1200 x 80 DMirror
 
 

''මේ රටේ තිබෙන ප්‍රශ්ණවලට බෙහෙත් වෙනස් කිරීමෙන් පළක් නැහැ. වෙනස් කළ යුත්තේ දොස්තර මහතාවයි'' සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න පැවසිය.
ඔහු එබව සඳහන් කළේ අද (03) පාර්ලිමේන්තුවේ පැවති 2020 ශ්‍රී ලංකා මහ බැංකු වාර්ථාව පිළිබඳ විවාදයේ දී ය. 
 
මේ රජය යටතේ වත්මන් ශ්‍රී ලංකාව ආදායමට වඩා වැඩි වියදම්, අපනයන ට වඩා ආනයන වියදම් වැඩිවීම සහ අය වැය පරතරය වැඩිවීම වැනි අර්බුදයන්ට මුහුණ දෙන බව කී ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරයා, මේ ප්‍රශ්ණවලට බෙහෙත් මාරු කිරීමට වඩා කළ යුතු වන්නේ දොස්තරව වෙනස් කිරීම යැයි  සඳහන් කළේය.
 
එහිදී ඔහු තව දුරටත් මෙසේද සඳහන් කළේය.
 
''අද ජනතාවට යන්තමට හෝ වේලක් හොයගෙන බඩ ගින්න නිවා ගන්න වෙලා තියෙන්නේ. ඒ වගේම තාක්ෂණය ගැන කතා කළාට ඔන්ලයින් අධ්‍යාපනයක් සඳහා අපේ දරුවන්ට ගස් නගින්න වෙලා තියෙන්නේ. රැකිය අහිමිවුණු අය දරු පවුල් පෝෂණය කරන්න විශාල අරගලයක් ගෙන යනවා. ජීවන මට්ටම හොඳට පැවති වෙලාවේ වාහනයක් අරගෙන ගියා එහෙත් අද වාහනය අරගෙන යන්න බැරි ආර්ථික තත්ත්වයක් උදා වෙලා තියෙන්නේ. රට ගිය බිරිඳ එවපු ඩෙබිට් කාර්ඩ් එක යොදලා ඒ.ටී.එම් එකෙන් ඩොලර් 100 වත් ගන්න බැරිවුනා යැයි මාධ්‍යවේදියෙක් කිව්වා. ඩොලර් 100 ත් තහනම් කර ඇතැයි ඔහු කීය.
 
දැන් කම්කරුවන්ට සති පතා ලැබෙන වැටුප් ලැබෙන්නේත් නැහැ. ගොවි මහත්තුරු කනස්සල්ලට පත්වෙලා ඉන්නවා.
ජීවන වියදම, පෙට්‍රල් මිල ඉහලට ගිහිල්ලා තියෙන අතර රට තුළ විශාල ප්‍රශ්න උද්ගතවෙලා..
 
 
 
රාජ්‍ය ආදායම අඩුව ඇති බව පාසල් දරුවෙකුට පවා තේරෙන බව පැවසු ඉරාන් මන්ත්‍රීවරයා, ලැබෙන රාජ්‍ය ආදායමෙන් 70 % වැය වෙන්නේ ණය සේවා පොළි ගෙවීමට බව සඳහන් කළේය.  ආදායමේ ප්‍රතිශතයක් ලෙස ලංකාවට වැඩිය පොළි ගෙවන ලෝකයේ එකම රට ලෙබනනය බවද ඔහු කියා සිටියේය. 
 
 
'' වත්මන් ලංකාව ද්විත්ව අර්බුදයකට මුහුණ දෙමින් සිටිනවා''
 
 
01- ජාතික ආදායමට වඩා වියදම වැඩියි
 
 
 පළමු කාරණය, අපගේ ජාතික ආදායමට වඩා වියදම වැඩියි. මෙය 1990 සිට දල දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස ගතහොත් එය සාමන්‍යයෙන් 7.6 ක හිඟයක්. 
 
1995 සිටම ආදායම පහළට වැටෙන්න පටන් ගත්තා. ජනාධිපති මහින්ද රාජපක්ෂ රජයේ 2006 සිට 2014 දක්වා රටේ ආදායම 17.3 % සිට 11.6 % ට ක්‍රම ක්‍රමයෙන් අඩුවී දැන් මේ ප්‍රශ්ණය උග්‍රවෙලා...
 
