හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටියදී පිළිස්සුම් තුවාල සහිතව මියගිය 16 හැවිරිදි දැරිය රැඳීසිටි කාමරයේ බිත්තියක
තිබූ විශේෂ සටහනක් වෙත පොලිසියේ අවධානය යොමු වී තිබේ.
 
මෙම දැරිය මන්ත්‍රීවරයාගේ නිවසේ සිටියදී රැඳීසිටි අදාළ කාමරය පරීක්ෂා කිරීමේදී එහි බිත්තියක ඉංග්‍රීසි අක්ෂරයෙන් දෙමළ අර්ථයක් ලබාදෙන ආකාරයට සටහනක් තබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන පවසයි. 
 
එහි සිංහල අර්ථය "මගේ මරණයට හේතුව" යන්න බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන පැවසීය.
 
ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සඳහා එම වැකිය සහිත බිත්තියේ ඡායාරූපයක් ලබාගෙන ඇති බවද ඔහු සඳහන් කළේය.
 
ඊට අමතරව ඊයේ දිනයේ එම ස්ථානය රජයේ රසපරීක්ෂක දෙපාර්තමේන්තුවේ අත්අකුරු පිළිබඳ විශේෂඥයින් විසින් පරීක්ෂා කර තිබේ.
 
මෙම දැරිය පාසල් ගිය සමයේදී භාවිත කළ පොත් කිහිපයක් විමර්ශන නිලධාරීන් විසින් සොයාගෙන ඇති අතර බිත්තියේ තිබූ අදාළ වැකිය ඇය විසින්ම සටහන් කරන ලද්දක් දැයි පරීක්ෂා කිරීම ඒ අනුව සිදුවේ.
 
ත්‍රිපුද්ගල විශේෂඥ අධිකරණ වෛද්‍ය මණ්ඩලයක් විසින් ඉෂාලිනිගේ දෙවන පශ්චාත් මරණ පරීක්ෂණයට අදාළ වාර්තාව ලබාදීමට නියමිත බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසීය.
 
 
''මගේ නංගී ඉංග්‍රිසි ලියන්න දන්නේ නෑ'' - ඉෂාලිනි ගේ සොයුරා කියයි 
 
4477  
 
කෙසේවුවද මිය ගිය ඉෂාලිනිගේ සහෝදරයා වන තිරුප්‍රසාද් 'ලංකාදීප' වෙබ් අඩවියට පවසා ඇත්තේ, සිරුරට ගිනි ඇවිලිමෙන් මිය ගිය ඉෂාලිනි ජුඩ් නැමති තම සහෝදරිය අවිස්සාවේල්ල පුවක්පිටිය දමිල මහා විද්‍යාලයේ 07 වසර දක්වා පමණක් අධ්‍යාපනය ලැබු බවත්, තමන් දන්නා තරමින් ඇයට ඉංග්‍රිසි භාෂාව ලිවිමට හැකියාවක් නොමැති බවත්ය. 
 
මාධ්‍යවේදී රංජිත් රාජපක්ෂ කල විමසුමකට පිළිතුරු දෙමින් තිරුප්‍රසාද් පවසා ඇත්තේ, තම නැගණිය රැදි සිටි කාමරයේ ඉංග්‍රිසි භාෂාවෙන් තම මරණයට හේතුව යනුවෙන් ලියා තිබිම සම්බන්ධව තමන් කිසිවක් නොදන්නා බවයි.
 
තමන් දන්නා පරිදි යමක් බලාගෙන ලිවිමට හැකියාවක් නැගණියට තිබුණද ඉංග්‍රිසි අකුරු ගලපා යමක් ලිවිමට තම නැගණියට අධ්‍යාපන මට්ටමක් නොතිබුණු බවද තිරුප්‍රසාද් පවසයි.
 
 
'දැනුම් දුන්නත් ගණන් ගත්තේ නැහැ'
 
 
මේ සම්බන්ධයෙන් කල සොයා බැලීමකදී රිෂාඩ් බදියුදීන්ගේ නීතිඥයකු පැවසුයේ, දැරිය මියයාමෙන් දින කිහිපය පසු නිවැසියන් එම බිත්ති සටහන  පිළිබඳව පොලිස් නිලධාරීන්ට දැනුම් දී අත් අකුරු පරීක්ෂාවක් කරන ලෙස  ඉල්ලීමක් කර ඇතත් ඒ සම්බන්ධයෙන් කිසිඳු ලෙසකින් තැකීමක් කර නොතිබූ බවයි.
 
දැරිය මියයාමෙන් පසු ඒ සම්බන්ධයෙන් විමර්ශනය කරන පොලිස් නිලධාරීන් හැර පිටස්තර කිසිවකු එම කාමරය තුලට ගොස් නොමැති බවද ඔහු කියා සිටියේය. 
  

 
THE LEADER TV 
 
කොතලාවල පණතින් ආණ්ඩුව පුපුරයිද ?
 
 
දිල්රුක්ෂි ඩයස්ගේ තවත් 'හඬපටක්' එලියට !
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්