පසුගිය මහ මැතිවරණයේදී පාරජිත අපේක්ෂකයන්ට රජයේ තනතුරු නොදීමට ජනාධිපතිවරයා ගෙන තිබූ තීරණය මේවනවිට හකුලා ගනිමින් ඇතැම්
පරාජිතයන් රාජ්‍ය ආයතන වල සභාපති තනතුරු වලට පත්කර ඇත .
 
ඒ අතර කොළඹ දිස්ත්‍රික්කයට තරඟ කළ අනුර ප්‍රනාන්දු සී බෑන්ක් සභාපති ධුරය ද අම්පාර දිස්ත්‍රික්කයෙන් තරඟ වැදී පරාජයට පත් වූ කීර්ති ශ්‍රී වීරසිංහ පොල් සංවර්ධන මණ්ඩලයේ සභාපති ධුරයට ද පත්ව ඇතැයි ආණ්ඩුවට පක්ෂපාති 'ලංකා සී නිව්ස්' වාර්තාකර තිබේ. 
 
ඇතැම් අමාත්‍ය වරුන්ට එවැනි පරාජිතයන්ට තනතුරු දීමට ඉඩ දී ඇත්නම් තමන්ටද එම ඉඩ ලබා දෙන ලෙස ඇමති වරුන් පිරිසක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමට සුදානමින් සිටින බවද දැනගන්නට ඇත.
 
මේ අතර පසුගිය මහ මැතිවරණයේදී මාතර දිස්ත්‍රීක්කයෙන් තරඟ කර පරාජයට පත්වූ ලක්ෂ්මන් යාපා අබේවර්ධනට ආණ්ඩුකාර ධුරයක් පිරිනැමීමට නියමිත බවද වාර්තාවේ. 
 
 
සබැඳි පුවත් :
 
 

THE LEADER TV 
 
දයාසිරි පැන්නීමට බැසිල්ගෙන් තවත් වෙඩි මුරයක්! 
 
 
Mi-35M හෙලිකොප්ටර් ටෙන්ඩර් මගඩිය පිටුපසත් රාජපක්ෂ කෙනෙක්? 
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්