1200 x 80 DMirror
 
 

රෝහල් පවිත්‍රතා සේවා කොන්ත්‍රාත්තුව රක්නා ලංකා නම් සමාගමකට අක්‍රමික ලෙස පිරිනැමීමේ සුදානමක් ඇතැයි ලංකාවේ ප්‍රකට වෛද්‍ය සංගමයක් චෝදනා කර සිටියි. 
පවිත්‍රතා සේවාව සඳහා 2021/2022 වර්ෂයට අදාළව ලංසු ලියකියවිලි වල සඳහන් මූලික කොන්දේසි පවා කඩ කරමින් ලංසුපත් ඉදිරිපත් කළ රක්නා ලංකා නම් සමාගමකට කොන්ත්‍රාත් ප්‍රදානය කිරීමට කටයුතු කරමින් පවතින සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයාට දැනුම්දී ඇත්තේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය යි.
 
ඒ, එම සංගමයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන ගේ අත්සනින් යුතුවය.
 
 
 
මෙවැනි අක්‍රමිකතා ඇති වීමට ඉඩකඩ තිබීම මැද්දෙන් අමාත්‍යංශ නිලධාරීන් පිරිසක් එකතු වී වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ ද කීර්ති නාමය කෙලෙසන අයුරින් කටයුතු කිරීමට සැලසුම් කරන බවට කරුණු අනාවරණය වී ඇතැයි ද එම ලිපියේ සඳහන් වේ. 
 
 
 
රෝහල්වල පවිත්‍රතා සේවාව යනු, හුදු මතුපිට පිරිසිඳු කිරීමක්ම පමණක්ම නොවන බව පෙන්වාදෙන වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන තවදුරටත් මෙසේද සඳහන් කර ඇත.
 
''ඒ පිළිබඳව හොඳම විග්‍රහය වනුයේ යම් කොන්ත්‍රාත්තුවක් ලබා පවිත්‍රතා සේවා රාජකාරි ඉටු කිරීමේදී රෝහලේ විශේෂඥ ක්ෂුද්‍රජීවී අංශය, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, ආසාදන පාලන අංශය යන අංශ විසින් පවිත්‍රතා කටයුතු අධීක්ෂණය කරනු ලබන අතර, සාමාන්‍ය කාර්යාලයක් පවිත්‍රතා කරනවාට වඩා එම කාර්යයන් වඩාත් කාර්යක්ෂම සහ රෝගී සත්කාර සේවාව වඩාත් ඵලදායීව සහ සෞඛ්‍ය ආරක්ෂිත අයුරින් ඉටුකර දීමය.
 
 
 
පුදුම සහගත වෙනස්කම් !
 
 
එහෙත් මෙම වසරේ එනම්, 2021/2022 වසර සඳහා කැඳවූ ලංසු ඇගයීම් කිරීමේදී වෙන වසරවලට වඩා පුදුම සහගත වෙනස්කම් නිරීක්ෂණය වේ.
 
එනම්. 
 
01. වෙන වසරවලදී රෝහල් පරිපාලකයෙක්, වෛද්‍ය පරිපාලකයෙක් ලංසු ඇගයීම් කිරීමේදී ඊට සහභාගී වූවද මෙම වසරේ එවැනි කිසිදු නිලධාරියෙක් සහභාගි කර නොගැනීම.
 
02. රක්නා ලංකා නම් සමාගමක් පහත අඩුපාඩුකම් සහිතව ලංසු ඉදිරිපත් කළද එම අඩුපාඩු ලංසු විවෘත කිරීමෙන් අනතුරුව නිවැදි කර ගැනීමට ඉඩ සළසා දීම.
 
03. ලංසු ලියකියවිලි වල සඳහන් කොන්දේසි ප්‍රකාරව ලංසුකරු විසින් පවිත්‍රතා සේවාව පිළිබඳව අවම වශයෙන් වසරකවත් පළපුරුද්දක් තිබිය යුතු වුවත් රක්නා ලංකා සමාගම වෙත අවම වශයෙන් වසරකවත් පළපුරුද්දක් නොමැති වීම
 
 
තවද ආරක්ෂක සේවාවක් ඉටු කරනු ලබන රක්නා ලංකා සමාගමට රෝහල් පිරිසිඳු කිරීම ලබා දෙන්නේ නම් සේවා අවශ්‍යතා පිළිබඳ අර්බුදයක් (Conflict of Interest)  තත්වයක් ද උදාවේ. 
 
 
මක් නිසාද යත් රෝහල් ආරක්ෂක සේවය ද එම සමාගමෙන් ඉටු කරන නිසා එහි සේවකයන්ගෙන් සිදුවිය හැකි වංචනික ක්‍රියා මැඩ පැවැත්වීමට නොහැකි වීම, දේපාර්ශවයේම සේවකයන් එකතු වී රෝහල් ද්‍රව්‍ය හා භාණ්ඩ සොයා ගැනීමට අපහසුවක් නොමැති වීම. මේ තුළින් රෝහලේ ආරක්ෂාවට ද තර්ජනයක් වේ.
 
එහෙත් මෙවැනි අක්‍රමිකතා ඇති වීමට ඉඩකඩ තිබීම මැද්දෙන් අමාත්‍යංශ නිලධාරීන් පිරිසක් එකතු වී වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද කීර්ති නාමය කෙලෙසන අයුරින් කටයුතු කිරීමට සැලසුම් කරන බවට අප හට කරුණු අනාවරණය වී ඇත. 
 
එම නිසා මේ ගැන නීති උපදෙස් පතා අනෙකුත් පාර්ශවයන් කටයුතු කිරීමට ඉඩ ඇති බැවින් රෝහල්වල වර්තමාන කොවිඩ් ව්‍යාප්තිය හමුවේ මෙවැනි ආධුනික සමාගමකට කොන්ත්‍රාත් පිරිනැමීමට උත්සාහ කරන නිලධාරීන් සොයා බලා අවශ්‍ය සුදුසු පියවර ගන්නා මෙන් අප ඉල්ලා සිටිමු. 
 
මේ අනුව වර්තමානයේ පුහුණුවක් ලබා සේවය කරන සමාගම් හදිසියේ ඉවත් කිරිමට කටයුතු කිරීම නුසුදුසු බව කාරුණිකව පෙන්වා දෙමි. එ
 
හෙත් රක්නා ලංකා සමාගමට නියමු ව්‍යාපෘතියක් වශයෙන් රෝහල් එකක් හෝ රෝහලක කොටසක් ලබා දී එහි ප්‍රගතිය නිරීක්ෂණය කිරීමක් වන්නේ නම් ඉන්පසුව එම සමාගමට කොන්ත්‍රාත් පිරිනැමීම වඩාත් සුදුසු බව ද අපට හැඟේ.''
 
 
 
GMOF latter 1
 
 
 
THE LEADER TV 
 
 
2024 : මෛත්‍රී යළි ජනපති සටනට ! 
 
 
ඉෂාලිනිගේ මරණය ගැන ඔබ නොඇසු කතා !

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58