2021 අගෝස්තු මස 1 දින සිට පොහොර ගෙන්වීම සඳහා අවසර ලබා දීමට රජය තීරණය කර ඇත. 
 
ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කර ඇති හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකොන්, ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් සහාය දුන් සැමට ස්තුතිය පළකර සිටියි. 
 
එම නිවේදනයේ මෙසේද සඳහන් කර ඇත.
 
''පොහොර ආනයනය සඳහා පනවා තිබූ තහනම රජය විසින් ඉවත් කර ඇත.  එසේ නමුත්, පොහොර ගෙන්වීම සඳහා අවසර ලබා දෙන්නේ කුමණ ව්‍යාපාරිකයින්ට ද, ගෙන්වනු ලබන්නේ කුමන පොහොර වර්ග ද යන්න පිළිබඳ නිශ්චිත නැත.
 
ඩොලර් හිඟය පියවා ගැනීම සඳහා පොහොර ආනයනය තහනම් කරනු ලැබූ නමුත් රජය කාබනික කෘෂිකර්මය සඳහා යැයි ඉතා ග්‍රාම්‍ය ප්‍රචාරක ව්‍යාපාරයක් ගෙන ගියේය. 
 
 
කාබනික වගාව ප්‍රචලිත කිරීම සඳහා යැයි කියමින් රුපියල් කෝටි 8 ක ප්‍රචාරක ව්‍යාපාරයක් භාතිය සංතෘෂ් සංගීත කණ්ඩායම සමඟ සැලසුම් කළ අතර ජනතා විරෝධය හරහා එය අතහැර දමන ලදී. 
 
 
පොහොර තහනම හේතුවෙන් වී අස්වැන්නේ දැවැන්ත කඩාවැටීමක් සිදුව ඇත.  අතිරේක ආහාර භෝග වර්ග 11ක අස්වැන්න අඩුවී ඇතැයි පසුගිය දා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.  
 
තේ පොහොර නොමැතිවීම නිසා තේ දළු අස්වැන්න අඩුවිය.
 
සලාක ක්‍රමයක් යටතේ පොහොර ආනයන අත්ත දුෂිත ගණුදෙනුවක් බවට පත් විය හැකිය.  
 
කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය පොහොර ප්‍රතිමිතියකින් යුතුව ආනයනය කිරීම සඳහා රජය පියවර ගත යුතුව  ඇත. 
 
එමෙන්ම ප්‍රෝඩාකාරී පොහොර තහනම නිසා වගා හානියකට පත් පිරිසට වන්දි ගෙවීමට රජය පියවර ගත යුතු ය.''
 
 
 
WhatsApp Image 2021 08 03 at 3.31.23 PM
 
 
 
WhatsApp Image 2021 08 03 at 3.31.23 PM 1 
WhatsApp Image 2021 08 03 at 3.31.23 PM 2
THE LEADER TV 
 
ගම්මන්පිල හා සාගරගෙන් සුපිරි පාටියක් ! 
 
 
කොතලාවල පණතින් ආණ්ඩුව පුපුරයිද ?
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්