පරිසරය ආරක්ෂාකර ගැනීම දේශප්‍රේමය නොවන්නේදැයි තරුණ සමාජ ක්‍රියාකාරිකයකු වන ෂෙහාන් ගමගේ ප්‍රශ්නකර සිටියි. ඔහු එවැනි ප්‍රශ්නයක්
මතුකරන්නේ, දේශප්‍රේමී ලේබලය යටතේ බලයට පත් ආණ්ඩු විසින් සිදුකළ හා දැනටත් සිදුකරමින් පවතින පරිසර විනාශය සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.
 
''අපිට හෙට වෙද්දි අපේ දරුවොන්ට ස්කූල් බෑග් එකත් එක්ක එක්සිජන් ටැංකි පිටේ බැඳගෙන යන්න දෙන්න බැහැ. ඒක නිසා මේ සොබාදහමට පාටක් පක්ෂයක් ජාතියක් ආගමක් නැහැ. මම හැම කෙනෙක්ටම ආරාධනා කරනවා මේ වෙනුවෙන් අපි නැගී සිටින්න ඕනේ. අත්වැල් බැඳගන්න ඕනේ. මේ හුස්මවල අයිතිය තිබෙන්නේ අපි හැමෝටම. '' යයි ඔහු කියා සිටියේය. 
 
ෂෙහාන් ගමගේ එම අවදාරණය කර සිටියේ, කොළඹ ඩාලි පාරේ 'ෆ්‍රීඩම් හබ්' (Freedom Hub) හි පසුගිය ඉරිදා  (ජුලි 25) පැවති 'සැබෑ දේශප්‍රේමියෝ' මාධ්‍ය හමුව අමතමිනි.
 
හිටපු අමාත්‍ය මංගලගේ ප්‍රධානත්වයෙන් පැවති එම මාධ්‍ය හමුවේදී තරුණ තරුණියන් කිහිපදෙනෙකුම අදහස් දැක්විය. 
 
 
PIC 03 
 
 
 සොබාදහම වෙනුවෙන් මෙරට පාලකයින්ගේ මැදිහත්වීම ෂෙහාන් ගමගේ කෙටියෙන් පැහැදිලි කලේ මෙසේය.
 
''1880 වෙද්දි අපේ රටේ වන ආවරණය  84%යි. 1900 වෙද්දි කෝපි හා තේ වගාවන් එක්ක එය 70%දක්වා පහළ යනවා. 1992 වෙද්දි ලංකාවේ වන ආවරණය 32.2%යි. අද වෙද්දි ඒක 16% දක්වා ඇද වැටිලා තිබෙනවා. 
 
යාන් ඔය වාරි ව්‍යාපෘතිය සඳහා වන බිම් අක්කාර 15,000ක් වෙන් කරනවා. මොරගහකන්ද සහ කළු ගඟ ව්‍යාපෘති සඳහා අක්කර 25,000ක් යට වෙනවා. 
 
මාගම්පුර වරාය, මත්තල ගුවන් තොටුපොළ, දක්ෂිණ අධිවේගී මාර්ගය දක්වා ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා ක්‍රිකට් ක්‍රීඩාංගණ සඳහා අක්කර 2500ක් වෙන් කරනවා. 
 
උතුරු නැගෙනහිර යුද්ධය නිමවීමෙන් පසුව පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සංචාරක සහ අනෙකුත් සංවර්ධන ව්‍යාපෘති දියත් කිරීම වෙනුවෙන් අක්කර 17, 800ක් වෙන් කරනවා. 
 
  
වත්මන් ආණ්ඩුව බලයට පත් වෙලා සති දෙකක් යද්දි 2019 දෙසැම්බර් 03 වැනිදා වැලි පස් මැටි ප්‍රවාහනය සඳහා ලබා ගත යුතු බලපත්‍ර ඉවත් කරලා මේ රටේ ඛනිජ තෙල් සම්පත හිතූ හිතූ හැටියට හූරාගෙන කන්න නිදහස හා ඒ අවකාශය හදලා දෙනවා. 
 
 
රුපියල් මිලියන 800ක් වියදම් කරලා මුහුදු පතුළේ තිබෙන කොරල් පර සහ අනෙකුත් සම්පත් හූරලා අරගෙන ගල්කිස්ස මුහුදට වැලි පුරවනවා. අද වෙද්දි ඒ වැලිත් නැහැ. මිලියන 800ත් නැහැ, මුහුදු ජීවින්ට ජීවත් වෙන්න සුදුසු පරිසරයකුත් නැහැ. ආනවිළුන්දාව රැම්සාර් තෙත්බිම් ඩෝසර් කරනවා. 
 
වනාතවිල්ලුව අක්කර 100ට වඩා ගිනි තියලා විනාශ කරනවා. විල්පත්තුව කල්ලාරු රක්ෂිත වනය එළිපෙහෙළි කරලා මිනිස්සු පදිංචි කරනවා. මීගමුව කළපුවේ කඩොලාන පද්ධතිය විනාශ කරලා දානවා. ලෝක උරුම දුම්බර අඩවිය අනවසරයෙන් එනසාල් වගා කරනවා. අහිංසක දුප්පත් මිනිස්සුන්ට කාපට් පාරක් කියන මස් කටුව දීලා සිංහරාජ වනය දෙබෑ කරගෙන ලංකාගමට පාරක් කපනවා. පස්සේ ඇමතිම ගිහිල්ලා කියනවා සිංහරාජ අඩිවියේ වැව් දෙකක් කපනවා හම්බන්තොටට වතුර ගෙනියන්න කියලා. 
 
photo sinharaja illegal road construction
 
 
සිංහරාජයට අයත් ඉඩම් විශාල ප්‍රමාණයක් එළිපෙහෙළි කළා විතරක් නෙවෙයි ව්‍යාජ ඔප්පු හදලා ඒවා අත්පත් කරගෙන අන්තිමට අලින්ට තිබුණ එකම අලිමංකඩත් හරස් කරනවා. රඹකැන් ඔය රක්ෂිතයේ අක්කර 5000ට වැඩි ප්‍රමාණයක් බඩ ඉරිඟු වගාව සඳහා පෞද්ගලික සමාගම් 15ට බදු දෙනවා. 
 
