වැලිකඩ සිරමැදිරියේදී තිස් අට වසරකට ඉහතදී කුරිරු ලෙස මරා දැමුණු ටෙලෝ සංවිධානයේ නායකයන් ඇතුළු පිරිස සිහිකරමින් උතුරේ දිස්ත්‍රික්ක දෙකක අනුස්මරණ සැමරුම් පවත්වා තිබේ.
ටෙලෝ යනුවෙන් ප්‍රකට දෙමල ඊළාම් විමුක්ති සංවිධානයේ මුලතිව් හා මන්නාරම දිස්ත්‍රික්ක කාර්යාල තුළ ජුලි 27 අගහරුවාදා අනුස්මරණ සැමරුම් පැවැති බවයි පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ.
 
ඝාතනයට ලක් වු සංවිධානයේ නායකයන්ගේ ඡායාරූප වෙත මල් මාලා පළදවා මලින් පහනින් ඔවුන්ට උපහාර දැක්වීමට සංවිධායකයන් කටයුතු කර තිබේ.
 
එම පක්ෂයේ වත්මන් ජාතික හා පළාත් මට්ටමේ ජනතා නියෝජිතයන් පිරිසක් ද සැමරුම් සදහා එක්ව සිටි බව පළාත් බද වාර්තාකරුවෝ වැඩි දුරටත් පවසති.
 
 
 
 
ma 01
Mullaitivu 09
 
 
කෙසේ නමුත් ටෙලෝ හි මඩකලපුව ගෝවින්දන් වීදියේ පිහිටි දිස්ත්‍රික් කාර්යාලය මගින් ජුලි 25 සිට  27 දක්වා 83 වැලිකඩ සිරමැදිරියේදී සිංහල සිරකරුවන් විසින් මරා දැමුණු 53 දෙනකු අතර වූ සිය නායකයන් ඇතුළු දේශපාලන සිරකරුවන්  සියලු දෙනා සිහිපත් කිරීමට සැලුම් කළ වැඩසටහන අධිකරණ නියෝගයක් මගින්  තහනම් කර තිබුනි.
 
සංවිධායක ඉන්ද්‍රකුමාර් ප්‍රසන්නා වෙත මඩකළපුව මහේස්ත්‍රාත් අධිකරණය දන්වා තිබුනේ  පවතින කෝවිඩ් වසංගතය පැතිර යාමේ අවදානමක් තුල සෞඛ්‍ය හේතු මත මෙම සැමරුම අත්හිටුවන බවය.
 
ඉන්දියාවට යාත්‍රා කරමින් සිටියදී සෙල්වරාජා යෝගචන්ද්‍රන් හෙවත් කුට්ටිමනී, ගනේෂනාදන් ජෙගනාදන් හෙවත් ජෙගන්, සුබ්‍රමනියම් දේවන්, නඩරාජා සිවපතම් හෙවත් සිවපාලන් මාස්ටර් , නඩේසුදාසන්හා නඩරාජා තංගවේලු නොහොත් තංගදුරේ  ටෙලෝ සංවිධානයේ  නායකයන් පිරිස  හමුදාව මගින් අත්අඩංගුවට ගනු ලැබුවේ සැක කටයුතු බෝට්ටුවක් පරික්ෂා කිරීමේදීය.
 
රුපියල් මිලියන 8 ක මුදලක් මංකොල්ලයට  කුමන්ත්‍රණ කිරීම සහ සිදු කිරීම යන චෝදනා වලට කොළඹ මහාධිකරණය හමුවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ  මෙම පිරිසට එරෙහිව නඩු පවරනු ලැබුණි. ඒ  ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ලංකා ඉතිහාසයේ පවරන ලද දෙවන නඩුව ලෙසය.
 
 
 
කළු ජූලි සංහාරයේදී  වැලිකඩ රක්‍ෂිත බන්ධනාගාරගතව සිටි තංගදුරෙයි සහ කුටිට්මනී ඇතුළු දෙමළ දේශපාලන සිරකරුවන් පනස් හතර දෙනෙක්  සිංහල සිරකරුවන් විසින් සිර මැදිරි තුළදීම කපා කොටා මරා දමන ලද්දේ රැකවලට කැඳවා සිටි ආරක්‍ෂක හමුදාවන්ගේ සහ බන්ධනාගාර අධිකාරීන්ගේ පූර්ණ අනුබලය සහ අනුග්‍රහය යටතේය.
 
 
ටෙලෝ නායක කුට්ටමනී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස නම් කිරීමට ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ කටයුතු කළ ද ජීවිතාන්තය දක්වා සිරදඩුවම් ලබා සිටින බැවින් මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දීමට පාර්ලිමේන්තුවට රැගෙන ඒමත් එවකට කථානායක බාකීර් මාකර් විසින් ප්‍රතික්ෂේප කරන ලදී.
 
ආණ්ඩුව භාරයේ සිටියදී ටෙලෝ නායකයන් ඇතුළු දෙමළ දේශපාලන සිරකරුවන් මරා දැමීම සම්බන්ධයෙන් අද වන තුරු කිසිවකුත් නීතිය හමුවට පමුණුවා නැත.  
 
 
 
සබැඳි පුවත් :
 
 
 
 
THE LEADER TV 
 
අධ්‍යාපන ලේකම්වරයාගේ තවත් අඥාන ක්‍රියාවක් හෙළි වෙයි !
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්