ප්‍රසිද්ධ රංගන ශිල්පිනියක් වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී උපේක්ෂා ස්වර්ණමාලි කටුගස්තොට පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
 
ඒ, රිය අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙනි.
 
ඇය පෙරේදා (24) දින රාත්‍රී 11 ට පමණ මහනුවර දිසාවේ සිට කුරුණෑගල දිසාව දෙසට ගමන් කරමින් සිටියදී කටුගස්තොට පොලිස් බල ප්‍රදේශයේ නුගවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසලදී විරුද්ධ දිශාවෙන් පැමිණි යතුරු පැදියක ගැටීම හේතුවෙන් මෙම අනතුර සිදුවී ඇති බව පොලීසිය පවසයි.
 
අනතුරින් තුවාල ලැබූ 18 හැවිරිදි තරුණයෙකු පේරාදෙණිය රෝහලට ඇතුළත් කළ බවත් ඇය බීමතින් සිට ඇද්දැයි අත්අඩංගුවට ගත් අවස්ථාවේ දී ම ශ්වසන පරීක්ෂණයට ලක් කොට ඇති අතර ඇය බීමතින් නොසිටි බවත් පොලිසිය සඳහන් කරයි.
 
අත්අඩංගුවට ගත් සැකකාරිය අද දින අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
 
(news19.lk)
 
 

 
 
THE LEADER TV 
 
බැසිල්, නාමල්වත් අන්දලා ?
 
 
අහෝ ශ්‍රි ලංකා ???- නාමල්ගේ ජපන් සවාරිය !
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්