1200 x 80 DMirror
 
 

සිකුරාදා දිනයේ 'අද දෙරණ'  සවස 6.25 ප්‍රවෘත්ති ප්‍රකාශය මගින් දරන ලද බාල හා බොලඳ දේශපාලනික උත්සාහය
හාස්‍යට ලක් කල යුතු බව '43 සේනාංකය'ට අනුබද්ධිත නීති ප්‍රතිසංස්කරන ව්‍යාපාරය පවසයි.
 
ඇයි මේ කෙබර ප්‍රවෘත්ති ! 
දෙරන මාධ්‍ය ශීලාචාර වන්නේ කවදාද?
 
43 සේනාංකය ප්‍රධානියකු වන ජ්‍යෙෂ්ඨ නීතිඥ ශිරාල් ලක්තිලක විමසයි.
 
 
''43 සේනාංකයට අනුබද්ධිත නීති ප්‍රතිසංස්කරන ව්‍යාපාරය විසින් පසුගිය සතියේ පවත්වන ලද ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නීතිඥ ගුනරත්න වන්නිනායක විසින් සිදු කරන ලද ප්‍රකාශයක් උපුටමින්, 43 සේනාංකය රිශාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයාගේ නිවසේදී අභිරහස් ලෙස මිය ගොස් සිටින බාල වයස්කාර දැරියගේ මරනය පිලිබඳ පරීක්ෂන ව්‍යාකුල කරමින් සහ ඒ අනුව ව්‍යංගයෙන් රිශාඩ් මන්ත්‍රිවරයාට පක්ෂපාති හා සහනදායක ස්ථාවරයක් ප්‍රකාශ කර ඇති බවට සමාජට ඒත්තු ගැන්වීමට 'දෙරන' මාධ්‍ය දැරු උත්සාහය හාස්‍යට හේතුවක් වන බව කිව යුතුයි..'' යයි නීතිඥ ශිරාල් සඳහන් කරයි.
 
''සැබවින්ම එම උත්සාහය මාධ්‍ය සදාචාරයට පටහැනිය.'' ඔහු අවධාරණය කර සිටියි.
 
එසේම දෙරන එම ප්‍රවෘත්තිය මගින් උත්සාහ කර තිබුනේ 43 සේනාංකය සමාජය ඉදිරියේ දේශපාලනික අපවාදයකට ලක් කිරීමට බවද කියා සිටින ශිරාල් ලක්තිලක, ''ඒ නිසා එම උත්සාහය හෑල්ලු දේශපාලනික උත්සාහයක් බවද කිව යුතුව තිබේ.'' යයි සඳහන් කරයි.
 
නීතිඥ ශිරාල් ලක්තිලක එම කරුණු සඳහන් කර ඇත්තේ සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමිනි.
 
ggggggggggg
 
ශිරාල් ගේ ෆේස්බුක් සටහනේ මෙසේද සඳහන් වේ.
 
 
අප මාධ්‍ය සාකච්ඡාව සංවිධානය කර තිබුනේ පාඨලී චම්පික රණවක පෞද්ගලික මන්ත්‍රී වරයකු ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අධිකරයට අපාහාස කිරීමට අදාල වරද, දඬුවම් හා නඩු ක්‍රියාපටිපාටිය පිලිබඳ නීති කෙටුම් පත පිලිබඳව අදහස් දැක්වීමටය.
 
දෙරන එම මාධ්‍ය, අපගේ සාකච්ඡාවේ හරයට අදාලව කිසිදු ප්‍රවෘත්තියක් වාර්තා නොකලේය.
 
එසේම එහිදී අදහස් දැක්වු කරුනාරත්න පරනවිතාරන හා අපද රටේ නීති කෂේත්‍රයේ සිදු විය යුතු පුලුල් ප්‍රතිසංස්කරන අතරට බාල වයස්කාර දරුවන් මෙහෙකාර සේවයේ යෙදවීම, දරුවන් කෘරත්වයට භාජනය කිරීම ලිංගික අතවරයන්ට ලක් කිරීම රිශාඩ් මන්ත්‍රී වරයාගේ නිවසේ සිදුවීම අනුසාරයෙන් විස්තර කලා පමනක් නොව එම සිදුවීම හෙලා දැක්කේය. 
 
