සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සමඟ එක්ව අසාධාරණයට පත්වන සමාජ පුරවැසියන්ට සාධාරණත්වය ලබා දීම උදෙසා සම්බන්ධ වී
කටයුතු කිරීමට තවත් වෘත්තීය සමිති සහ සහ සංවිධාන කිහිපයක් එක්විය. 
 
ඒ ඊයේ (26) දින 'සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ' සභාපති කරු ජයසූරියගේ නිවසේදී ඔහු සමඟ පැවැත් වූ සාකච්ඡාවකදීය.
 
'සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය' මඟින් සමාජ සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටීමින් හඬනැගීම තම සංගම් අගය කරන බවත්,  තමන් කටයුතු කරන්නේ ද සමාජ අසාධාරණයට එරෙහිව බැවින් තනි තනිව සටන් කිරීමට වඩා එක්ව කටයුතු කිරීම ශක්තියක් බවත්, එම නිසා සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සමඟ එක්ව ඉදිරියට කටයුතු කිරීමට තම සංගම් අත්වැල් බැඳගැනීමට තීරණය කළ බව එම සංවිධානයන්හි නියෝජිතයින් ප්‍රකාශ කළහ.
 
එම හමුවට,
 
 
ආපනශාලා හිමිකරුවන්ගේ සංගමය සහ පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය නියෝජනය කරමින් අසේල සම්පත්,
 
 
 # සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය නියෝජනය කරමින් එස්. ප්‍රශාන්තන් සහ චිරාන්ත අමරසිංහ, 
 
 
# කුඩා කර්මාන්තකරුවන්ගේ සංගමය නියෝජනය කරමින් නිමේෂ් 
 
 
# ලංකා ස්වයංරැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රීරෝද රථ සම්මේලනය නියෝජනය කරමින්  මහින්ද කුමාර, 
 
 
# මව්බිම සුරැකීමේ ව්‍යාපාරය නියෝජනය කරමින් එම්.බී.එම්. නලීන්, 
 
 
# මව්බිම සුරක්ෂා එකමුතුව නියෝජනය කරමින් සම්ස් ෆාරුක් සහ තවත් නියෝජිතයින් පිරිසක් එක්ව සිටියහ.
 
WhatsApp Image 2021 07 27 at 11.38.47 AMWhatsApp Image 2021 07 27 at 11.38.43 AM 
 
මේ අතර 'සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති' හිටපු කථානායක කරු ජයසූරිය 23 දා  පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් කියා සිටියේ, රට මුහුණදෙමින් සිටින බරපතල අනතුර හමුවේ මෙරට බහුතරයක්  දේශපාලන පක්ෂ එක වේදිකාවකට පිවිසීම ජනතාව ලැබූ ජයග්‍රහණයක් බවයි. 
 
එහිදී ඔහු තවදුරටත් මෙසේද සඳහන් කළේය.
 
 
''ගතවුණු සතියේදී මේ රටේ බොහෝ දෙනෙකුගේ අවධානයට යොමුවූ විශේෂ සංසිද්ධියක් දේශපාලන ක්ෂේත්‍රය තුළ සිදුවුණා. ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ අතිබහුතරයක් එක පොදු වේදිකාවකට ගොඩවෙනු මුලු රටම ආස්වාදයෙන් යුතුව බලා සිටියා. 
 
එය විශේෂ සිදුවීමක් ලෙස සැලකීමට කරුණු ගණනාවක්ම තිබෙනවා. ඉන් ප්‍රමුඛතම කාරණය වන්නේ එසේ එක වේදිකාවකට පිවිසි එම දේශපාලන පක්ෂ කිසිවක්ම ඒ සදහා කිසිදු පූර්ව කොන්දේසියක් ඉදිරිපත් නොකිරීමයි. 
 
ඔවුන් එසේ එක වේදිකාවකට යොමු වූණේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය මුහුණ දී ඇති බරපතල අර්බුදය පිළිබදව අන් කවරදාකටත් වඩා බලවත් ලෙස අවධානයක් යොමුකිරීම ජාතික අවශ්‍යතාවයක් වී ඇති බව ඔවුන් තේරුම් ගෙනඇති නිසයි. 
 
මේ රටේ සෑම අංශයක්ම නියෝජනය කරන සාමාන්‍ය පොදු ජනතාව පෙලෙමින් සිටින දැවැත්ත පීඩනය පිළිබදව ඒ සෑම දේශපාලන කණ්ඩායමක්ම නිවැරදිව තේරුම්ගෙන ඇති නිසයි. 
 
