ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු MI 35 ප්‍රහාරක හෙලිකොප්ටර් යානා තුනක (Mi-35M (Hind E) Attack Helicopters, Russia) අලුත්වැඩියාව හා ආයුකාලය වැඩිකිරීම

(life extension) සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මිල ගණන් කැඳවා තිබු අතර එහිදී  වැඩි ම මිලක් ඉදිරිපත්කර තිබු විදෙස් සමාගමකට අදාල ටෙන්ඩරය ලබාදීමට තීන්දු කිරීම පිටුපස බරපතල වංචාවක් සිදුව ඇතැයි ආරක්ෂක අමාත්‍යංශ ආරංචිමාර්ග පවසයි.

ඒ අනුව හෙලිකොප්ටර් යානා තුන අලුත්වැඩියාව සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 15 ක් වැය කිරීමට සිදු වේ.
 
රුසියානු සැලසුම් මත නිෂ්පාදිත මෙම MI 35 ප්‍රහාරක හෙලිකොප්ටර් යානා අලුත්වැඩියාව හා ආයුකාලය වැඩිකිරීම සඳහා 2016 දී වෙන වෙනම ටෙන්ඩර් කැඳවා තිබු අතර ඒ සඳහා යුක්රේන් මාෂ්  (Ukrinmash) , 558 ප්ලාන්ට් බෙලරූස්  (558 plant - Belarus ) සහ ඉනොක්සිස් (Inoxis) සමාගම් මිළ ගණන් ඉදිරිපත්කර ඇත. 
 
එහිදී එක් ටෙන්ඩරයක මිල ගණන් ආසන්න වශයෙන් මෙසේය.
 
 
AC no 632
558 plant - Belarus 
USD 5,596,100
Ukrinmash aviacon plant
USD 2,664,000
Inoxis - Plant therum
USD 5,134,000
 
 
tendertender Copytender Copy 2 
 
 
මෙහිදී  යුක්රේන් මාෂ් සමාගම ඉදිරිපත්කර තිබු මිලට වඩා දෙගුණයක් වැඩි මුදලක් ප්ලාන්ට් 558 බෙලරූස් සමාගම විසින් ඉදිරිපත් කර තිබුනද ටෙන්ඩරය බෙලරූස් සමාගම වෙත ලබාදීමට බලධාරීන් තීරණය කර ඇතැයි ඉහත ආරංචිමාර්ග පවසයි.
 
එසේ යුක්රේන් මාෂ් සමාගම විසින් ඉදිරිපත්කර තිබු අයදුම්පත් ප්‍රතික්ෂේපකර ඇත්තේ තාක්ෂණික හේතුවක් ඉදිරිපත් කරමිනි. ඒ, එම යුක්රේන් සමාගමට අදාළ බ්ලෙඩ් එක දීමට ඇති නොහැකියාව හේතුවක් ලෙස අවදාරණය කරමිනි.
 
කෙසේවුවද එම සමාගම ඒ සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත්කරමින් තමන්ට එම තාක්ෂණික හැකියාව ඇතිබව පෙන්වා දී ඇතැයි ද වාර්තාවේ.
 
මේ අතර ගුවන් හමුදාවේ ඉහල නිලධාරීන් කිහිපදෙනෙකු පසුගිය ජුනි මාසයේ අග බෙලරූස් සමාගමේ තාක්ෂණික හැකියාව සොයා බැලීම සඳහා නිරීක්ෂණ චාරිකාවකට ද සහභාගී වී ඇත.
 
 
මෙම ටෙන්ඩර කැඳවා ඇත්තේ අලුත්වැඩියාව සඳහා මෙන්ම එම ගුවන් යානාවල ආයුකාලය වැඩිකිරීම සඳහාය. අදාල සමාගම් මිල ගණන් ඉදිරිපත්කර ඇත්තේ ද එම අවශ්‍යතා දෙකම ඉටුකරලීම වෙනුවෙන් ගාස්තු ද සමගිනි. එහෙත් එම ගුවන්යානා නිෂ්පාදිත රුසියානු සමාගම (Mil design bureau) මෙම ප්‍රහාරක හෙලිකොප්ටර් යානා තුනෙහි ජීව කාලය තවත් වසර 7කට නොමිලේම ඉටුකර දීමට එකඟත්වය පළකර ඇත.
 
 
කෙසේවුවද බෙලරූස් සමාගමට අදාල ටෙන්ඩරය ලබාදීමට යන්නේ යානාවල ජීව කාලය වැඩිකිරීමට ලබාදී ඇති මිල ගණන් අඩුකිරිමකින් තොරව බව ආරක්ෂක අමාත්‍යංශ ආරංචිමාර්ග වැඩිදුරටත් කියා සිටියි.
 
මෙසේ වංචනික ආකාරයේ ගනුදෙනුවක් සිදුවීමට යන්නේ ශ්‍රී ලංකාව මේවනවිට විදෙස් සංචිත අඩුවෙමින් බරපතල ආර්ථික අර්බුදයකට මුහුණදෙමින් සිටියදීය. 
 
මේ සම්බන්ධයෙන්  අප වෙත තොරතුරු ලබාදුන් අමාත්‍යංශයේ  ප්‍රකාශකයකු පැවසුයේ මෙම අවුල් සහගත  තත්ත්වය තුල මෙම ටෙන්ඩරය අලුතින් කැඳවීම කෙරෙහි අමාත්‍යංශ බලධාරීන්ගේ අවදානය යොමුව ඇති බවයි.
 
 
 
පිළිතුරුදීමේ අයිතිය :
theleader.lkහි පලවී ඇති වාර්තාවකින් යම් පාර්ශවකයට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු දීමට ඇති අයිතිය අප පිළිගනිමු. - සංස්කාරක
විද්‍යුත් ලිපිනය This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 
 
 
THE LEADER TV 
 
අධ්‍යාපන ලේකම්වරයාගේ තවත් අඥාන ක්‍රියාවක් හෙළි වෙයි !
 
 
විමුක්ති ගේන්න මංගලගෙන් අලුත් වැඩක් ? 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්