එසේම අපගේ යෝජනව වුයේ මෙම තත්වය පාලනය කිරීම සඳහා නවීන වහල්සේවයේ යෙදවීම (modern slavery) ට එරෙහි නව නීති ගෙන ඒමට අවශ්‍ය වන බවය.
 
දෙරනට ඒ කිසිවක් වැදගත් ප්‍රවෘත්තියක් නොවුනේය.
 
දෙරන සිතුවේ වෙනස් අයුරකිනි. ඒ 43 සේනාංකයට දේශපාලන ගේමක් අටවන්නටය.
 
ඒ සඳහා ඔවුන් සොයාගත්තේ නීතිඥ වන්නිනායකගේ ප්‍රකාශයේ වියුක්ත කොටසකි.
 
නමුත් දෙරන තම ප්‍රවෘත්තියෙන් උපුටා දක්වන වන්නිනායක නීතිඥ තැනගේ ප්‍රකාශය ඉදිරිපත් වන්නේ ද එය තේරුම් ගතයුත්තේ ද ප්‍රවෘත්ති සාකච්ඡාව පැවැත්වු පසුබිම තුලය.
 
වන්නිනායක පවසන්නට යෙදුනේ රිශාඩ් මන්ත්‍රීවරයාගේ නිවසේදී අභිරහස් ලෙස මියගිය දැරිය වෛද්‍යවරයකුට මරනාසන්න ප්‍රකාශයක් ලබා දී ඇති බවත් එමගින් කියවෙන්නේ තමන් සියදිවි නසාගත් බවය. නීතියට අනුව එනම් සාක්ෂි ආඥා පනතේ 32(1) වගන්තියට අනුව එවැනි ප්‍රකාශයක් බරපතල ප්‍රකාශයක් වන්නා සේම විවාදයට තුඩු දී ඇති මරනයට හේතුව පිලිබඳව අවසානාත්මක ප්‍රකාශයක්ද වන්නේය.
  
නිවැරදි මාධ්‍ය කරනයක යෙදෙන්නේ නම් දෙරනට තිබුනේ 43 ට මඩ ගැසීම නොව පොලිස් මාධ්‍ය ප්‍රකාශයක් හරහා වන්නිනායක නීතිඥවරයාගේ ප්‍රකාශය පිලිබඳ සත්‍ය අසත්‍යතාවය සොයා බැලීමයි.
 
කෙසේ නමුත් වන්නිනායකගේ එම ප්‍රකාශය තුලින් කිසිසේත්ම රිශාඩ් මන්ත්‍රිවරයාගේ නිවසේ සිදුවී ඇති අනෙක් සියලු අපරාධ සඳහා කිසිදු විත්ති වාචකයක් සපයා තිබුනේ නැත. අපගේ සමස්ත මාධ්‍ය සාකච්ඡාව තුලින් එවැන්නක් යෝජනා වුයේ නැත.
 
බාල වයස් කාර දරුවන් මෙහෙකාරත්වයට යෙදවීම ඔවුන් කෟරත්වයට භාජනය කිරීම (සාක්ෂි ඇත්නම්) හා ලිංගික අතවරයට භාජනය වී තිබුනේද (සාක්ෂි පවතින්නේ නම්) යන අපරාධ වලට අදාල තොරතුරු (සාක්ෂි නොවේ) රිශාඩ් මන්ත්‍රී වරයාගේ නිවසින් මතුවී තිබේ. එම වරද අපගේ හෙලා දැකීමට හේතුවන්නේය.
 
