මේ දිනවල ඉතා ඉහළම මිලකට විකුණන සහල් මිල පාලනය කිරීම සඳහා නව ගැසට් පත්‍රයක් නිකුත් කිරීම වෙනුවෙන් ඇමති අමණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමට ආණ්ඩුව සූදානම් වන බව වාර්තා වේ.
බොහෝ විට හෙට දිනයේ ඒ වෙනුවෙන් ඇමති මණ්ඩල අනුමැතිය ලබා ගැනීමට ඉඩ තිබේ.
පසුගිය වසරේ සහල් නිෂ්පාදනයෙන් මෙම වසරේද මුල් මාස 05 සඳහා ප්‍රමාණවත්ව තිබියදීත් මේ වනවිට ආණ්ඩුවේ මිල පාලනයට කිසිසේත්ම අවනත නොවන පරිදි සහල සම්බන්ධ කළු කඩ මිලක් නියම වී ඇත.
මෙම තත්වය පාලනය කිරීමට සහල් මෙට්‍රික්ටොන් ලක්ෂයක් ආනයනය කිරීම සඳහා වෙළඳ ඇමතිවරයා කැබනට් අනුමැතිය ලබාගෙන තිබිණි.
නමුත් කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ සඳහන්කර තිබුණේ එසේ සහල් ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවය.
ආණ්ඩුවේ ඇමතිවරුන් මෙලෙස පරස්පර විරෝධී ප්‍රකාශයන් සිදුකෙරෙමින් තිබෙන අතර සහල ප්‍රමුඛ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන් අසීමිතව වැඩි වී තිබේ.
මීට පෙර සහල් මිල පාලනය සඳහා වත්මන් ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ පත්වීමෙන් පසු මේ වනවිට ගැසට් නිවේදන 4ක් නිකුත් කර ඇත.
THE LEADER TV
අහෝ ශ්‍රි ලංකා ???- නාමල්ගේ ජපන් සවාරිය !
ජනාධිපතිගේ ඉඟියෙන් සිහින බොඳවූ කස්ටිය?