බිබිල රිදීමාලියද්ද ප්‍රදේශයේ අක්කර 62,500ක් පමණ උක් වගා කිරීම සඳහා සමාගම්වලට නිදහස් කරනවා. හම්බන්තොට යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය තුළ අනවසර වගාබිම් පවත්වාගෙන යාම සඳහා ඉඩම් ලබා දී ඇති බවට වාර්තා වෙනවා. 
 
යාල වනෝද්‍යානයේ අක්කර 12,000ක් පමණ විවිධ ව්‍යාපෘති ඉදිකිරීමට මෙන්ම සිතුල්පව්ව විහාරස්ථානයේ ආකාශ චෛත්‍යය හෙවත් අලිගල දක්වා පාරක් කැපීමට උත්සාහ දරන බවට පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ වාර්තා කරනවා. අවශේෂ වනාන්තරවල ආරක්ෂාව වෙනුවෙන් තිබුණ 5/2001 චක්‍රලේඛය අහෝසි කරන්න ගන්න පුළුවන් හැම උත්සාහයක්ම ගන්නවා. 
 
 
200504999 1304348453295135 1605867594876562170 n 
 
එක්සප්‍රස් පර්ල් නැවේ සිද්ධියෙන් පස්සේ ජූනි 30 වෙද්දි පමණක් නීතිපතිතුමා අධිකරණයට වාර්තා කරනවා  කැස්බෑවුන් 176ක්, ඩොල්ෆින් 20ක් සහ තල්මසුන් 4 දෙනෙක් මිය ගිහිල්ලා තිබෛනවා කියලා.  
 
තවත් අපි නොදන්න මුහුදු ජීවින් සාගර පලුළේ සැඟවිලා ගියාද කියලා අපි දන්නේ නැහැ. මේ මොහොත වෙද්දිත් බළධාරින් නිදාගෙන ඉන්නේ. එක්ස්ප්‍රස් පර්ල් නැවේ ටොන් ගාණක් ඛනිජ තෙල් මහ මුහුදට කාන්දු වෙනවා නිදහස් කරනවා. 
 
 
සාගර දූෂණය අතින් අපි ලෝකෙන්ම 5 වෙනි තැනට පත් වෙනවා. 
 
 
1990 ඉඳලා 2000 වෙද්දි අවුරුදු 10ක කාල පරිච්ඡේදය තුළ වසරකට, අලි මිනිස් ගැටුම නිසා මිය ගිය අලි සංඛ්‍යාව 150යි මිනිස්සු 40යි. ඒක 2019 වෙද්දි  අලි 406යි මිනිස්සු 122යි. ලෝකයේ අලි මිනිස් ගැටුමෙන් වැඩිම අලි ප්‍රමාණයක් මිය ගිය රට විදියට ලංකාව පත් වෙනවා. 
 
මේවා ගැන කතා කරපු දේවානිලා, භාග්‍යාලා, වීරකෝන්ලා සජීව චාමිකරලාට හූ කියනවා. මාධ්‍ය සල්ලි දීලා ලේබල් ගහලා NGO කාරයෝ කියනවා. ඒ වගේම අපේ රටේ තවත් තරුණ පරම්පරාවක් මේ දේවල් දිහා බලාගෙන නෑසූ කන්ව ඉඳගෙන රට වටේ තාප්පවල සිතුවම් කරනවා. චිත්‍ර අඳිනවා. 
 
 තව අවුරුදු 10ක් යද්දි “ අපේ දරුවෝ අපෙන් අහයි උඹලා මොනවාද කළේ? “ කියලා. අපේ හෘද සාක්ෂියෙන් අපි අහන්න ඕනේ අපි අද කොතැනද හිටගන්නේ කියලා. 
 
 
තරුණ පරම්පරාවට ඉඩක් වෙන්න ...
 
 
මංගලට ස්තුතිවන්ත වෙනවා අද අඩියක් පිටිපස්සට තියලා අපිට ඉදිරියට ඇවිල්ලා වැඩ කරන්න අවකාශයක් හැදීම ගැන. මම අපේ රෙට් අනෙක් දේශපාලන නායකයන්ටත් ආරාධනා කරනවා මේ තරුණ පරම්පරාවටත් අවකාශයක් දෙන්න ඉදිරියට එන්න. 
 
මේ Freedom Hub අවකාශය සැබෑ දේශප්‍රේමීන්‍ගේ අවකාශය හැදෙන්නේ ඒකට. මම හිතනවා අපිට මංගලත් එක්ක සංවාද කරන්න, සම පුටුවේ වාඩිවෙලා කතා කරන්න අවස්ථාවක් ලැබිලා තිබෙනවා. ඒ අවකනාශය අනෙක් පරම්පරාවටත් දෙන්න ඕනේ. 
 
අපිට ඉන්දියාව වගේ ඔක්සිජන් හොය හොය හන්දියක් හන්දියක් ගානේ යන්න බැහැ. ''
 
 
 

THE LEADER TV 
 
අධ්‍යාපන ලේකම්වරයාගේ තවත් අඥාන ක්‍රියාවක් හෙළි වෙයි !
 
 
විමුක්ති ගේන්න මංගලගෙන් අලුත් වැඩක් ? 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්