ශ්‍රී ලංකාවේ පසුගිය වසර විස්ස ඇතුළත මුඛ පිළිකා රෝගීන් සංඛ්‍යාව නම ගුණයකින් වැඩිවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
 
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික පිළිකා මර්දන ඒකකය පෙන්වා දෙන්නේ පුවක් සැපීම මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතුවී තිබෙන බවයි.
 
පුවක් ආශ්‍රිත නිෂ්පාදන දීර්ඝ කාලීනව භාවිතා කිරීමෙන් මුඛ පටක ආපසු හැසිරවිය නොහැකි පරිදි වෙනස්වීමකට භාජනය වන අතර එය මුඛ ශ්ලේෂ්මල ෆයිබ්‍රොසියා ලෙස හැඳින්වේ.
 
ජාතික පිළිකා මර්දන ඒකකය පෙන්වාදෙන ආකාරයට අනාදිමත් කාලයක සිට දකුණු ගිනිකොනදිග ආසියාව සහ පැසිපික් කලාපවල පුවක් භාවිතාකර ඇත
 
ලෝකය පුරා පුවක් හෝ ඒ ආශ්‍රිත නිෂ්පාදන භාවිතා කරන්‍නන් මිලියන 600ක් පමණ ජීවත්වේ.
 
2004 වර්ෂයේදී ලෝක සෞඛ්‍ය සංවිධානය පුවක් පිළිකා කාරකයක් බවට ප්‍රකාශයට පත්කර ඇත.
 
 
 
දුම්කොල සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ වර්ෂ 2006 අංක 27 දරණ පනතට අනුව සියලුම දුම්කොල නිෂ්පාදන අඩංගු පුවක් නිෂ්පාදන ආනයනය, නිෂ්පාදනය, විකිණීම හෝ විකිණීමට ඉදිරිපත් කිරීම තහනම්කර ඇත.
 
සියලුම සපන පුවක් හා ඒ ආශ්‍රිත නිෂ්පාදන පිළිකාකාරක වන බැවින් එම නිෂ්පාදන භාවිතය ආරම්භ කිරීමෙන් වළකින ලෙසත් පුවත් ආශ්‍රිත නිෂ්පාදන භාවිතා කර ඇත්නම් හෝ දැනටමත් භාවිතා කරන්නේනම් නොපමාව වෛද්‍යවරයෙකු ලවා සායනික මුඛ පරීක්ෂාවක් සිදුකර ගන්නා ලෙසත් ජාතික පිළිකා මර්දන ඒකකය ජනතාවගෙන් ඉල්ලා සිටී.
 
මුඛ පිළිකා පිරිමි පුද්ගලයන් අතර බහුල වන අතර කාන්තාවන් අතර බහුලතම පිළිකාවන් 10 අතරට එය අයත් වේ.
 
2019 වර්ෂයේදී නව මුඛ පිළීකා රෝගීන් 2700 ක් පමණ වාර්තාවී ඇත.
 
දිනකට මුඛ පිළිකා ආශ්‍රිත මරණ 2-3 ක් පමණ සිදු වන අතර මෙය මරණ අනුපාතිකය වැඩි පිළිකා වර්ගයක් ලෙස හැඳින්විය හැකිය.
 
දැනට වාර්තාවී ඇති රෝගීන්ගෙන් සියයට 60ක් පමණ පසු අවදියේ ( III හා IV අවධිවල) පසු වන අතර අවසන් අවධියේ පිළිකාවලට ප්‍රතිකාර කිරීමෙන් පසුව ජීවත්වීමේ හැකියාව අඩුවන බව ජාතික පිළිකා මර්දන ඒකකය පෙන්වාදෙයි.
 
 
 
කල්තියා හඳුනා ගැනීම :
 
 
AnKdbbn14s3hRpVh 2 1
 
 
මුල් අවස්ථා‍වේ හඳුනාගැනීමෙන් ප්‍රතිකාර කිරීම මඟින් රෝගය උත්සන්න වීම වලක්වාගත හැකිය.
 
පසු අවධිවලදී මුඛ පටකවල වෙනස්වීම් යථා තත්ත්වයට පත් කළ නොහැකි නිසා ජීවිත කාලය පුරාම ආහාර අනුභවය, ගිලීම සහ කථනය වැනි එදිනෙදා ක්‍රියාකාරකම් සීමා වේ. 
 
මුඛය තුළ පවත්නා දැවිල්ල, මිරිස් සහිත ආහාර ගැනීමට අපහසුවීම, මුඛ ශ්ලේෂමලයේ දැක්නට ලැබෙන සුදුමැලි ස්වභාවය සහ තොල්වල දක්නට ලැබෙන සුදුමැලි ස්වභාවය මුඛ පිළිකාවක මූලික රෝග ලක්ෂණ වේ.
 
මෙවැනි ලක්ෂණ ඇතිවුහොත් ඕනෑම දන්ත ශල්‍යාගාරයකින් කලින් හඳුනාගැනීම සිදුකර ගැනීමට හැකියාව ලැබේ.
 
මේ සඳහා වැඩිදුර ප්‍රතිකාර මූලික රෝහල් දිස්ත්‍රික් මහ රෝහල්, පළාත් මහ රෝහල් සහ ශික්ෂණ රෝහලවල ස්ථාපිත මුඛ හනුක හා වක්ත්‍ර ශල්‍ය ඒකක මඟින් ලබාගත හැකි බව ද ජාතික පිළිකා මර්දන ඒකකය පවසයි.
 
හිස සහ ගෙල ආශ්‍රිත පිළිකා දිනය ජූලි 27 දිනට යෙදී තිබේ.
 
 
 
THE LEADER TV 
 
අධ්‍යාපන ලේකම්වරයාගේ තවත් අඥාන ක්‍රියාවක් හෙළි වෙයි !
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්