සුමීර ගුණසේකර (ජායා -dailymirror.lk)
ශ්‍රී ලංකාව යලි ගොඩනැගීමට නම් සියලු ශ්‍රී ලාංකිකයින් තමන් සිතන පතන විදිය වෙනස්කරගත යුතු යයි තරුණ සමාජ ක්‍රියාකාරිකයකු වන සුමීර ගුණසේකර පවසයි.
 
 '' අපි වෙනස් කරන්න ඕනේ වෙන මොනවත්ම නෙවෙයි අපි හිතන විදිය.'' ඔහු එසේ අවදාරණය කර සිටියේ, කොළඹ ඩාලි පාරේ 'ෆ්‍රීඩම් හබ්' (Freedom Hub) හි පසුගිය ඉරිදා  (ජුලි 25) පැවති 'සැබෑ දේශප්‍රේමියෝ' මාධ්‍ය හමුව අමතමිනි.
 
හිටපු අමාත්‍ය මංගලගේ ප්‍රධානත්වයෙන් පැවති එම මාධ්‍ය හමුවේදී තරුණ තරුණියන් කිහිපදෙනෙකුම අදහස් දැක්විය. 
 
 
 
214541885 3689699651131006 2936244886023178746 n
 
එහිදී තව දුරටත් අදහස් දැක්වූ සුමිර මෙසේද පැවසිය.
 
 
 
''මුලින්ම කියන්න ඕනේ ශාරිරිකව ආබාධිත වුණ මනුස්සයෙක් විදියට මානසිකව ආබාධ වුණ සමාජයකටයි මම මේ කතා කරන්නේ. 
 
පොඩ්ඩක් හිතලා බලන්න අපේ රට අවුරුදු 30ක් යුද්ධයෙන් බැට කාපු රටක්.  මේ කලු ජූලියෙන් කොච්චර පිරිසක් ආබාධිත වුණාද? මිය ගියාද? 
 
ඉතින්  උපතින් ආබාධිත වුණ මනුස්සයෙක් විදියට ශාරිරිකව ආබාධිත වුණ මනුස්සයෙක් විදියට ඔබට අමතක වුණ, මානසිකව ඔබ අමතක කරපු එක කරුණක් මතක් කරන්න ඕනේ. 
 
පළවෙනිම කාරණාව තමයි ආබාධිත මනුෂ්‍යයෙකුට මේ ශ්‍රී ලංකාවේ තිබෙන අයිතිවාසිකම් මොනවාද? ඔබ හඳුනන මේ කැමරාව පිටුපස ඉන්න මාධ්‍යවේදියෝ මේ කැමරාව තුළින් අපි දිහා බලාගෙන ඉන්න ජනතාවට මේ තරුණ පරම්පරාවෙන් මම අහනවා ඔබ හඳුනන මිනිස්සු ඉන්නවා  ආබාධිත වුණ, මොවුන් ගැන ඔබ හිතලා තිබෙනවාද? 
 
අවුරුද්දේ එක දවසකට විතරක් සීමා වුණ ආබාධිතයන්ගේ දවසකට මේ රටේ බොහෝ පිරිස් ඉන්නවා ආබාධිත වෙලා. 
 
ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳව එක්සත් ජාතින්ගේ ප්‍රඥප්තියේ සඳහන් වෙනවා සම අයිතිවාසිකම් තියෙන්න ඕනේ ආබාධිත වුණ මිනිස්සුන්ට. උපතින් හෝ පසුකාලීනව ආබාධිත වුණ සියලුම මිනිස්සුන්ට සම අයිතිවාසිකම් තිබෙන්න ඕනේ කියාලා.
 
මට අතක් තියෙනවා ත්‍රි රෝද රථයක් ඔන්ලයින් ඕඩර් කරලා යන්න. හැබැයි කකුල් දෙකක් නැති මනුස්සයෙක් කොහොමද ඒ අයිතිවාසිකම ලබා ගන්නේ? 
 
 
''අපි වෙනස් කරන්න ඕනේ අපි හිතන විදියයි ''
 
 
 
අපි කියනවා ලංකාව කියන්නේ සංවර්ධනය වෙමින් පවතින රටක් කියලා, මංගලගෙ තරුණ කාලෙත් කියන්න ඇති ලංකාව කියන්නේ සංවර්ධනය වෙමින් පවතින රටක් කියලා. අපේ දරුවන්ටත් කියන්න වෙන්නේ අපි සංවර්ධනය වෙමින් පවතින රටක් කියලා අපි  කොච්චර අසරණද?  
 
