ශ්‍රී ලංකා මහ බැංකුව අද වන විට රු. ට්‍රිලියනයක (රු. බිලියන 1,135.5)  මුදලක් රටට-ලෝකයට ණය වී ඇත. 
 
මහ බැංකුවේ ණය (භාණ්ඩාගාර බිල්පත්, බැඳුම්කර) වල මුහුණත අගය රු. ට්‍රිලියනය ඉක්වූවේ ගියේ ලංකා ඉතිහාසයේ පළමු වතාවට බව හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි.    
 
භාණ්ඩාගාර බිල්පත්වලට අමතරව මහ බැංකුව රු. බිලියන 198.2 ක ‘provisional advances’ ලබා දී ඇත. සරළව පවසන්නේ නම් බිලියන 198.2 ක ‘මුදල් අච්චු ගසා‘ ඇත. 
 
ශ්‍රී ලංකාව සෙමින් නමුත් ස්ථිරවම දැවැන්ත මුල්‍ය අර්බුදයක් ගරා ගමන් කරමින් සිටින නමුත් රජය මෙන්ම විපක්ෂය ද ‘රටේ මුල්‍ය අර්බුදය ගැන අවධානය යොමු කර නොමැති බවත් හිටපු ආණ්ඩුකාර  තෙන්නකෝන් ගේ වැඩි දුරටත් කියා සිටියි.
 
WhatsApp Image 2021 07 28 at 7.29.57 PM
ලංකාව ඩොලර් බිලියනයක ලොකු ණයක් ගෙවයි
මේ අතර ඊයේ (27) දිනයේ දී කල්පිරීමට නියමිත ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරයක් (ISB)  සඳහා ආපසු ගෙවීම සිදුකර තිබේ.
 
 මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් පැවසුයේ, 2021 ජුලි 27 දින ISB ආපසු ගෙවීමත් සමඟ 2021 සඳහා රජයේ විදේශ ණය සේවා බැඳීම් බොහොමයක් ආපසු ගෙවා අවසන් වන බවත් වර්ෂයේ ඉතිරි කාලය තුළ රට තුළ සංචිත නැවත පූරණය කිරීමට ඉඩ සැලසීම සැලකිල්ලට ගත යුතු කරුණ බවත් ය.
 
මේ අතර අහිතකර සමපේක්ෂණයන් මධ්‍යයේ වුවද, 2021 වසරේ මේ දක්වා කාලය තුළ දී රජයේ සියලුම ණය සේවාකරණ වගකීම් නිසි පරිදි සපුරා ඇති බවත්, ඉදිරියේදී ද ණය සේවාකරණයේ නොකැළැල් වාර්තාව පවත්වා ගැනීම සඳහා රජය කැපවී සිටින බවත් ශ්‍රී ලංකා මහ බැංකුව මීට පෙර අවධාරණය කර සිටියේය.
 
 
 
 
මෙරටට විදේශ විනිමය ලැබෙන මාර්ග අනුව ඉදිරි මාස 3 තුළ ඇමරිකානු ඩොලර් මිලියන 2,650 කට ආසන්න ප්‍රමාණයක් මෙරටට ලැබෙනු ඇතැයි ආණ්ඩුව බලාපොරොත්තු වේ.
 
 
# ඉන්දියාව සමග සිදු කරන SWAP පහසුකම: ඇ.ඩො.මි 400
# බංගලාදේශය සමග සිදු කරන SWAP පහසුකම: ඇ.ඩො.මි 250
# චීන සංවර්ධන බැංකුවේ ලැබෙන ණය : ඇ.ඩො.මි 300
# ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ලැබීමට විශේෂ අයිතිවාසිකම් ප්‍රධානය (Special Drawing Rights allocation from the IMF) : ඇ.ඩො.මි 800
# මහ බැංකුව ඉදිරි මාස 3 තුළ විදේශ විනිමය වෙළෙඳපොළෙන් මිලදී ගැනීම්: ඇ.ඩො.මි 200
# දේශීය බැංකු සතු ස්වෛරීත්ව බැඳුම්කර (ISB) වලින් ලැබෙන ගලා ඒම: ඇ.ඩො.මි 300
# ඌන උපයෝජිත වත්කම් උපයෝගී කර ගැනීමෙන් ලබා ගැනීමට අපේක්ෂිත ගලා ඒම්: ඇ.ඩො.මි 400
 
ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තාවන්ට අනුව 2021 අප්‍රේල් මාසය අවසන් වන විට මධ්‍යම රජය විසින් ගෙවිය යුතු මුළු ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 16.28 ක් ලෙසින් සටහන්ව තිබුණු අතර ඒයින් ඩොලර් බිලියන 6.57 ක් විදෙස් ණය ලෙසින් වාර්තා වී තිබුණි.
 
2021 ජූනි මාසය අවසන් වන විට මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 4 ක් ලෙසින් වාර්තා වන අතර ඒහිදී විදේශ විනිමය සංචිතය ඩොලර් බිලියන 3.57 ක් ලෙසින් දැක්වේ.
 
 

 
 
THE LEADER TV 
 
පුත්තලමේ 'සනා' සතොසට ගෙනා අරක්කු ලොරියක් පන්නයි! 
 

පොහොට්ටු මන්ත්‍රීවරු ජනපතිට ටොක්කක් අනී ! 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්