කොළඹ දකුණු වරායේ පාලනය හිමි චීන සමාගම ඉදිරිපත් කරන ලද ස්වෙච්ඡා යෝජනාවක් අනුව කොළඹ වරායේ හෙක්ටයාර 5.3ක භූමියක් එම සමාගමට

ලබාදීමට ජුලි 26 වැනිදා පැවති කැබිනට් මණ්ඩලයේදී අනුමැතිය හිමිවී ඇත.

 
වරාය හා නාවික කටයුතු ඇමති රෝහිත අබේගුණවර්ධන මෙම කැබිනට් යෝජනාව ඉදිරිපත් කර ඇති අතර ඒ අනුව කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත්තේ චීන සමාගමේ එම යෝජනාව ඇගැයීමට සාකච්ඡාව සම්මුති කමිටුවක් පත්කිරීමටය.
 
කොළඹ දකුණු වරාය කළම්බු ඉන්ටර්නැෂනල් කන්ටේනර් ටර්මිනල් සමාගම යනුවෙන් හඳුන්වන අතර එහි සියයට 85ක කොටස් අයිතිය ඇත්තේ චයිනා මර්චන්ට් පෝර්ට් හෝල්ඩිංග් සමාගමටය. ඔවුහු ඉදිකර පවත්වාගෙන ගොස් බාරදීමේ පදනම යටතේ වසර 35ක කාලයකට එහි අයිතිය දරති.■
 
 
(ඉඳුවර බණ්ඩාර - anidda.lk)
 
 

THE LEADER TV 
 
කොතලාවල පණතින් ආණ්ඩුව පුපුරයිද ?
 
 
දිල්රුක්ෂි ඩයස්ගේ තවත් 'හඬපටක්' එලියට !
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්