 
5dd6c6bd 8682c2b4 f6065fca karu jayasuriya 850x460 acf cropped 850x460 acf cropped
 
''මේ මොහොතේ සියලු දේශපාලන හා සිවිල් බලවේග ඒකාබද්ධව එක පෙරමුණකට ගොණු වෙමින් රට මුහුණ දෙමින් සිටින මෙම ව්‍යසනකාරී තත්වයට මුහුණ නොදුන්න හොත් මේ රටේ අනාගතය දැවැන්ත ඛේදවාචකයකින් විනාශයට පත්වන බව ඒ සියලු දෙනාම වටහාගෙන ඇති නිසයි. මෙම අභියෝගයට මුහුණ දෙන්නට නම් මේ රටත් ජනතාවත් එයින් ගලවාගන්නට නම් එක්සත්වීම හැර වෙනත් විකල්පයක් නැතිබව දැන් ඉතා පැහැදිලිය.'' -කරු ජයසුරිය  
 
 
 
ඒ අනුව එම පෙලගැස්ම තවදුරටත් ඉදිරියට ගෙනයාම රටට ඉතාමත්ම වැදගත්ය. මේ රටේ මහා සංඝරත්නය ප්‍රමුඛ සියලුම ආගමික නායකයන්, විද්වත් ප්‍රජාව, වෘත්තීය සංවිධාන හා සිවිල් සමාජ ව්‍යාපාර ඒ පිළිබදව අතිශයින්ම බලාපොරොත්තු දල්වාගෙන සිටිනවා. බලවත් සතුටට පත්ව තිබෙනවා. එමෙන්ම එයට ආශිර්වාද කරමින් සිටිනවා.
 
ඒ අනුව පසුගියදා එක වේදිකාවකට යොමුවූ සියලුම දේශපාලන පක්ෂවලටත් එහි නායකයන්ටත් අප අපගේ බලවත් ගෞරවය පුදකරන්නට කැමැතියි. 
 
එහිදී සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය මගින් ඉටු කරන ලද්දේ සම්බන්ධීකරණ කාර්යය භාරයකි. අප එයට යොමු වුණේ ඉතාමත්ම සද්භාවයෙනි. කිසිදු වරප්‍රසාදයක්, නායකත්ව භූමිකාවක් හෝ වෙනත් කිසිදු ආකාරයේ බලදේශපාලනික පටු අරමුණු කිසිවක් හෝ එහිදී අපට නැත. ඉදිරියේදීත් එවැනි දේ අප අපේක්ෂා කරන්නේ නැත. 
 
එහෙත් රට වෙනුවෙන්, රටේ අනාගත යහපත වෙනුවෙන්, මේ රටේ උපන් නූපන් අනාගත පරම්පරාව වෙනුවෙන් අප වෙත පැවරී ඇති වගකීම ඉටු කිරීම සදහා අද මෙන්ම හෙටත් අප නොපැකිලව පෙනී සිටිනවා. 
 
එහිදී ඊට අදාල තවත් එක් කරුණුක් පිළිබදව අපගේ අදහස පල කරන්නට කැමැතිය. එනම් මේ රටේ ඕනෑම දේශපාලන පක්ෂයකට, සෑම දේශපාලන බලවේගයකටම ආවේනික වූ ප්‍රතිපත්තියක් හා දර්ශනයක් තිබෙනවා. එය අත්‍යවශයෙන්ම වියයුත්තක්. 
 
  
 මෙවැනි ඒකාබද්ධ පෙනීසිටීමකදී ජාතික වශයෙන් වැදගත්වන කරුණු කාරණා පිළිබදව මෙන්ම සමස්ත ජාතියම බලවත් අනතුරකට මුහුණදී ඇති අද වැනි මොහොතක තීරණාත්මක කරුණු ගණනාවකට අදාලව ඔවුන් විසින් පල කරන ලද පොදු එකගත්වය අතිශයින්ම වැදගත් වනු ඇත. එය අප සලකන්නේ ඉතාමත්ම යහපත් ප්‍රවණතාවයක් ලෙසටය.
 
 
මුලික එකඟතාවයන් :
 
 
ඇත්තටම එදා විපක්ෂයේ දේශපාන පක්ෂ සාකච්ඡා කල හා මූලික වශයෙන් එකගත්වයක් පලකල කරුණු කෙරෙහි මේ රටේ ජනතාවද අවධානයක් යොමුකල යුතුය. ඒවා මෙසේය
 
 
1.  ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම පිණිස අදූරදර්ශී ආර්ථික කළමනාකරණය සහමුලින් වෙනස් කළ යුතුය. 
 
