ඇස් උගුල්වා කුරිරු ලෙස වැලිකඩ සිරමැදිරි යේදී මරා දැමුණු

ටෙලෝ සංවිධානයේ නායකයන් සිහිකරන 83 ජුලි සංහාරක සැමරුමක් උසාවි නියෝගයකින් තහනම් කර තිබේ.

දෙමල ඊළාම් විමුක්ති සංවිධානය නොහොත් ටෙලෝ හි මඩකලපුව ගෝවින්දන් වීදියේ පිහිටි දිස්ත්‍රික් කාර්යාලය මගින් ජුලි 25 සිට 27 දක්වා 83 වැලිකඩ සිරමැදිරියේදී සිංහල සිරකරුවන් විසින් මරා දැමුණු සිය නායකයන් හා සෙසු දේශපාලන සිරකරුවන් සියලු දෙනා සිහිපත් කිරීමට මෙම සැමරුම් වැඩසටහන සංවිධානය කළ බව ටෙලෝ සංවිධානය පවසයි.

telo

සංවිධායක ඉන්ද්‍රකුමාර් ප්‍රසන්නා වෙත මඩකළපුව මහේස්ත්‍රාත් අධිකරණය දන්වා ඇත්තේ පවතින කොවිඩ් වසංගතය පැතිර යාමේ අවධානමක් තුල සෞඛ්‍ය හේතු මත මෙම සැමරුම අත්හිටුවන බවය.

මහේස්ත්‍රාත් අධිකරණය මේ නියෝගය නිකුත් කර ඇත්තේ අදාළ ජූලි සංහාරක සැමරුම ගැන මඩකළපුව පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක වරයා විසින් ලබා දුන් වාර්තාවක් සැළකිල්ලට ගනිමින්ය.

 

මහේස්ත්‍රාත් අධිකරණය මේ නියෝගය නිකුත් කර ඇත්තේ අදාළ ජූලි සංහාරක සැමරුම ගැන මඩකළපුව පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක වරයා විසින් ලබා දුන් වාර්තාවක් සැළකිල්ලට ගනිමින්ය.

 

1981 අප්‍රේල් මස ඉන්දියාවට යාත්‍රා කරමින් සිටියදී සෙල්වරාජා යෝගචන්ද්‍රන් හෙවත් කුට්ටිමනී , ගනේෂනාදන් ජෙගනාදන් හෙවත් ජෙගන්, සුබ්‍රමනියම් දේවන්, නඩරාජා සිවපතම් හෙවත් සිවපාලන් මාස්ටර් , නඩේසුදාසන්හා නඩරාජා තංගවේලු නොහොත් තංගදුරේ ටෙලෝ සංවිධානයේ නායකයන් පිරිස හමුදාව මගින් අත්අඩංගුවට ගනු ලැබුවේ සැක කටයුතු බෝට්ටුවක් පරික්ෂා කිරීමේදීය.

KTTT72212

ඊට සති දෙකකට පෙර 1981 මාර්තු 25 වැනිදා වඩමරාච්චියේ සිට යාපනයට ආපසු එමින් සිටි මහජන බැංකුවට අයත් වෑන් රථයක් යාපනය - පේදුරුතුඩුව මාර්ගයේ නීර්වේලිහිදී මංකොල්ල කෑමට ලක්විය. එහිදී රුපියල් මිලියන 8 ක මුදලක් මංකොල්ලයට කුමන්ත්‍රණ කිරීම සහ සිදු කිරීම යන චෝදනා වලට කොළඹ මහාධිකරණය හමුවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මෙම පිරිසට එරෙහිව නඩු පවරන ලැබුණි . ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ලංකා ඉතිහාසයේ පවරන ලද දෙවන නඩුව ලෙසය.

1982 නොවැම්බර් 02 වැනිදා ආරම්භ වූ නඩු විභාගය නිමාවට පත්කරමින් අධිකරණය 1983 පෙබරවාරි 24 වැනිදා තීන්දුව ප්‍රකාශයට පත්කලේ චූදිත සය දෙනාම වැරදිකරුවන් කරමින් ඔවුන් සියල්ලන්ටම බරපතල වැඩ ඇතිව ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කරමින්ය.

නඩු විභාගයේදී සිය පැහැදිලි කිරීම් ඉදිරිපත් කරමින් කුට්ටමනි කියා සිටියේ ‘අපි ජාතිවාදීන් නොවෙමු සිංහල ජනයාගේ අයිතිය උදුරා නොගනිමු. අපි අපේ සටනේදී සිංහල ජනතාව ආදරයෙන් සිහි කරමු. ඔවුන්ගේ සාධාරණ සටන්වලදී අපගේ සහයෝගය පළ කරමු. එලෙස අපගේ විමුක්තිය සටනට සිංහල ජනයා සහාය දිය යුතුය. අනෙකාගේ නිදහස ගැන උනන්දු නොවන පුද්ගලයා තමාගේ නිදහස ද වළලා ගනී. අපට අත්වූ ඉරණම ශ්‍රි ලංකාවේ ජනතාවට මතු දිනෙක අත්වනු ඇත. එදාට අලිමංකඩ වධ කඳවුර හම්බන්තොටට ගෙන යනු ඇත. ගුරුනගර් වධ කඳවුර කුරුණෑගලට ගෙන යනු ඇත. අද දෙමල තරුණයන් වෙනුවට එදා සිංහල තරුණයන් ඒවායේ වධ විඳිනු ඇත.’ බවය.

