යහපාලන සමයේ දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලීමට යැයි ගෝඨාභය රාජපක්‍ෂ විසින් පත් කරනු ලැබූ  උපාලි අබේරත්න කොමිසම විසින් තමන්ට එරෙහිව කර තිබෙන නිර්දේශ බලරහිත කරන්නැයි ඉල්ලා හිටපු
අගමැති රනිල් වික්‍රමසිංහ අභියාචනාධිකරණයේ සරණ පතා සිටී.  
 
පෙත්සම්කාර හිටපු අගමැතිවරයා අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටින්නේ තම පෙත්සම විභාග කර අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත්කරන තුරු අබේරත්න කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසයි. 
 
අදාල පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස එම ජනාධිපති කොමිසමේ සභාපති ලෙස කටයුතු කළ විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න, එම කොමිසමේ සාමාජිකයින් වන විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු චන්ද්‍රසිරි ජයතිලක, හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු, කොමිසමේ ලේකම් පර්ල් කේ වීරසිංහ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර නම් කර තිබේ. 
 
 
 
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, විදානපතිරණ නීතීඥ සමාගම මාර්ගයෙන් ගොනු කර තිබුනු මෙම පෙත්සම මගින් අවධාරණය කරන්නේ  අදාල කොමිසම විසින් විමර්ශන කටයුතු කර ඇති ආකාරය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවයි. 
 
කොමිසම්  වාර්තාවෙහි 17-21 පිටු වල තමා සම්බන්ධයෙන් ඇති නිර්දේශ ක්‍රියාත්මක වීම අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් ද නිකුත් කරන ලෙස ද එක්සත් ජාතික පක්ෂ නායකයා සිය පෙත්සම මගින් ඉල්ලා සිටී.
 
හිටපු අගමැතිවරයා ඇතුළු තවත් යහපාලන නායකයන් රැසක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දිවුරුම කඩ කිරීම සහ එහි ප්‍රතිපාදන උල්ලංඝණය කිරීම විමර්ශනය කර දඩුවම් ලබා දීමට පාර්ලිමේන්තු නිර්දේශ ලබා දීමට බලය පැවරෙන විශේෂ ජනාධිපති කොමිසමක් පත් කිරීම සහ හිටපු  අගමැතිවරයා ඇතුළු වග උත්තරකරුවන්ට  එරෙහිව ලැබී ඇති සාක්ෂි සහ ලේඛන නෛතික ක්‍රියා මාර්ග ගැනීම සඳහා අල්ලස් හෝ දුෂණ කොමිසමට සහ නීතිපති වෙත යොමු කළ යුතු යැයි උපාලි අබේරත්න කොමිසම නිර්දේශ කර ඇත.
 
 
 
සාධාරණ අපේක්ෂාවක්
ජනාධිපති රාජපක්ෂ විසින් පත්කරන ලද  මෙම අබේරත්න කොමිසම විසින් සාක්ෂි දීම සදහා තමන් ට කරන ලද කැඳවීමක් අනුව ඉකුත් 2020 සැප්තැම්බර් 04 දින එහි පෙනී සිටි තමන්ට චෝදනා පත්‍රයක් හෝ පැමිණිල්ලක් ඉදිරිපත් නොවූ බව පවසන පෙත්සම්කාර රනිල් වික්‍රමසිංහ,  කොමිසම විසින් තමන්ගෙන් ප්‍රමාණවත් ලෙස නිදහසට කරුණු විමසීමක් සිදු නොකළ බවත්, විත්තිකරුවකු ලෙස නොව සාක්ෂි කරුවකු ලෙස තමන් ට සලකන බව  දැනුම් දීම නිසා තමන් ට එරෙහි නිර්දේශ එම කොමිසමෙ හි වාර්තාව ට ඇතුළත් නොවනු ඇති බවට සාධාරණ අපේක්ෂාවක් තිබුණු බවද  සඳහන් කරයි.
 
යහපාලන රජය සමයේ ක්‍රියාත්මක වූ දූෂණ මර්දන ලේකම් කාර්යාලය ගැන පෙත්සමේ සඳහන්  වග උත්තරකරුවන් විසින් විමර්ශනයක් සිදුකළ බවට තොරතුරු වාර්තා වූ බව පෙන්වාදෙන පෙත්සම්කරු,  අදාළ කොමිෂන් සභාවේ වාර්තාව මගින් තමාට ද බලපාන නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කර තිබෙන බවට මාධ්‍යවලින් ප්‍රචාරය වී තිබූ බවත් පවසයි. 
                                                                            
දූෂණ මර්දන ලේකම් කාර්යාලය ස්ථාපිත කෙරුණේ එවක අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයකට අනුව බවත් එහි වියදම් සියල්ල නීතියට අනුකූලව සිදුකර ඇති බව සිය පෙත්සම මගින් පෙන්වා දෙන රනිල් වික්‍රමසිංහ කියා සිටින්නේ, ජනාධිපති පත්කළ අබේරත්න කොමිසම සිදුකළ නිර්දේශ වලින් තමන්ට දැඩි අගතියක් සිදුවන
බවයි.
 
 
THE LEADER TV 
 
කොතලාවල පණතින් ආණ්ඩුව පුපුරයිද ?
 
 
දිල්රුක්ෂි ඩයස්ගේ තවත් 'හඬපටක්' එලියට !

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්