2012 – 2015 ‘ග්‍රීසියේ සිදු වූ ආර්ථිකය බිඳ වැටීම, මේ සතියේ ලංකාවේ සිදු වන්නේ නැත.  නමුත් තව මාස තුන හතරක්  ගැන විශ්වාසයක් ද නැත. 
 
ලංකාව ජූලි 30 දිනට ඩොලර් මිලියන 106.5 ක ණයක් ගෙවිය යුතුය.  එයින් කොටසක් ගිය සතියේ ගෙවා ඇත. ජූලි 28 මහ බැංකුව බැඳුම්කර නිකුතුවකින් රු. මිලියන 47,500 ක් සොයා ගැනීමට උත්සහ කරයි. එය සාර්ථක වන්නේ නම් ලංකා ආර්ථිකය ජූලි මාසයට සුරක්ෂිතය.
 
ආණ්ඩුව විදේශයන්ට ඩොලර් බිලියන 35.1 ක් ණය බව විදේශ සම්පත් දෙපාර්තමේන්තුව කියයි.  
 
ඊට අමතරව ලංකා සමාගම්, ද විදේශ බැංකුවලට ණය ය.  2018 දී ඩොලර් බිලියන 88 ක් වූ ලංකාවේ දළ දේශීය නිෂ්පාදනය 2020 දී බිලියන 81 ට අඩු විය. රටේ ණය වැඩි වන අතර නිෂ්පාදනය/ආදායම අඩු වේ. 
 
  
එදා ග්‍රීසිය යුරෝ බිලියන 1.6 ක ණයක් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට ගෙවන්නට තිබුණි. නියමිත දිනට ණය ගෙවීමට නොහැකි විය. දින 20 කින් ග්‍රීසිය ණය ගෙවා අවසන් කරන විට ඔවුන්ට බංකොළොත් ලේබලය ඇලවී තිබුණි. රටවල් දෙකේම කතාව එකය.
 
 trc to launch lotus tower by dec 2021
 නෙළුම් කුළුණ
 
 
විදේශ බැංකුවලින් වාණිජ්‍යමය පදනමින් ණය ලබා ගෙන අපි  ආර්ථික වාසියක් නැති මත්තල ගුවන්තොටුපල, හම්බන්තොට වරාය, ශ්‍රවනාගාර, ක්‍රිකට් පිට්ටනි, නෙළුම් කුළුණුවල වැනි තැන් වල ආයෝජනය කළේය. අපේ ණය බරෙන් 47% ක් විවෘත වෙළෙඳපොළෙන් ගත්ත ණය යි.
 
‘ග්‍රීසිය ණය වෙලා කිරි හරකෙක් අරං, බාබාකිව් දැම්මා‘ ආර්ථික විශේෂඥයින් කියති. ලංකාව ‘ණය අරං බල බලා ඉන්නට නෙළුම් කුළුණක් හයි කර ගත්තේය‘.  
 
රටේ මුළු ණය බරෙන් 13%ක් ආසියානු සංවර්ධන බැංකුවට ය. චීනයට 10%ක්, ජපානයට 10% ක්, ලෝක බැංකුවට 9% ක් ගෙවිය යුතුය. ඉන්දියාවට 2% කි. දැන් අපිට වැඩිපුරම ණය දෙන්නේ චීනය යි. ලබන වසරේ දී අපි  ආසියානු සංවර්ධන බැංකුවට වඩා චීනයට ණය වනු ඇත.  
 
අද ලංකාවේ අද මුල්‍ය සංචිත ඩොලර් බිලියන 3.5 කි. ආනයන සඳහා යන්තම් මාස දෙක හමාරකට ප්‍රමාණවත් ය. එයිනුත් මිලියන 500 ක් රත්‍රං සංචිත ය. 
 
ජූලි 30 දිනට ණය ලෙස ඩොලර් මිලියන 106.56 ක් ගෙවිය යුතුය. බල නහරය කැපූ මිනිසෙකුගේ සිරුරෙන් රුධිරය ගලා යන්නා සේ ඩොලර් සංචිතය වියැකී යමින් ඇත.
 
 
ශ්‍රී ලංක මහ බැංකුව රට ඇතුලෙන් රු. බිලියන 922 ක් ණය ලබා ගෙන ඇත. 2020 දී අච්චු ගැසූ රු. බිලියන 266 ක් බැංකු පද්ධතියේ තිබිය දී, 2021 ජනවාරි - මැයි තවත් රු. බිලියන 131 ක් අච්චු ගසා ඇත.
 
 
 
සල්ලි අච්චු ගැසුවාට පොල් ගෙඩි, හාල්, පාන්  අච්චු ගසන්නට බැරිය. සල්ලි කොළ - කාසි ඇතත්, ඉල්ලුමට බඩු නැත. 
 