කෙසේවූවත් පසුගිය රජය 2018 වන විට ඒ පිළිබඳව අවදානය යොමුකලා. අය වැය පරතරය අඩු කර ආදායම වැඩි කරන මූලික පියවරකට යා යුතුයි කියා අපි කිව්වා. ඒ අනුව 2018 වන විට ආදායම 13.5 % කට වැඩි කරගන්න යහපාලන රජයට හැකිවුනා.
 
එහෙත් 2018 ඇතිවූ කුමන්ත්‍රණය හේතුවෙන් රාජ්‍ය ආදායම 12.6 ට පහළට බැස්සා. 
 
 
 
02- අපනයන ආනයන ගිණුමේ හිඟය:
 
 
දෙවැනි ව්‍යූහාත්මක අර්බුදය වනුයේ අපනයන ආනයන ගිණුමේ තිබෙන හිඟය.  2000 වසරේ සිට දල දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස අපනයන දිගටම පහත බැස ඇත. 
 
මේ ගැටලු දෙකේ ප්‍රතිපලය හේතුවෙන් අපට ජාත්‍යන්තරව හා දේශීයව ණය ගන්නට සිදුවෙලා තිබෙන්නේ යැයි ඉරාන් වික්‍රමරත්න පැහැදිළි කළේය.
 
''මෙම මූලික ගැටළු විසදන්න අපේ රටේ රජයන් යොමු වෙලා නැහැ.  මේ රජය යොමුවෙලා තිබෙන බවක් අදත් පෙනෙන්නට නැහැ. ප්‍රතිපත්ති වෙනසක් තිබේනම් මීළඟ අය වැයේ දී ඒ වෙනස ගැන අහන්න අපි බලා පොරොත්තුවෙනවා.
 
  
අය වැය හිඟය පියවීම සඳහා එදා 2007 මුල් වතාවට අද කතා කරපු  ඇමති අජිත් නිවාඩ් කබ්‍රාල්, එදා මහ බැංකුවේ අධිපති ලෙස ජාත්‍යන්තර වෙළඳපොලට ගොස් ඩොලර් මිලියන 500 ක ණයක් ලබා ගත්තා. හැබයි ඔහු දැන් අපට ජාත්‍යන්තර මුදල් අවශ්‍ය නැහැයි වෙනස් කතා කියනවා.  
 
 
පළවැනි වතාවට ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ණය එදා තමයි පළවැනිවතාවට ශ්‍රී ලංකාව ලබා ගත්තේ කබ්‍රාල් මහතා විසින්. මූල්‍ය හිඟය පියවා ගැනීමේ නව මූලාශ්‍රයක් ලෙස මෙය එදා 2007 රජය ණය ගැනීම ආරම්භ කළා. එමගින් අදික පොළි අනුපාතවලින් දිගින් දිගටම ඩොලර් ණයට අරගෙන තිබෙනවා. මේ රට මුහුණ දුන් ප්‍රශ්ණය මෙයයි.
 
මෙවන් පසුබිමක ලංකාවට පැමිණ ආයෝජනය කරන්නේ කවුරුන්ද.? 
 
 
''අපි ණය අරගෙන සුදු අලි මැව්වා..''
 
 
LOTUS 
 
අපි ණය අරගෙන සුදු අලි මැව්වා. ජනතාවට හෝ රටට සෘජු ප්‍රතිලාභ නොලැබෙන නෙලුම් කුලුන හා හම්බන්තොට සම්මන්ත්‍රණ ශාලා වැනි ව්‍යාපෘති ආරම්භ කළා. එවන් ව්‍යාපෘති ණය වලින් ක්‍රියාත්මක කිරීම සුදුසු තීරන නොවේ. බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාව චීනයෙන් ලැබුනු ප්‍රදානයක්.
 
අනාගතයේ දී වූවද අපි ණයක් ගන්නේනම් එම ණය ආදායම් උපයන ක්‍රියා මර්ගවලට යෙදෙවිය යුතුයි.
 
2018 අවසන් කාර්තුව වන විට විදේශ සංෂිතයේ ඩොලර් බිලියන 7.8 ක් ව පැවතියා. එනමුත්,  2018 කුමන්ත්‍රණය පැවති කාලයේ එය ඩොලර් බිලියනයකින් අඩු වුනා. රුපියල රු. 10 කින් අවප්‍රමාණය වුනා. පසු ගිය රජයේ කාලයේ දල දේශීය නිෂ්පාදනය පහලට ආවා කියා කීවට  2018 තුන්වන කාර්තුව වනතෙක් සාමාන්‍ය වර්ධන වේගය 4.3 % ක්ව පැවතියා. වර්ධන වේගය වැටුනා යැයි මේ රජය බොරුවක් කියාගෙන ගියත් එය අසත්‍යයි. පාස්කු ප්‍රහාරයට මත්තෙන් වූ කුමන්ත්‍රණය නිසයි මේ රටේ  මේ ප්‍රශ්ණය ඇතිවූයේ.
 