අපි වෙනස් කරන්න ඕනේ වෙන මොනවත්ම නෙවෙයි අපි හිතන විදිය. ඉතින් තරුණ පරම්පරාවේ පළවෙනිම කරුණ වෙන්න ඕනේ  තාප්පවල චිත්‍ර අඳින එකවත්, හැමෝම කතා කරන මතෘකාවලට හූ කියන එකවත්, අත උස්සන එකවත් නෙවෙයි. අපි කතා කරන්න ඕනේ මේ වගේ කතා නොකරන මාතෘකාවන් ගැන. 
 
ඒ වගේ සංවේදි මාතෘකාවලට ඔබ ඇහුම්කන් දුන්නොත් තමයි මේ අපේ තරුණ පරම්පරාව බලාපොරොත්තු වෙන හෙටක් අපිට උරුම කරගන්න පුළුවන් වෙන්නේ. 
 
 
  
වයස අවුරුදු 18න් පස්සේ මව පියා අහිමි වුණ දරුවෙක් සමාජගත වෙන්නේ කිසිම හව් හරණක් නැතිව. මෙවැනි සංවේදී මාතෘකාවන්වලට ඇහුම්කන් දෙන පරම්පරාවක් තමයි මේ මැද මාවතෙන් අපි යෝජනා කරන්නේ
 
තව එකම එක කාරණයක් කියන්නම්.  වයස අවුරුදු 18න් පසුව පරිවාස භාරයෙන් ඉවතට යන ඒ කියන්නේ මව පියා නැතිව සමාජගත වන දරුවන්ගේ හෙට දවස ගැන මේ රජය හෝ පත් වෙන්න ඉන්න රජයක් හෝ පත් වෙලා තිබුණ රජයක් ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද? කිසිම ක්‍රියාමාර්ගයක් මම දන්න පමණින් අරගෙන නැහැ
 
වයස අවුරුදු 18න් පස්සේ මව පියා අහිමි වුණ දරුවෙක් සමාජගත වෙන්නේ කිසිම හව් හරණක් නැතිව. ඔවුන්ට ඉන්න සෙවණක් නැහැ. ඔවුන්ට නිශ්චිත අධ්‍යාපනයක් හැදෑරුවේ නැතිනම් හරිහමන් පාඨමාලාවක් නැතිනම් ඔවුන් සමාජයේ අසරණ වෙනවා. 
 
මෙවැනි සංවේදී මාතෘකාවන්වලට ඇහුම්කන් දෙන පරම්පරාවක් තමයි මේ මැද මාවතෙන් අපි යෝජනා කරන්නේ. 
 
එන්න අපි ආරාධනා කරනවා මේ රට වෙනස් කරන්න අපිට පුළුවන්. අපි වෙනස් කරමු.'' සුමිර එම මාධ්‍ය හමුවේදී  
සිටියේය.
 
 
''රටට අවශ්‍ය විකල්පයක් මිස, ආදේශකයක් නොවේ'' - මංගල 
 
 
WhatsApp Image 2021 07 25 at 7.33.13 PM 2
 
 
 
මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය මංගල සමරවීර, මේ අසීරු මොහොතේ අපේ රටට, ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස, සහෝදරත්වය සහ විවිධත්වය මත පදනම් වූ එකමුතුකම, යුක්තිය සහ නීතියේ ආධිපත්‍යය මත පදනම් වූ විකල්ප මතවාදයක් අවශ්‍ය බව කියා සිටියේය.
 
අද රටට අවශ්‍ය වී ඇත්තේ, විකල්පයක් මිස, ආදේශකයක් නොවේ යයි පැවසු මංගල, ඒ විකල්පය, ජාතියකට, ආගමකට, කුළයකට, පක්ෂයකට, කණ්ඩායමකට හෝ පවුලකට සීමා නොවන, සැබෑ දේශප්‍රේමය මුල්කරගත් විකල්පයක් විය යුතුම යයි අවදාරණය කර සිටියේය. 
 
 
 
 

 
THE LEADER TV 
 
 
විමුක්ති ගේන්න මංගලගෙන් අලුත් වැඩක් ? 
 
 
 
 
අගමැති කෞෂිට දුන්න පත්වීමත් රිවස් ! 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image