 
 
අභාවප්‍රාප්ත ආර්. රාජමහේන්ද්‍රන් ගේ අභාවය සම්බන්ධයෙන් හිටපු ජනමාධ්‍ය ඇමතිවරයකු වන මංගල සමරවීර ද ශෝකය පළකර තිබේ.
 
ඔහු එසේ සිය ශෝකය පළකර සිටියේ, කොළඹ ඩාලි පාරේ  'ෆ්‍රීඩම් හබ්' (Freedom Hub) හි අද පැවති 'සැබෑ දේශප්‍රේමියෝ' පළමු  මාධ්‍ය හමුවේදිය.
 
මංගල සිය මාධ්‍ය හමුවේ වැඩකටයුතු ආරම්භ කළේ, අභාවප්‍රාප්ත කිලී මහරාජා වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක් පවත්වා ඔහු වෙත ගෞරවාචාරය පුදකරමිනි.
 
 
  

 


THE LEADER TV 
 
 
අහෝ ශ්‍රි ලංකා ???- නාමල්ගේ ජපන් සවාරිය !
 
 
ජනාධිපතිගේ ඉඟියෙන් සිහින බොඳවූ කස්ටිය? 
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්