 
ජාතික ගිණුම්කරණය සඳහා නවීකරණය කරන ලද මුදල් පනතක් පසුගිය රජය ගෙනාවා. ගිණුම් ක්‍රමය වෙනස් කළා. ඒකෙන් ආදායම ක්‍රමානුකූලව ඉහලට ගියා. දැන් මහ බැංකුව එකී වාර්ථාවෙන් ගණිතමය විජ්ජාවන් කිහිපයක් කර ඇති බව කිව යුතුයි. 
 
2020 වසරේ වියදම අඩුවෙලා තිබෙන බව මහ බැංකුව වාර්ථාවෙන් පෙන්නුවා. මේකේ ජාතික වියදම වියදම මුදල් පදනමින් දිගටම ගණනය කරන්නේ. එහෙත් මේ අවුරුද්දේ එය උපචිත පදනමට 2020 දී  වෙනස් කර රු බිලියන 420 ක් 2019 ට ඇතුළත් කර අය වැය වියදම 11 % ට අඩු බවට අතිශයෝක්තියෙන් පෙන්වූවද ඇත්තටම එය 14 % කි. 
 
ඒ අනුව අවුරුදු 38 කින් මේ රටේ වාර්ථා කළ වැඩිම අයවැය හිඟය වන 14 %  2020 වසරේ දී වාර්ථා වුනා. 
 
තවත් විජ්ජාවක් පෙන්වමින් අපේ මුළු ණය ප්‍රමාණය 2020 දී දල දේශීය නිෂ්පාදනයෙන් 101 % යැයි පෙන්නුවද රාජ්‍ය ව්‍යවසායයන් විසින් ලබා ගෙන ඇති ණය සමග එකතු කළවිට එය 109 % කි.
 
  
ඊට අමතරව ඛනිජ තෙල් සංස්ථාවේ රු බිලියන 345 ක ණය 2020 වන විට 16 % කින් ඉහළට ගියා. 2019 දී රුපියල් බිලියන 297 සිට රුපියල් බිලියන  345 ට ඉහළ ගියා. ලෝකේ තෙල් මිල අඩුවට තිබුණු අවස්ථාවේදීයි එසේ ණය ඉහලට ගියේ. එම කාලයේ රට ලොක් ඩවුන් නිසා තෙල් පාවිච්චි කලෙත් නැහැ. තෙල් මිල පහළට ගිය අවස්ථාවේ එහි වාසිය පාරිභෝගිකයාට දුන්නෙත් නැහැ.
 
 
මේ වාර්ථාව තුළ තුනව විජ්ජවකුත් තිබ්බා. අපේ විදේශ ණය ගැනීම් පහළ ගොස් ඇතැයි සඳහන් වූවත්  ඇත්තටම මෙය ඉලක්කම් විජ්ජාවකි. 
 
ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුමකරවලට වෙළඳපොල වටිනාකමට ගණනය කර තිබෙන නමුත් එයට මුහුණත වටිනාකම සඳහන් කළ යුතුයි.
 
 ඊයේ පෙරේදා ගෙවන ලද ඩොලර් බිලියනයක් ගෙව්වේ ද මුහුණත වටිනාකම අනුවයි. ඒ නිසා ණයවල සැබෑ ගණනය දැන ගැනීමට නම් ණය ගැනීමේදී මුහුණත වටිනාකම සඳහන් කළ යුතුව තියනවා. එසේ මුහුණත වටිනාකම සඳහන් කළහොත් විදේශ ණය ප්‍රමාණය තවත් ඉහලට යනවා.
 
රටක් ගොඩ නගන කොට ආයෝජකයන්ට ශ්‍රේණිගත සමාගම් වලට විශ්වාසය ඇතිවන්නට නම් මේ ගණන් විජ්ජාවල් කරන්නට එපා යැයි අවධාරනය කළ ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රිවරයා,  මහ බැංකුවේ ස්වාධීනත්වය රකින මෙන් මුදල් මණ්ඩලයේ සාමාජිකයන්ගෙන් ඉල්ලීමක් කර සිටියා. 
 
 

 

 

 
 
 
THE LEADER TV 
 
ගම්මන්පිල හා සාගරගෙන් සුපිරි පාටියක් ! 
 
 
කොතලාවල පණතින් ආණ්ඩුව පුපුරයිද ?
 
 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58