අගමැති රනිල් වික්‍රමසිංහ විසින් හෙට (09) පෙරවරු 9.00ට එජාපයේ මැති ඇමතිවරුන් පිරිසක් අරලියගහ මන්දිරයට කැඳවා ඇත.

ඒ කුමන කරුණක් ගැන සාකච්ජා කිරීමට දැයි පුර්ව දැනුම්දීමක් කර නැතත් එජාප මන්ත්‍රීවරුන් පිරිසක් විසින් අත්සන් කරන පෙත්සමක් සම්බන්ධයෙන් අගමැතිවරයාගේ විශේෂ අවධානය යොමුව ඇතැයි අරලියගහ මන්දිර ආරංචිමාර්ග පවසයි.

'ද ලීඩර්' විසින් කළ සොයා බැලීමකදී දැනගන්නට ලැබුනේ එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා වහාම පාර්ලිමේන්තු කණ්ඩායමේ විශේෂ රැස්වීමක් කැඳවන ලෙස අගමැතිවරයා ගෙන් ඉල්ලා ලිපියකට අත්සන් එකතු ගැනීමේ මෙහෙයුමක් මේවනවිට ආරම්භවී ඇති බවයි.

අජිත් පී පෙරේරා, ඉරාන් වික්‍රමරත්න, සුජීව සේනසිංහ හා නලින් බණ්ඩාර යන අමාත්‍යවරුන් විසින් මෙම පෙත්සමට අත්සන් ගැනීමේ මෙහෙයුම සංවිධානය කරයි.

පාර්ලිමේන්තුව නියෝජනය කරන එජාප මන්ත්‍රීවරුන් 77 දෙනාගෙන් බහුතරයක් ඊයේ දිනය වනවිටත් එම පෙත්සමට අත්සන් කර ඇති බවත් එජාප නියෝජ්‍ය අමාත්‍ය සජිත් ප්‍රේමදාස ද ඊට අත්සන් තැබූ බවත් එම පෙත්සම් මෙහෙයුම ක්‍රියාත්මක කරන රාජ්‍ය අමාත්‍යවරයකු 'ද ලීඩර්' වෙත පැවසිය.

අගමැති දැඩි තින්දුවක !

කෙසේවුවද ජනාධිපති අපේක්ෂකයා නම් කරන්නේ අලුත් සන්ධානය ගොඩනැගීමෙන් පසු එහි යෝජනා ස්ථිරත්වයෙන් බව අගමැතිවරයා අවධාරණය කර සිටියි. පසුදා අමාත්‍ය සජිත් ප්‍රේමදාස අරලියගහ මන්දිරය වෙත කැඳවා ඔහු එබව දැනුම් දී ඇත.

එහෙත්, එජාපෙ ආණ්ඩුව සමග එක්ව සිටින චම්පික රණවක අමාත්‍යවරයාගේ ජාතික හෙළ උරුමය හැරුන කොට අනෙකුත් සියලුම දේශපාලන පක්ෂ අගමැතිවරයාට දැනුම් දී ඇත්තේ, එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ප්‍රකාශයට පත්කරන තෙක් සන්ධාන ගිවිසුමකට අත්සන් නොතබන බවයි.

පළමුව එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ප්‍රකාශයට පත්කලයුතු බවට එජාපයෙන් හා ආණ්ඩුවේ අනෙකුත් පාර්ශවයන් ගෙන් එල්ලවන බලපෑම් හමුවේ ඊට අවනතවනු හැර අගමැතිවරයාට වෙනත් විකල්පයක් ඉතිරිව නැතැයි අලුත් සන්ධානයේ තනතුරු අපේක්ෂාවෙන් සිටි ඇතැම් මැති ඇමතිවරුන් පවා මේ වනවිට පවසන බව අමාත්‍ය සුජීව සේනසිංහ 'ද ලීඩර්' වෙත පැවසිය.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්