රටේ බඩු මිල බලා සිටිය දී ඉහළ යමින් තිබේ. කඩවල ටයර්, බාත්රූම් කට්ටල, ක්‍රීම්, පවුඩර්, චොකලට්, වාහන, විදුලි උපකරණ නැත. ආනයන සීමා කර ඇත. Kirthi 2021.07.26
 
නමුත් 2020 මැයි මාසයට වඩා පසුගිය මාසයේ ඩොලර් මිලියන 1053 ක් බඩු ගේන්නට වැයවී ඇත. ඒ පොහොර තහනම් කොට, ඖෂධ වැනි අත්‍යවශ්‍ය දෑ සීමා කර තිබිය දී ය. 
 
ගෑස් ආනයනයට ණයවර ලිපි විවෘත කළ නොහැකි පසුබිමකය. ලබන මාසයට ඉන්ධන සඳහා ඩොලර් සොයා ගැනීම ප්‍රශ්ණයකි.
 
 
2020 පොහොර ආනයනයට අවශ්‍ය වූවේ ඩොලර් මිලියන 250 ක් පමණී. කිරි (පිටි හා ආශ්‍රිත දෑ) සඳහා ඩොලර් මිලියන 333 ක් වැය කර ඇත. කාබනික ආහාර ප්‍රෝඩාව රටට ආහාර නැති කළේය. දැන් කිරි ආනයනය නැවැත්වීමට කාලය පැමිණ ඇත. ගෑස් මිල ඉහළ දැම්මේ ගෑස් නැති වූ විටය.
 
 
රටේ ආනයන වියදමෙන් 15% ක් හෙවත් ඩොලර් මිලියන 2750 ක් ඉන්ධන ආයනයන සඳහා අවශ්‍ය වේ.  ඩීසල්, පෙට්‍රල් ගේන්න මුදල් නැති නම් ඉන්ධන සීමා කිරීමට සිදු වේ. සලාක ක්‍රමය පෝලිම් ක්‍රමය ඇතිවන්නේය.
එවැනි තත්වයක් මතු වන්නේ නම් රටේ විදුලි අර්බුදයක් නොවැලැක්විය හැකි වනු ඇත. කර්මාන්ත ශාලා නිෂ්පාදන අඩපණ වන්නේය.
 
මෙවැනි අර්බුදවලට 2012 හා 2015 ග්‍රීසය, 1998 රුසියාව, 2000 කෙන්යාව හා සිම්බාබ්වේ, 2020 ආජන්ටිනාව, 2017 වෙනිසියුලාව මුහුණ දුන්නේය.
 
මේ සතිය සුරක්ෂිතය. නමුත් කළු සල්ලි හෝ සුදු සල්ලි ලෙස ඩොලර් කන්දරාවක් රටට නොලැබේ නම් අප සිටින්නේ එවැනි බිඳ වැටීමක පාමුල ය.
 
 
 
ජනාධිපතිට යු ටර්න් එකක් ගන්නම වෙනවා - මංගල 
 
 
WhatsApp Image 2021 07 25 at 7.33.14 PM 1 
 
 
මේ අතර හිටපු මුදල් අමාත්‍යවරයකු වූ මංගල සමරවීර රටේ වත්මන් ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ, වත්මන් රජය වහාම නිවැරදි මුල්‍ය ක්‍රියා මාර්ගයක් නොගතහොත් ශ්‍රී ලංකාව බංකොලොත් රටක් ලෙස ජාත්‍යන්තර වශයෙන් හංවඩු ගසන දිනය අතළඟ බවයි.
 
ඔහු එබව කියා සිටියේ, කොළඹ ඩාලි පාරේ 'ෆ්‍රීඩම් හබ්' (Freedom Hub) හි ඊයේ (ජුලි 25) පැවති 'සැබෑ දේශප්‍රේමියෝ' මාධ්‍ය හමුව අමතමිනි.
 
 රටේ වත්මන් මුල්‍ය අර්බුදය ඔහු මෙසේ පැහැදිලි කළේය.
 
''ඊළඟ සතියේ ජූලි 27 වෙනිදාට පෙර අපිට, 2011 ගත්ත ණයක් වෙනුවෙන් ඩොලර් බිලියනයක් ගෙවන්නට වෙනවා. එපමණක් නොව මේ වසරේ දෙසැම්බර් වලදී ඇමරිකන් ඩොලර් බිලියන 1.3 පමණ Sri Lanka Development Bond ගෙවන්නට තිබෙනවා.
 
  
මම මුදල් ඇමති ලෙස 2019 දී බාර දෙන විට භාණ්ඩාගාරයේ තිබුණු ඩොලර් බිලියන 7.6ක් පමණ වූ විදේශ විනිමය සංචිතය, 27 වෙනිදට පස්සේ ඉතිහාසයේ අවම ශේෂය වාර්තා කරමින් ඩොලර් බිලියන 1.6ට පමණ අඩු වෙලා පතුලටම වැටෙනවා.
 