Kuttimani

 

‘අපි ජාතිවාදීන් නොවෙමු සිංහල ජනයාගේ අයිතිය උදුරා නොගනිමු.
අපි අපේ සටනේදී සිංහල ජනතාව ආදරයෙන් සිහි කරමු.
ඔවුන්ගේ සාධාරණ සටන්වලදී අපගේ සහයෝගය පළ කරමු.
එලෙස අපගේ විමුක්තිය සටනට සිංහල ජනයා සහාය දිය යුතුය.
අනෙකාගේ නිදහස ගැන උනන්දු නොවන පුද්ගලයා තමාගේ නිදහස ද වළලා ගනී.
අපට අත්වූ ඉරණම ශ්‍රි ලංකාවේ ජනතාවට මතු දිනෙක අත්වනු ඇත.
එදාට අලිමංකඩ වධ කඳවුර හම්බන්තොටට ගෙන යනු ඇත.
ගුරුනගර් වධ කඳවුර කුරුණෑගලට ගෙන යනු ඇත.
අද දෙමල තරුණයන් වෙනුවට එදා සිංහල තරුණයන් ඒවායේ වධ විඳිනු ඇත.’
- කුට්ටමනි

 

මේ ප්‍රකාශය සිදු කර පස් මසකට පසු ඇවිල ගිය කළු ජූලි සංහාරයේදී වැලිකඩ රක්‍ෂිත බන්ධනාගාරගතව සිටි තංගදුරෙයි සහ කුටිට්මනී ඇතුළු දෙමළ දේශපාලන සිරකරුවන් පනස් හතර දෙනෙක් සිංහල සිරකරුවන් විසින් සිර මැදිරි තුළදීම කපා කොටා මරා දමන ලද්දේ රැකවලට කැඳවා සිටි ආරක්‍ෂක හමුදාවන්ගේ සහ බන්ධනාගාර අධිකාරීන්ගේ පූර්ණ අනුබලය සහ අනුග්‍රහය යටතේය.

ඇස් උගුල්වා ඉතාමත් අමානුෂික ලෙස මරා දැමුණු කුට්ටමනි ඇතුළු 35 දෙනා 1983 ජූලි 25 වැනිදා ඝාතනය කළ සිංහල සිරකරුවෝ බන්ධනාගාර අංගනයේ පිහිටුවා ඇති බුද්ධ ප්‍රතිමාව අභියස ගොඩගසන ලද සිරුරු අතර පණ ඇතිවුන් සොයා මියයන තුරු පහර දුන්හ.

fgdfgfg

අනතුරුව ජූලි 27 වැනිදා යළිත් දෙමළ සිරකරුවන් රඳවා සිටි පළමු මහලේ තරුණ වාට්ටුවට කඩා වැදුණු සිංහල සිරකරුවන් විසින් ගාන්ධියම් ව්‍යාපාරයේ නායකයෙක් වූ දොස්තර රාජසුන්දරම් ඇතුළු තවත් 19 දෙනෙකු මරා දමන ලද මුත් ජිවිත s a davidආරක්ෂාව වෙනුවෙන් හැකි උපරිමයෙන් සටන් කිරීමෙන් එහි දී දිවි ගළවා ගත්වුන් අතර වත්මන් රාජපක්ෂ ආණ්ඩුවේ ධිවර ඇමති ඩග්ලස් දේවානන්ද, තම්බිපිල්ලේ මහේෂ්වරන් නොහොත් පනාගොඩ මහේෂ්වරන් , ඊරෝස් සංවිධානයේ අන්තොනිපිල්ලේ අලගිරි , ගාන්ධියම් ව්‍යාපාරයේ එස්, ඒ ඩේවිඩ් ඇතුළු කිහිප දෙනෙක් විය.

සිය අත්දැකීම් අළලා එස්, ඒ ඩේවිඩ් විසින් පසු කලෙක ඒ පිළිබඳව ලියා ඇති අතර අන්තොනිපිල්ලේ අලගිරි වරක් ජේ ඩී එස් වෙබ් අඩවිය වෙත ප්‍රකාශ කර තිබුණේ වැලිකඩ අමානුෂික ප්‍රහාරය මෙහෙයවනු ලැබුවේ ඉතාලියේ අලිතාලිය ගුවන් සේවයට අයත් ගුවන් යානයක් පැහැර ගැනීමේ වරදට වැලිකඩ සිරභාරයේ සිටි සේපාල ඒකනායක බවය.

ටෙලෝ නායක කුට්ටමනී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස නම් කිරීමට ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ කටයුතු කළ ද ජීවිතාන්තය දක්වා සිරදඩුවම් ලබා සිටින බැවින් මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දීමට පාර්ලිමේන්තුවට රැගෙන ඒමත් එවකට කථානායක බාකීර් මාකර් ප්‍රතික්ෂේප කළේය.

 

 
THE LEADER TV 
 
බැසිල්, නාමල්වත් අන්දලා ?
 
 
අහෝ ශ්‍රි ලංකා ???- නාමල්ගේ ජපන් සවාරිය !
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්