වර්ෂගණනාවක්තිස්සේවිවිධආණ්ඩුයටතේගොඩගැසුණුණය කන්දරාව ආපසු ගෙවීමේ අභියෝගය 2019 වර්ෂයේ සිට උච්ච තත්වයකට එන බව වගකිවයුත්තන් නොදැන සිටියා නොවේ. 
 
එබැවින්:
 
#  සාධාරණත්වය සහ කාර්යක්ෂමතාව තුලනය කරමින් රටේ ආර්ථික ප්‍රමුඛතා හඳුනා ගැනීම අවශ්‍යය;
 
#  නාස්තිය සහ දූෂණය අවම කිරීමට සැබෑ කැපවීම පෙන්විය යුතුය අතර ආයතනික රාමුව ශක්තිමත් කිරීමෙන් එය තහවුරු කළ යුතුය;
 
# සැබෑ සුදුස්සන් තනතුරුවලට පත් කිරීම පෙරදැරිව ඵලදායිත්වය වර්ධනය කිරීමට කටයුතු කළ යුතුය;
 
# ජනතාවගේ  ජීවන බර සැහැල්ලු කරන අතර රාජ්‍ය ආදායම තහවුරු කරන බදු ක්‍රමයක් අවශ්‍යය.
 
 
2. විනාශකාරී 20 වන සංශෝධනය ආපසු හරවා ප්‍රජාතන්ත්‍රවාදයේ ස්ථාවරත්වය තහවුරු කළ යුතුය:
 
 
 
# මැතිවරණ කොමිසම ඇතුළු කොමිෂන් සභාවලට දේශපාලන හිතවතුන් වෙනුවට අපක්ෂපාතී ප්‍රාමාණියකයන් පත් කිරීමට වහා කටයුතු කළ යුතුය;
 
# පාර්ලිමේන්තුවේ ස්වාධීනත්වය විධායකයේ ග්‍රහණයෙන් මුදාලිය යුතුය;
 
# ව්‍යාවස්ථා සභාවේ දේශපාලන තුලනය සහ ස්වාධීනත්වය තහවුරු කළ යුතුය;
 
# රාජ්‍ය සේවය දේශපාලනීකරණට සහ මිලිටරීකරණයට ඇති ඉඩ අවුරාලිය යුතුය.
 
 
 
3. අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කළ යුතුමය.
 
 
# ඉහළ අධිකරණයවලට විනිසුරුවන් පත් කිරීමට විධායකය සතු අත්තනෝමතික බලය අධීක්ෂණයට යටත් කළ යුතුය;
 
# අධිකරණයට සිදු කරන සියලු අත පෙවීම් වළැක්වීමට යාන්ත්‍රණයක් තැනිය යුතුය.
 
 
 
4. මානව හිමිකම් තහවුරු කරමින් සෑම පුද්ගලයෙකුට ප්‍රජාවකට සහ ජන කොටසකටම තෘප්තිමත් වියහැකි පරිදි අයිතිවාසිකම් ස්ථාපනය කළ යුතුය
 
 
#  සෞඛ්‍ය බලධාරීන් විසින් සම්පාදිත නිරෝධායන නීති නිසිලෙස නීතිගත කරමින් ඒවා ජනතාවගේ යහපත පිණිස යොදාගත යුතුව ඇති අතර එහෙත් ඒවා ජනතාවගේ හඩ මර්දනය කිරීම උදෙසා අවභාවිතා නොකල යුතුය.
 
# අධ්‍යාපන පරිසර කෘෂිකර්ම ආදී ක්ෂේත්‍රවල මතුව ඇති ගැටලුවලට වහා විසදුම් ලබාදිය යුතු අතර එම ගැටලු පෙන්වා දෙන සංවිධාන හා ඒවායේ ක්‍රියාකාරිකයින් මර්දනය කිරීම වහා නැවැත්විය යුතුය. 
 
# සමාජ මාධ්‍ය හා ජනතාවගේ කතා කිරීමේ නිදහස මර්දනය කිරීම සඳහා ගනු ලබන ඕනෑම පියවරකට අප තරයේ විරුද්ධ වන අතර ස්වාධීන මාධ්‍ය නියාමනයක අවශ්‍යතාවයද අවධාරණය කරන්නෙමු. 
 
