නුවරඑළිය දිස්ත්‍රීක්කයට වැඩි සංචාරක ආකර්ශනයක් ලඟා කරගැනීමේ අරමුණින් යුතුව ක්‍රියාත්මක කිරීමට නියමිත ව්‍යාපෘතියක් හරහා ආණ්ඩුවේ
ප්‍රබලයකු යුරෝ මිලියන ගණනක කොමිස් මගඩියකට අරඅදිමින් සිටින බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් අනාවරණය වේ.
 
එම ආරංචි මාර්ග සඳහන් කරන පරිදි, පසුගිය වසරේ දී (2020) යුරෝ මිලියන් 30කට (රුපියල් මිලියන 7800) ක්‍රියාත්මක කිරීමට සැලසුම්කර තිබු 'නානුඔය - නුවරඑළිය කේබල් කාර් ව්‍යාපෘතිය' ම කිසිඳු වෙනසකින් තොරව යළි ඉදිරිපත්කර ඇත්තේ යුරෝ මිලියන 54ක (රුපියල් මිලියන 14,040) ටය. 
 
ඒ මිල පෙර ඉදිරිපත්කර තිබු මිල ගණන් වලට වඩා යුරෝ මිලියන 24ක් ඉහල දමමිනි. (මේවනවිට යුරෝ එකක් රුපියල් 260කි.)
 
යෝජිත කේබල් කාර් ව්‍යාපෘතිය නානුඔය දුම්රිය පොළ සිට නුවරඑළිය නගර මධ්‍යයේ පිහිටි තුරඟ තරඟ පිටිය (රේස් කෝස්) දක්වා කිලෝ මීටර් 06ක් දක්වා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.
 
මෙම ආයෝජන ව්‍යාපෘතිය ඉදිරිපත් කර ඇත්තේ, ජර්මනියේ ස්ථානගතව ඇති ඔස්ට්‍රියන් සමාගමක් විසිනි. එහි දේශීය නියෝජිතයා ලෙස සැලකෙන්නේ අදීෂ් ද සිල්වා නමැත්තෙකි.
 
 Arosh 
 
එම සමාගම මෙම ව්‍යාපෘතිය සඳහා මුදල් ආයෝජනය කිරීමට සැලසුම්කර ඇත්තේ, මෙම ව්‍යාපෘතියට ශ්‍රී ලංකා රජයේ අනුමැතිය ලැබීමෙන් පසු බැංකු ණයක් ලබාගනිමිනි. 
 
මෙම ව්‍යාපෘතිය සඳහා අදාල සමාගමට රජයේ අනුමැතිය ලැබුන පසු එම බලපත්‍රය වෙනත් සමාගමකට විකිණීමේ සුදානමක් ගැනද වාර්තා වේ.
 
 අදාල විදෙස් සමාගම මෙම ව්‍යාපෘතියේ වියදම් පියවාගැනීමට යෝජනා කර ඇත්තේ නානුඔය සිට නුවරඑලියට කේබල් කාර් රථයක ගමන්ගන්නා අයකුගෙන් රුපියල් 5000ක ගාස්තුවක් අය කිරීමෙන් හා එම ව්‍යාපෘතියටම අදාලව ඉදිකෙරෙන ආපන ශාලා හා විවේකාගාර පෞද්ගලික අංශයට කුලියට දීම හරහාය.  
 
නාගරික සංවර්ධන අධිකාරියේ මැදිහත්වීම !
 
 
මෙම ව්‍යාපෘතියට අදාල ඉඩම් පවරා ගැනීම සම්බන්ධයෙන් නුවරඑළිය නගර සභාව, දුම්රිය දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ හා වන ජීවී දෙපාර්තමේන්තුවල නිර්දේශ අවශ්‍ය වී අතර එම ආයතන  තමන් සතු ඉඩම් මෙම ව්‍යාපෘතියට නොමිලේ වෙන්කර දීමට අදිමදි කිරීම නිසා එම ඉඩම් නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරා ගැනීමට තීන්දු කර තිබේ. 
 
ඒ සඳහා අනුමැතිය ගැනීමට කැබිනට් පත්‍රීකාවක් ඉදිරිපත් කිරීමට ද රජය තීරණය කර තිබේ.
 
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ රට ගොඩනැගීමේ ආර්ථික මෙහෙයුම තුළ මධ්‍යම පළාතේ ආර්ථිකය සවිබල ගැන්වීමට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සදහා කඩිනම් ව්‍යාපෘති රැසක් මාතලේ, මහනුවර, නුවරඑළිය දිස්ත්‍රීක්ක කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කිරීමට තීන්දු කර අතර එහිදී විදෙස් ආයෝජන මත 'නුවරඑළිය කේබල් කාර් ව්‍යාපෘතිය' ආරම්භ කිරීමට රජයේ අවධානය යොමුව ඇත.
 
එහෙත් මෙහිදී මතුවන බරපතල කාරණය වන්නේ ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව යටතේම රුපියල් මිලියන 7800 කට ඉදිරිපත්වූ ව්‍යාපෘතියක් අලුතින් කිසිඳු ආකාරයේ එක්කිරීම සිදු නොවී හිටි හැටියේ රුපියල් මිලියන 14,040 දක්වා ඉහල රුපියල් මිලියන 6,240 කින් ඉහළයාමයි. කැබිනට් අනුමැතියට පෙර මේ කාරණය ගැනද සොයා බැලීම ජනාධිපති උපදේශකයින්ගේ වගකීම වනු ඇත.
 
 
WhatsApp Image 2021 08 02 at 11.26.34 AM
 
  
 
පිළිතුරුදීමේ අයිතිය :
theleader.lkහි පලවී ඇති වාර්තාවකින් යම් පාර්ශවකයට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු දීමට ඇති අයිතිය අප පිළිගනිමු. - සංස්කාරක
විද්‍යුත් ලිපිනය This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 
 
 
සබැඳි පුවත් :
 
 
 
 

THE LEADER TV 
 
ජනාධිපති ලේකම් රටම අවධානමේ දායි !
 
 
ජනපති, මිනිපිරිය බලන්න ඇමරිකාවට! 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්