අපරාධයකට අදාලව මාධ්‍ය වාර්තා කරනයේ දී වගකීමකින් ක්‍රියා කිරීමේ පුර්ව කොන්දේසිය අප රටේ මාධ්‍ය ආයතන දිගින් දිගටම නොතකමින් සිටී. 
 
රිශාඩ් මන්ත්‍රී වරයාට අදාල ප්‍රවෘත්ති මැවීම ද සිදුවන්නේ අතිශෝක්ති ගතවය. ( එනයින් රිශාඩ් දේශපාලනයට අප එකඟවන්නේ යයි කිසිවකු නොසිතිය යුතුය)
 
කුරුණෑගල සාෆි වෛද්‍යවරයාට අදාල නඩුව මෙයට කදිම උදාහරනයක් සපයයි. 
 
සිංහල සමාජය තුල පවතින පදනම් විරහිත මුස්ලිම් විරෝධය දඩමීමා කොට ගෙන ප්‍රවෘත්ති මැවීම රටේ නීතියේ ආධිපත්‍යට එල්ල කරන මරු පහරක් වන්නේය. එසේම ඒ තුලින් දේශපාලන වාසියක් ලබා ගැනීමට තැත් කරයි නම් එය කුජීතම උත්සාහයකි.
  
විශේෂයෙන්ම රටක ප්‍රජාතන්ත්‍රවාදයේ තෙවැනි ඇස ලෙස විරුදාවලි ලත් මාධ්‍ය තුලින්ම රටේ නීතියේ ආධිපත්‍ය යටපත් කරන්නේ නම් එය අතිශයින්ම ඛේද ජනකය.
 
නිතියේ ආප්තයක් වන්නේ වැරදි කරුවන් ගනනාවක් නීතියෙන් නිදහස් වීමට වඩා එක නිවැරදි මිනිසකු නීතිය මගින් දඬුවමට ලක් කිරීම බරපතල අපරාධයක් වන බවය. මෙම ආප්තය මෙරට මාධ්‍ය අපරාධ වාර්ථාකරනයේදි සලකා බැලිය යුතු බරපතලම සංකල්පය වන්නේය.
 
අවාසනාවකට දෙරන තම ප්‍රවෘත්ති මැවීමේ දී තමන් විසින් අනුගමනය කල යුතු සදාචාරය හෝ වෘත්තිමය වගකීම හෝ රටේ යහපැවැත්ම පිලිබඳව 'දෙරන'ට වගේ වගක් නැති බවක් පෙනේ. ඔවුන්ට අවශ්‍ය තම බල ව්‍යාපෟතිය කෙක්කෙන් හෝ කොක්කෙන් ජය ගැනීම පමනක් යයි සිතේ.
 
දශක හතක් තිස්සේ කෙක්කෙන් හෝ කොක්කෙන් බල දේශපාලනයේ යෙදීම තුලින් රටට අත් කර දී ඇත්තේ බංකොලොත්භාවයමය.
 
neruදෙරනේ දේශප්‍රේමයට මෙය තවමත් නොවැටහුන බවක් හැඟේ. ඒ අනුව පෙනෙන්නේ ඔවුන් ගේ දේශප්‍රේමය යනු හුදු වෙලඳ පල තුල විකුනන වෙළඳ භාන්ඩයක් පමනක් බවය. 
 
එසේ නම් නේරු කියු කතාව 'දෙරන' සම්බන්දයෙන් යතාර්ථයක් වන්නේ යයි කිව යුතුව තිබේ.
 
නේරු කිව්වේ,
 
Pseudo Patriotism  is last resort of a scoundrel කියාය. එනම් බොරු දේශප්‍රේමය වනාහි තක්කඩියන්ගේ අවසාන තිප්පොල වන බවය.

 

 

 

 

 


 

THE LEADER TV 
 
 
පියුමි නිසා සරත්ට වෙච්ච දෙයක් !
 
 
 
2024 : මෛත්‍රී යළි ජනපති සටනට ! 
 
 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

නවතම පුවත්