උක්ත කරුණු සම්බන්ධයෙන් මූලික එකගතාවයක් ඇතිකරගත් එම දේශපාලන පක්ෂ නායකයන් ජනතා සුභසිද්ධිය තහවුරු කල හැකි ශක්තිමත් හා ආරක්ෂිත දේශයක් ලෙස ශ්‍රී ලංකාව ගොඩනැගීමට අවශ්‍ය අඩිතාලම තැනීම එදින සිට සක්‍රීයව අරභන බවටද එහිදී ප්‍රතිඥා ලබාදුන්නේය. 
  
 
ජාතික ඒකාග්‍රතාවය ගොඩනැගීමේ ප්‍රමුඛ අවශ්‍යතාවය:
 
 
එමෙන්ම එදා පැමිණ සිටි දේශපාලන පක්ෂ නායකයන් තවත් එක් සුවිශේෂි කරුණක් පිළිබදව විශේෂ අවධානයක් යොමුකරන ලදී. ඒ ජාතික ඒකාග්‍රතාවය ගොඩනැගීමෙහි ඇති ප්‍රමුඛ අවශ්‍යතාවයයි. 
 
නොබෙදිය හැකි රටක සමස්ථ ජනතාවගේම අභිමානය හා ගෞරත්වය සුරැකෙන ඒ සියලු පාර්ශවයන්හි සාමූහිකත්වයෙන් ගොඩනැගිය යුතු ශ්‍රී ලංකාවේ අනාගතය පිළිබදව වන ඔවුන් තුළ පවත්නා කැපවීම එහිදී විශේෂයෙන්ම අවධාරණය විය. 
 
එය ඉතාමත්ම වැදගත් කරුණකි. මක් නිසාද යත් අනාගත ශ්‍රී ලංකාව සමෘද්ධිමත්, සාමකාමී හා සංවර්ධිත රටක් ලෙස ගොඩනැලීමට නම් එවන් පුලුල් ජාතික එකඟත්වයකින් යුතුව අප සියල්ලන්ම කටයුතු කල යුතුව ඇති නිසාය.
 
 
ඒ අනුව එදා එක් පොදු වේදිකාවක් වෙනුවෙන් පෙනී සිටි සියලුම දේශපාලන පක්ෂ වෙත හා එහි නායකයන් වෙත සංවිධානයක් ලෙසඅප අපගේ ඉමහත් ගෞරවය නැවත වරක් පුද කරන්නෙමු. 
 
ඒ වගේම අද මේ මොහොතේ  සුවිශේෂි අවධානයක් යොමුකල යුතුව ඇති කරුණක් පිළිබදවද අපගේ අදහස් පලකරන්නට කැමතිය. 
 
ඒ කොවිඩ් වසංගතයට අදාලව මේ වෛද්‍ය විශේෂඥයන් විසින් සිදුකරමින් සිටින බරපතල අනතුරු ඇගවීම් පිලිබදවයි.  
 
 
unnamed 24 
  
වෛද්‍ය විශේෂඥයන් පෙන්වා දෙන ආකාරයට මේ දිනවල වේගයෙන් පැතිර යන ඩෙල්ටා නමින් හදුන්වන කොවිඩ් ප්‍රභේදය හේතුවෙන් රටතුළ ඉතා අහිතකර ප්‍රවණතාවයක් නිර්මාණය වියහැකිබව කියවෙනවා. එමෙන්ම එය හේතු කරගෙන 4 වන කොවිඩ් රැල්ලක්ද මතුවිය හැකි බව අනතුරු අඟවා තිබෙනවා. එය බරපතල තත්වයකි.
 
 
 
එවැනි අනතුරු ඇගවීම් ඉදිරිපත් කර තිබෙන තත්වයක් තුළ රටක් ලෙස අප මෙයට වඩා අවධානයක් යොමුකල යුතු වෙනවා. එහිදී රජය මෙන්ම මහජනතාවද වගකීමකින් යුතුව කටයුතු කලයුතු වෙනවා. එහි ආදර්ශය ප්‍රථමයෙන්ම රටට ප්‍රදර්ශණය කල යුත්තේ රජය විසිනුයි. 
 
මොනම තත්වයක් තුළ හෝ ජනතාව කුපිත කරවන ආකාරයෙන් කටයුතුවලින් රජය බැහැරවිය යුතුයි.
 
 ආණ්ඩුවේ දේශපාලකයන්ට එක නීතියකුත් විපක්ෂයේ දේශපාලකයන්ට තවත් නීතියකුත් වන ආකාරයට ක්‍රියාත්මක නොවිය යුතුයි. 
 
