යහපාලන සමයේ දේශපාලන පළිගැනීම් සොයා බැලීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පත්කළ කොමිසම විසින්  නීතිපති දෙපාර්තමේන්තුවේ රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ජනක බණ්ඩාරට එරෙහිව සිදුකර ඇති නිර්දේශ මත
ඉදිරි පියවර ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක්  නිකුත් කර තිබේ. 
 
තමා සම්බන්ධයෙන් ජනාධිපති පත්කළ අබේරත්න කොමිසම ලබා දී ඇති නිර්දේශ බලරහිත කරන්නැයි ඉල්ලා රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ ජනක බණ්ඩාර ගොනු කරන ලද රිට් පෙත්සමක්  අද 03 වැනිදා විභාග කිරීමට අවසර ලබාදෙමින් නිශ්ශංක බන්දුල කරුණාරත්න, දේවිකා අබේරත්න සහ බී.එන්. සමරකෝන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එම නියෝගය පැනවීය .
 
 
යහපාලන සමයේ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් තුසිත මුදලිගේ යටතේ නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කල නීතිඥ ජනක බණ්ඩාර එම කාලයේ පැනවූ බොහෝ වංචා දුෂණ නඩු වෙනුවෙන් මැදිහත් වීමක් කළ අයෙකි. උපාලි අබේරත්න කොමිසම විසින් නිර්දේශ කර ඇත්තේ නීතිඥ ජනක බණ්ඩාර දේශපාලන උවමනාවන් වෙනුවෙන් කටයුතු කර  ඇති බවය.
                  
 
 නීතිඥ ජනක බණ්ඩාර ගොනු කළ පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ කොමිසමේ සභාපති වූ  විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න, කොමිසමේ සාමාජිකයින් වන විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු චන්ද්‍රා ජයතිලක, හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු, කොමිසමේ ලේකම් පර්ල් කේ වීරසිංහ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර ඇතුළු පිරිසය. 
                                   
එම වගඋත්තරකරුවන්ට සහ නීතිපතිවරයාට ලබන සැප්තැම්බර් 29 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ද අභියාචනාධිකරණය නොතීසි නිකුත් කළේය.   
            
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පත් කළ මෙම අබේරත්න කොමිසම විසින් විමර්ශන කටයුතු කර ඇති ආකාරය  සම්පූර්ණයෙන්ම  නීතියට පටහැනි බවත්, එම කොමිසමේ වාර්තාවේ තමා සම්බන්ධයෙන් ඇති නිර්දේශ සහ සොයාගැනීම්  ක්‍රියාත්මක කිරීම අත්හිටුවන අතුරු තහනම් නියෝගයක්  ද නිකුත් කරන ලෙස රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ ජනක බණ්ඩාර සිය පෙත්සම මගින් ඉල්ලා තිබුණි.
 
 2020 ජනවාරි මස 18 වනදා අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයකට අනුව ජනාධිපති කොමිෂන් සභා වාර්තාවෙන් පෙත්සම්කරු සම්බන්ධයෙන් සිදුකර ඇති නිර්දේශවලට අදාළව ඉදිරි පියවර ගැනීම ද අභියාචනාධිකරණය නිකුත් කල තහනම් නියෝගය මගින් වළක්වා තිබේ.
 
 
සබැඳි පුවත් :
 
THE LEADER TV 
 
ගම්මන්පිල හා සාගරගෙන් සුපිරි පාටියක් ! 
 
 
කොතලාවල පණතින් ආණ්ඩුව පුපුරයිද ?
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්