ජාතික රෝහලේ නව මෞත්‍ර ලිංගික ශල්‍ය වෛද්‍ය සහ වකුගඩු රෝග විද්‍යායතනය අගමැති මහින්ද රාජපක්ෂ විසින් අද (29) දින පෙරවරුවේ දී විවෘත කරනු ලැබිය. 
 
නිදහස් සෞඛ්‍ය සේවයේ ප්‍රතිලාභ සමස්ත ජනතාවට සමීප කිරීමේ උදාර අරමුණ පෙරදැරිව ඊ.ඒ.එම් මැලිබන් ටෙක්ස්ටයිල් පෞද්ගලික සමාගම සිය පූර්ණ ධන පරිත්‍යාගයෙන් මෙම තෙමහල් ගොඩනැගිල්ල ඉදිකර තිබේ.
 
දැඩි සත්කාර ඒකක ඇඳන් 13 කින් ද සමන්විත මෙම විද්‍යායතනය ඉදිකිරීම සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 300කට ආසන්න වේ. 
 
සමරු ඵලකය නිරාවරණය කරමින් නව මෞත්‍ර ශල්‍ය වෛද්‍ය සහ වකුගඩු රෝග විද්‍යායතනය ගොඩනැගිල්ල විවෘත කළ අගමැතිවරයා එහි නිරීක්ෂණ චාරිකාවකට ද එක්වූයේය.
 
මෙම පරිත්‍යාගය කළ ඊ.ඒ.එම් මැලිබන් ටෙක්ස්ටයිල් පෞද්ගලික සමාගමේ සභාපති ඉල්ලියාස් අබ්දුල් කරීම්  සමඟ අගමැතිවරයා සුහඳ කතාබහක ද නිරත විය.
  PMO6952
 PMO6950KUMA9858KUMA9921KUMA9943KUMA9888 
 
මෙම මෞත්‍ර ශල්‍ය වෛද්‍ය සහ වකුගඩු රෝග විද්‍යායතනය ගොඩනැගිල්ල දෙමහල් ගොඩනැගිල්ලක් ලෙස ඉදිකිරීමට කලින් සැලසුම් කර තිබුනද  එය මහල් තුනක් ලෙස ඉඳිකිරීමට රෝහල් බලධාරීන් ඉල්ලීම් කර තිබිණ. 
 
එම අවස්ථාවේදී තෙවැනි මහල ඉඳිකිරීම සඳහා ධන පරිත්‍යාග කිරීමට ඉදිරිපත්වූ ප්‍රකට සිංහල ව්‍යාපාරිකයකු කොන්දේසියක් ඉදිරිපත්කර තිබිණ. ඒ, මෙම ගොඩනැගිල්ල සිය පියාගේ නමින් නම් කළ යුතු බවටය. 
 
කෙසේවුවද එම අවස්ථාවේදී මැලිබන් ටෙක්ස්ටයිල් පෞද්ගලික සමාගම ගොඩනැගිල්ලේ ඉතිරි කොටසද තම ධන පරිත්‍යාගයෙන් ඉඳිකර දීමට ඉදිරිපත්ව තිබේ. 
 
අද දින මෙම වෛද්‍ය ආයතනය විවෘත කිරීමේ අවස්ථාවට සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි, සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් මේජර් ජෙනරාල් විශේෂඥ වෛද්‍ය එස්.එච් මුණසිංහ, පරිසර අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, ජාතික රෝහලේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ඩබ්ලිව්.කේ වික්‍රමසිංහ, ඊ.ඒ.එම් මැලිබන් ටෙක්ස්ටයිල් පෞද්ගලික සමාගමේ සභාපති ඉල්ලියාස් අබ්දුල් කරීම් ඇතුළු එම සමාගමේ නිලධාරී මහත්ම මහත්මීහු පිරිසක් එක්ව සිටියහ.
 
 

 
THE LEADER TV 
 
ෆයිසර් වගේ දෙගුණයක් මිලට සයිනොෆාම් ගන්නේ ඇයි?
 
 
පුත්තලමේ 'සනා' සතොසට ගෙනා අරක්කු ලොරියක් පන්නයි! 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්