එමෙන්ම කොවිඩ් මර්දන ක්‍රියාවලිය සම්පූර්ණ වශයෙන්ම රටේ සෞඛ්‍ය අංශ වෙත පවරා දියයුතුයි. 
 
සන්නද්ධ හමුදාවද ඇතුලු අනෙකුත් සේවාවන්හි පූර්ණ සහය ඒ සඳහා ලබාගැනීම අත්‍යවශ්‍ය වුවත් කොවිඩ් මර්දනයට අදාල ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ගැනීම හා ඊට අදාල සැලසුම් සකස් කල යුත්තේ හා එය අධීක්ෂණය කල යුත්තේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට අයත් විශේෂඥවරුන්ගේ නිර්දේශ හා මඟපෙන්වීම් අනුව පමණය. ඒ බව අප නැවත නැවතත් අවධාරණය කරනවා. 
 
  
20 වන සංශෝධන මඟින් මොනතරම් දැවැන්ත බලයක් අද රජය අත්පත්කරගෙන තිබුණත් රට මුහුණ දෙමින් සිටින මෙවැනි අර්බුදකාරී තත්වයකදී එක පුද්ගලයෙකු විසින් අත්පත්කරගත් බලයකට පමණක් ඒවායින් ජයගත නොහැකි බව ඕනෑවටත් වඩා පැහැදිලි ලෙස ඔප්පුකර තිබෙනවා. 
 
 
බලයෙන් හිස උදුම්වාගත් පමණින් හෝ අත්තෝනෝමතික ලෙස ක්‍රියා කරමින් දේශපාලන ප්‍රතිවාදීන් මර්දනය කිරීම පමණින් හෝ රට හමුවේ ඇති අර්බුද ජයගත නොහැකි බව දැන් ඉතා පැහැදිලිය. කෙටියෙන් කියන්නේ නම් තර්ජනය හා භීෂණය මුල්කරගත් හුදු නියෝගවලින් පමණක් අද මේ රට මුහුණ දෙමින් සිටින බරපතල අර්බුදයට විසදුම් සොයාගත නොහැකිය. 
 
ඒ වගේම අද මේ රටේ පාලකයන් විශ්වාසය තබාගත යුත්තේ 20 වන සංශේධනය මගින් ලබාගත් බලය ගැන නොවේ. රටේ ජනතාවගේ එකඟත්වය ගැනය. 
 
එහිදී මේ රටේ ජනමතය පිලිබදව වර්තමාන පාලකයන් දැන්වත් අවංක අවධානයක් යොමුකළ යුතු වෙනවා. 
 
දේශපාලනයේ මූලිකාංග ගැන සුළු හෝ අවබෝධයක් ඇති කිසිවෙක් 20 වන සංශෝධනයට එකඟත්වයක් පල කරන්නේ නැත. එයට ආ වඩන්නේ ආණ්ඩුවේ හෙන්චයියන් පමණක්ම ය. 
 
නමුත් මේ රටේ බුද්ධිමත් ජනතාව එසේ නොවේ. 20 වන සංශෝධනය පිළිබදව සිදුකර ඇති ජනමත සංශෝධනයකට අනුව ඊට සහභාගී වූ පිරිස 86%කම එය පිලිකුල් කරනවා.
 
 ඒ නිසා එම කාරණය පිලිබදව මෙන්ම රටේ දක්නට ලැබෙන අනෙකුත් කරුණු කාරණාවලට අදාලව ජනතාව සිතන පතන ආකාරය පිලිබදව රජයේ නිසි වැටහිමක් ලබාගත යුතු වෙනවා. රටේ බහුතර ජනතාව අද සිටින්නේ බලවත් අතෘප්තියකිනි. 
 
ඒ නිසා මේ රටේ පාලකයනි අන් සියල්ලටම පෙර ජනතාව සිතන පතන ආකාරය පිලිබදව අවධානය යොමුකල යුතු වෙනවා. එසේ කටයුතු නොකල හොත් වර්තමාන ආණ්ඩුවේ ඉරණම බොහෝ ඛේදජනක වියහැකියි.''
 
 

THE LEADER TV 
 
අධ්‍යාපන ලේකම්වරයාගේ තවත් අඥාන ක්‍රියාවක් හෙළි වෙයි !
 
 
විමුක්ති ගේන්න මංගලගෙන් අලුත් වැඩක් ? 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්