කොවිඩ් රෝහලක් ලෙස පවත්වාගෙන ගිය හම්බන්තොට පැරණි රෝහලේ දැඩි සත්කාර ඒකකය ප්‍රභූවරයෙකුගේ ප්‍රධානත්වයෙන් නැවත විවෘත කිරීම

සඳහා හදිසියේ වසා දමා ඇතැයි 'අනිද්දා' පුවත්පත වාර්තා කරයි.

 
සිද්ධිය පිළිබඳව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රියගෙන් කළ විමසීමකදී පැවසුවේ, අදාළ ඒකකය උත්සවාකාරයෙන් විවෘත කිරීම සඳහා දේශපාලන වුවමනාවක් මත වසා ඇති බවය.
 
එම දැඩි සත්කාර ඒකකය ආරම්භ කර ඇත්තේ මෙම ජුනි 10 වන දා වන අතර ජුලි 20 වන දා වසා දැමීමට රෝහල් බලධාරීන් තීරණය කර තිබේ.
 
අසාධ්‍ය කොවිඩ් රෝගීන් හත් දෙනෙකුට ප්‍රතිකාර කළ හැකි ඒකකයක් වන එහි ප්‍රමුඛතාව දෙනු ලැබූයේ කොවිඩ් වැළඳී අසාධ්‍ය වන දරුවන්ට බව රත්නප්‍රිය පැවසීය.
 
නිවේදනයක් නිකුත් කරමින් සමස්ත ලංකා හෙද සංගමය පවසන්නේ, වෛද්‍යවරු හිඟ බව පවසා අදාළ ඒකකය වසා දමා ඇති බවය.
 
එම ඒකකය සඳහා නිර්වින්දන වෛද්‍යවරුන් දෙදෙනෙකු, වෛද්‍ය නිලධාරීන් පස් දෙනෙකු ද රාජකාරියෙහි යොදවා සිටි බව එම සංගමයේ ප්‍රධාන ලේකම් එච්.එම්.එස්.බී. මැදිවත්ත පැවසීය.
 
එම වෛද්‍යවරුන් මේ වන විට හම්බන්තොට නව රෝහලට අනුයුක්ත කර රෝගීන් ද මාරු කර යවා ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.
 
 
‘අනිද්දා‘ කළ විමසීමකදී රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ, එම ඒකකය ජනතාවගේ ආධාරවලින් සාදන ලද්දක් බවත් රෝහල් අධ්‍යක්ෂවරයාගේ අත්තනෝමතික තීරණයක් හේතුවෙන් වසා දමා ඇති බවත්ය.
 
 
කෘත්‍රිම ශ්වසන යන්ත්‍ර ද සහිත එම ඒකකය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද සමග එක්ව වසා දැමීමට රෝහල් අධ්‍යක්ෂවරයා තීරණය කර ඇති බවට රෝහල් ප්‍රකාශකයා චෝදනා කළේය.
 
මේ සම්බන්ධයෙන් විමසීමට අප රෝහල් අධ්‍යක්ෂවරයා සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සම්බන්ධ කර ගැනීමට උත්සහ කළ ද එය ව්‍යර්ථ විය.■
 
 
(anidda.lk)
 

 

 

THE LEADER TV 
 
පුත්තලමේ 'සනා' සතොසට ගෙනා අරක්කු ලොරියක් පන්නයි! 
 
 
පොහොට්ටු මන්ත්‍රීවරු ජනපතිට ටොක්කක් අනී ! 
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්