කියුබානු බොක්සිං ශූරයෙක් වූ ජූලියෝ සෙසාර් ලා කෘස් (Julio Cesar La Cruz) ටෝකියෝ ඔලිම්පික් බොක්සිං තරඟයක් අතරතුර මව්බිම නැත්තනම් මරණය!
අපි ජය ලබන්නෙමු! යනුවෙන් කෑ ගැසීම ලෝකය පුරා දේශපාලන ක්‍රියාකාරීන්ගේ අවධානය යොමුව ඇති විශේෂ සිදුවීමකි.
කිලෝ ග්‍රෑම් 81 බර පන්තිය යටතේ තරඟ වදින ජූලියෝ සෙසාර් මෙළෙස කෑ ගසනු ලැබුවේ අර්ධ අවසන් පූර්ව වටයකදී එමානුවෙල් නම් කියුබා සම්වභයක් සහිත ස්පාඤ්ඤය නියෝජනය ක්‍රීඩකයා පරාජය කිරීමෙන් අනතුරුවයි.
ජූලියෝ සෙසාර් 2016 වසරේ බොක්සිං ක්‍රීඩාවෙන් ඔලිම්පික් රන් පදක්කම දිනාගත් ක්‍රීඩකයායි.
පසුගිය ජූලි මස මුලදී කියුබානු රජයට එරෙහිව විශාල ප්‍රමාණයෙන් විරෝධතා ඇවිල යමින් තිබිණ. එහිදී ඔවුන් යොදාගත් ප්‍රධාන සටන් පාඨයක් වූවේ ‘මව්බිම නැත්නම් ජීවිතය’ යන්නයි.
චේ ගුවේරා
1964 වසරේදී කියුබාව නියෝජනය කරමින් එක්සත් ජාතින්ගේ සමුළුව නියෝජනය කළ චේ ගුවේරා මව්බිම නැත්තනම් මරණය! යනුවෙන් පවසමින් සිය කතාව අවසන් කරන ලදී. පසුගියදා ආරම්භවූ විරෝධතා සඳහා සහභාගී වූවන් එය වෙනස් කොට භාවිතා කරන ලදී.
ඒ අනුව ජූලියෝ සෙසාර්ගේ කෑ ගැසීම කියුබානු රජයට සහ කියුබානු විප්ලවයට සහය පළ කිරීමක් ලෙස සැළකේ.
ජූලියෝ සෙසාර් කියුබානු බොක්සිං කණ්ඩායමේ නායකත්වය උසුලන අතර ජාත්‍යන්තර පරිමාණයේ තරඟ බොහෝ ප්‍රමාණයක් ජය ලැබුවෙකි.
2013 වසරේදී ඔහුව ජාතික ඔලිම්පික් කමිටුව විසින් ඇමරිකානු කලාපයේ දක්ෂතම ක්‍රීඩකයෙකු ලෙස නම් කරනු ලැබිණි. මෙවර ටෝකියෝ ඔලිම්පික් තරගාවලියේදී ද ජූලියෝ සෙසාර් පදක්කමක් දිනාගනු ඇති බවට ඉඟි පළවී ඇත.
(lankaviews.com)
THE LEADER TV
ජනාධිපති ලේකම් රටම අවධානමේ දායි !
ජනපති, මිනිපිරිය බලන්න ඇමරිකාවට!