ටයර්, විදුලි උපාංග, පොහොර, කෘෂි රසායන, ඖෂධ සහ ගෑස් හිඟය ට වඩා විශාල අසනහනයක් මතු කරමින් අගොස්තු මාසයේ කිරිපිටි/කිරි නිෂ්පාදන
හිඟයක් මතු විය හැකි බව දේශපාලන හා සමාජ විශේලේෂක රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි.
දකුණු හා මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාරවරයා වූ රජිත් කීර්ති තෙන්නකෝන් එබව සඳහන් කර ඇත්තේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි. එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.
ලංකාවේ එක් පුද්ගල කිරි පරිභෝජනය ලීටර් 35 කි. සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අනුව 2020 කිරි නිෂ්පාදනය ලීටර් මිලියන 414 කි. ඒ අනුව අපේ රටේ නිෂ්පාදනය වන්නේ මෙරට වාර්ෂික කිරි අවශ්‍යතාවයෙන් 30% ක් පමණී.
2020 කිරි හා ඒ ආශ්රිත නිෂ්පාදන ආනයනයට රජය ඩොලර් මිලියන 333 ක් වැය කර තිබේ.
ආහාර වර්ග ඇතුළු ආනයනයන් රැසක් තහනම් කර ඇති නමුත් අද දක්වාම රජය නිල වශයෙන් කිරි ගෙන්වීම තහනම් කර නොමැත.
නමුත් මේවනවිට මෙරට ප්‍රධාන කිරි පිටි ආනයන සමාගම් ණයවර ලිපි විවෘත කිරීමේ අර්බුදයකට මුහුණ දී සිටියි.
මේවනවිට පොහොර ආනයනය සඳහා ඩොලර් මිලියන 250 ක් සපයා ගත නොහැකි නිසා කෘෂි කර්මාන්තයම අර්බුදයකට ලක්වී ඇත.
එසේම, ණයවර ලිපි විවෘත කිරිම සඳහා බැංකුවල ඩොලර් නොමැතිවීම හේතුවෙන් කිරි ආනයනය සීමා කිරීමට සිදුව තිබේ.
ඩොලර් අර්බුදයෙන් හේතුවෙන් කිරි පිටි ආනයන 70% කින් පහත වැටීමට ඉඩ තිබේ. කළු සල්ලි ඩොලර් හෝ නැති නම්, කිරි පිටි පෝලිමක්, හිඟයක් වැලැක්විය නොහැකිය.
කිරි පිටි නැතිවීම පෝෂණ අවශ්‍යතාව පිරිමසා ගැනීමේ ප්‍රශ්නයක් පමණක් නොව ජනතාවගේ දිගු කාලීන ඇබ්බැහිකමක් සන්තර්පනය කිරීම පිළිබඳ ප්රශ්නයකි.
THE LEADER TV
පුත්තලමේ 'සනා' සතොසට ගෙනා අරක්කු ලොරියක් පන්නයි!
පොහොට්ටු මන්ත්‍රීවරු ජනපතිට ටොක්කක් අනී !