ඇමැති වරුන්ගේ ජපන් ගමන් සඳහාත් නගර අලංකරණය සඳහාත් කෝටි ගණනින් වැය කිරීමට මුදල් ඇති ආණ්ඩුව ගුරුවරුන්ගේ වැටුප් විෂමතා ඉවත්
කිරීම සඳහා අගමැති මුලිකත්වයෙන් කමිටුවක් පත් කොට කල් මැරීම ගුරු නායකයන්ගේ හෙලා දැකීමට ලක්වී තිබේ.
 
අගමැති මහින්ද රාජපක්‍ෂ හා ගුරු වෘත්තීය සමිති නියෝජිතයන් සමඟ ඊයේ (27)  අරලියගහ මන්දිරයේදී පැවති සාකච්ජාවේදී අගමැති වරයා කියා ඇත්තේ, ගුරු -විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීමට තමන්ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බවය.
 
එම අනු කමිටුව ගුරු සංගම් නියෝජිතයන් ප්‍රතික්ෂේප කිරීමෙන් පසු වැටුප් විෂමතා ඉවත් කිරීමට අදාළ පත්‍රිකාවක් නැවතත් ඊළඟ කැබිනට් මණ්ඩලයට යොමු කරන බව ද අගමැති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කර තිබේ.
 
 
එම අගමැතිවරයා විසින්ම රටපුරා නගර 100 ක් අලංකරණය කිරීම සඳහා රුපියල් මිලියන 2000ක් වෙන්කරගැනීමට යොමු කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.
 
 
අගමැති රාජපක්ෂ සමඟ පැවති සාකච්ජා සාර්ථක නොවූ බව පවසන ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් ප්‍රනාන්දු, වැඩි දුරටත් කියා සිටියේ “ඇමතිවරු තුන් දෙනෙක් ජපානයේ ගිහින් තියෙනවා. ඒවට සල්ලි තියෙනවා. මේවට සල්ලි නෑ. කිසිම සාධනීය ප්‍රවේශයක් නෑ. මෙතන කිව්ව එකම දේ කැබිනට් අනුකමිටුවක් දාලා තියෙනවා ඒකෙන් කරනකම් ඉවසීමෙන් ඉන්න කියලා. දින 16ක් මේ අරගලය. අධ්‍යාපන අමාත්‍යවරයා පුන පුනා කිව්වා සියලු ප්‍රශ්න ඇතුළත් කැබිනට් පත්‍රිකාවක් මම දැම්මේ කියලා. තව දාන්න දෙයකුත් නෑ කියලා. එහෙනම් තවත් කැබිනට් මණ්ඩලයකින් නම් මේ ප්‍රශ්නය විසඳන්නේ, අපිත් ලෑස්තියි විසඳනකම් අපේ ක්‍රියාමාර්ගවලට යන්න.”
 
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් සඳුදා (26) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණය වී ඇත්තේ ගුරු - විදුහල් වැටුප් පිළිබඳව ලබන අයවැයට යෝජනා ඉදිරිපත් කිරීමටත්, ඒ සඳහා අනු කමිටුවක් පත් කිරීමටත් ය.
 
  
එම යෝජනාව පරිදි අනාගතයේ හෝ තම ඉල්ලීම ඉටි වේදැයි ගුරු නායකයන් සැක පල කරන්නේ මුදල් නැති නිසා ගුරු වැටුප් සම්බන්ධයෙන් පියවර ගැනීමේ හැකියාවක් නැති බව රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති නිසාය.
 
 
“ගුරු- විදුහල්පති වැටුප් විෂමතා  ඉවත් කිරීමේ අවශ්‍යතාවය හඳුනා ගත්තද දැනට රටේ පවතින මුල්‍ය තත්වය මත අදාළ වෙනස් කම් කිරීමට රජයට මුල්‍ය ශක්තියක් නැහැ’’ යැයි  කැබිනට් මණ්ඩල තීරණ දැනුම් දෙමින් අමාත්‍ය රොමේෂ් පතිරණ ඊයේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුවේදී පැවසිය.
 
Teachers 1Teachers 3Teachers 2 
 

THE LEADER TV 
 

මෛත්‍රී - සජිත් රහස් කතා ! - බුද්ධි අංශ කියයි

 

 
අධ්‍යාපන ලේකම්වරයාගේ තවත් අඥාන ක්‍රියාවක් හෙළි වෙයි !
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්