 
අපේ ජාතික ආදායම රුපියල් බිලියන 600කින් පමණ අඩුවෙමින්, පසුගිය දශක 7දී ලබාගත් අඩුම ආදායම වාර්තා වුණෙත් 2020 දීය.
 
1988 න් පස්සේ විශාලතම අයවැය පරතරය 2020දී වාර්තා වුණා.
 
වර්ධනය වෙමින් තියෙන අයවැය පරතරය පියවීමට, ඉතිහාසයේ වසරකදී අච්චු ගැසු වැඩිම මුදල අච්චු ගහන්නට මහබැංකුවට සිදු වුණෙත් පසුගිය වසරේදීයි.
 
ඊට අමතරව 2020 වසරට පමණක් රජය අලුතෙන් ලබාගත් ණය ප්‍රමාණය තවත් රුපියල් ට්‍රිලියන 2කින් පමණ වැඩිවෙලා.
 
මේ නිසාම මේ තත්වය තුළ, රටේ මහා පොහොර හිඟයක් ඇතිවෙලා තියෙනවා. ඒ වගේම පිටරටින් ගෙන්වන බෙහෙත් ද්‍රව්‍යවල බරපතළ හිඟයක් ඇති වෙමින් තියෙනවා. ඉන්ධන වලට ඩොලර් බිලියන 1.2ක් පමණ ගෙවන්නට ඇති නිසා , ඉතා ඉක්මනින් ඉන්ධන හිඟයක් ඇතිවෙන්නට වැඩි ඉඩක් තිබෙනවා.
 
මේ සියල්ල හරහා සාමාන්‍ය ජනතාවගේ බඩගින්නද දිනෙන් දින වැඩි වෙමින් පවතිනවා.''
 
රට  මුහුණදී සිටින මෙම අනතුරුදායක තත්ත්වයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට පමණක් දොස් පැවරීමට නොහැකි බව පැවසු හිටපු මුදල් ඇමතිවරයා, රට යලි නිසිමගට ගැනීමට ජනාධිපතිවරයා 'යු ටර්න්' එකක් ගතයුතු බවද කියා සිටියේය.
 
හිටපු අගමැති, එජාප නායක රනිල් වික්‍රමසිංහ ද පසුගියදා සඳහන් කර සිටියේ, ආර්ථිකය ගොඩනැඟීමට ජාත්‍යන්තතර මූල්‍ය අරමුදලින් ණය ගැනීම හැර විකල්පයක් නොමැති බවයි.
 
 
 

 
 
 
 
IMF එකෙන් ණය ලබා ගැනීම ආර්ථික අර්බුදයට විසඳුම නෙමෙයි….! - ජනාධිපති ලේකම් 
 
  
 emanisa
 
 
කෙසේවුවද වර්තමානයේ මෙරට ආර්ථිකය හසුරුවන ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර පවසන්නේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ආධාර ලබා ගැනීමට රජයට දැනට උවමනාවක් නැති බවයි.
 
අපේ රටට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහභාගිත්වය අවශ්‍ය ද නැද්ද යන්න මේ වෙලාවේදී වැදගත් වන්නේ නැති බවත් අඩපණ වූ සංචාරක ව්‍යාපාරය යථා තත්ත්වයට පත්කිරීමට හෝ අඩපණ වූ අපනයන කර්මාන්තය නගා සිටුවීමට එම සංවිධානයට බැරි බවත් ආචාර්ය ජයසුන්දර පෙන්වා දෙයි.
 
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා මුදල් ලබා ගැනීමෙන් ක්ෂණික ආර්ථික වර්ධනයක් වීම ඉදිරි මාස හයේදී සිදුවන්නේ නම් සහ සංචාරක ව්‍යාපාරය වහා වර්ධනය වී ඩොලර් බිලියන දෙකක ආදායමක් ගලා එන්නේ නම් එසේ මුදල් ලබා ගැනීම වරදක් නොවන බව හෙතෙම පවසයි. 
 
එහෙත් මුදල් ණයට ගැනීමේ වැඩපිළිවෙළ තුළ ඒ ආකාරයේ ආර්ථික විසඳුම් ලැබෙන වැඩපිළිවෙළක් නැති බව ද ඔහු කියයි.
 
මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයකු ද වන පී. බී. ජයසුන්දර තව දුරටත් සඳහන් කළේ නව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ සමග තමා ඉතා කිට්ටුවෙන් කටයුතු කරන බවය.
 
 

 
 
THE LEADER TV 
 
බැසිල්, නාමල්වත් අන්දලා ?
 
 
අහෝ ශ්‍රි ලංකා ???- නාමල්ගේ ජපන් සවාරිය !
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්