වන සතුන්ගෙන් සිදුවන ජීවිත හා දේපල හානි වැලැක්වීමට තිරසාර පිළියම් යොදන ලෙස රට වැසියන් කරන ඉල්ලීම් පසෙක තබා සිදු වන හානි සදහා ගෙවනු ලබන වන්දි මුදල් දෙගුණ කිරීමට රජය පියවර ගෙන තිබේ.
 ආරක්ෂිත වන සතුන් වන දිවියන්, වලසුන්, වන අලියන්, කුළු හරකුන් සහ කිඹුලන් විසින් පහරදීම හේතුවෙන් මිය යන සහ පුර්ණ හා අර්ධ බෙලහීනතාවයට පත් වන පුද්ගලයන්ට සහ නිවාස හා දේපළ හානිවලට දැනට ගෙවනු ලබන වන්දි මුදල් සංශෝධනය කිරීමට වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍යමණ්ඩලය විසින් අනුමත කළ බව රජය නිවේදනය කර තිබේ.
 
 
 
ඒ පහත අයුරිනි;
 
 
01. ජීවිත හානියක් සදහා මෙතෙක් ගෙවන ලද රුපියල් ලක්ෂ පහක වන්දි මුදල ස්ත්‍රී, පුරුෂ භේදයකින් හෝ වයස් භේදයකින් හෝ තොරව රුපියල් ලක්ෂ දහය දක්වා ඉහළ නැංවීම,
 
 
02. පුර්ණ බෙලහීනතාවයකට පත් වන පුද්ගලයකු සදහා මෙතෙක් ගෙවන ලද රුපියල් ලක්ෂ පහක වන්දි මුදල ස්ත්‍රී, පුරුෂ භේදයකින් හෝ වයස් භේදයකින් හෝ තොරව රුපියල් ලක්ෂ දහය දක්වා ඉහළ නැංවීම,
 
 
03.  අර්ධ බෙලහීනතාවකට හෝ ශාරීරික තුවාල සදහා මෙතෙක් ගෙවන ලද රුපියල් හැත්තෑපන්දහසක වන්දි මුදල රුපියල් එක්ලක්ෂ පනස් දහස දක්වා ඉහළ නැංවීම,
 
 
04. වන අලි පහරදීම්වලින් සිදු වන නිවාස හා දේපළ හානි සදහා මෙතෙක් ගෙවන ලද රුපියල් ලක්ෂයක වන්දි මුදල උපරිමය රුපියල් ලක්ෂ දෙක දක්වා ඉහළ නැංවීම ආදී වශයෙනි.
 
 
 
 
 රටේ වැඩි කොටසක අලි මිනිස් ගැටුම්:
 
 117595063 01 
 
 
 ශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්ක විසි පහෙන්, දහ නමයකම අලි මිනිස් ගැටුම් පවතින බව රජය පසුගියදා පිළිගෙන තිබුනි.
 
 ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක දහ නමයක් තුළ පිහිටි ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 133 ක දැනට අලි මිනිස් ගැටුම් වාර්තා වන බවයි රජය පවසන්නේ.
 
 මෙම තත්වය පාලනය කිරීම සදහා වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ආරක්ෂිත වැටවල් සහ විදුලි වැටවල් ඉදි කරන අතර එම වැටවල් සදහා භාවිතයෙන් ඉවතර කරන ලද රේල් පිලී යොදා ගැනීමට ද ගිය වසරේ  කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබුනි.
 
 පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී රජය ප්‍රකාශ කර තිබුනේ, ඒ වන විට විදුලි වැට කිලෝ මීටර 4500 ක් පමණ ඉහත කී ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 133 හි ඉදි කර තිබෙන අතර තවත් කිලෝ මීටර 1500 ක පමණ විදුලි වැටවල්ද, ආරක්ෂිත වැට සහිත වන අලි රැදවුම් මධ්‍යස්ථානද ඉදි කිරීමට සැලසුම් කර තිබෙන බවයි.
 
 මෙම වැටවල් ඉදිකිරීම සදහා දැනට දැව කණු යොදා ගනු ලැබුවද වන අලින් විසින් ඒවා නිතර පෙරළා දමන අතර මේ සදහා කොන්ක්‍රීට් කණු යොදා ගැනීමද ඒවා ප්‍රතිසංස්කරණය කිරීමේ අපහසුතා නිසා ප්‍රායෝගික නොවන බව රජය වැඩි දුරටත් සදහන් කරයි.
 
 ඒ අනුව, එම කාර්යයන් සදහා විකල්ප විසදුමක් වශයෙන් භාවිතයෙන් ඉවත් කරන ලද රේල් පීලි යොදා ගැනීමට යෝජනා විය.
 
 ඒ සදහා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් භාවිතයෙන් ඉවත් කරන ලද රේල් පීලි වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නොමිලේ ලබා ගැනීම පිනිස, වන ජීවි හා වන සංරක්ෂණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළ බව ද පසුගිය වසරේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබුනි.
 
 
 
 
 
2020 වසරේ ජනපති උපදෙස:
 
 
 
 වන අලි ගම් වදිනවා වෙනුවට කැලෑ වදින ක්‍රමවේදයක් සකස් කර අලි මිනිස් ගැටුමට දෙවසරක් තුළ ස්ථීර විසඳුමක් දෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගිය වසරේ  ඔක්තෝබර් මාසයේදී නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබුනි.
 
 එහිදී ජනාධිපතිවරයා අවධාරණය කර තිබුනේ මිනිසා සහ අලියා යන දෙකොටසම සුරැකෙන කඩිනම් සහ ස්ථීර විසඳුම් සෙවීම ප්‍රමුඛ කාර්යක් බවයි.
 
 මිනිස් ක්‍රියාකාරකම් නිසා වාසභූමි අහිමිවූ අලි ගම් වැදීමෙන් වැඩිම හානිය සිදුවී ඇත්තේ අලින්ටය.
 
 ජනාධිපති මාධ්‍ය ඒකකය පවසන පරිදි 2019 වසරේ දී වන අලි ගම් වැදීමෙන් මිනිස් ජීවිත 122ක් අහිමි වී ඇති අතර වන අලි 407 දෙනෙකු මිය ගොස් තිබේ.
 
 
 
 
 
රාජ්‍ය ගිණුම් කාරක සභාවේ වාර්තා
 
 
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිණුම් කාරක සභාවේ වාර්තාවන්ට අනුව, අලි මිනිස් ගැටුම නිසා ලෝකයේ වැඩියෙන්ම අලි මරණයට පත්වන රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබේ.
 
 වසරකට ශ්‍රී ලංකාවේ මියයන අලි ඇතුන් සංඛ්‍යාවේ සාමාන්‍ය අගය 272කි.
 
 එමෙන්ම අලි මිනිස් ගැටුම නිසා වාර්ෂිකව අහිමිවන මිනිස් ජීවිත සංඛ්‍යාවේ සාමාන්‍ය අගය 85ක් වේ.
 
 2020 වසර තුළ ශ්‍රී ලංකාවේ අලි මිනිස් ගැටුම් නිසා අලි 327ක් සහ මිනිසුන් 113ක් මරණයට පත්ව තිබේ.
 
 වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ දත්ත වලට අනුව ශ්‍රී ලංකාවේ අලි මිනිස් ගැටුම වඩාත්ම උග්‍ර වූ වසර ලෙස  2019 වසර සටහන්ව ඇත.
 
 අවසන්  වරට ශ්‍රී ලංකාවේ අලි සංගණනයක් සිදු කර ඇත්තේ  2011 වසරේදීය.
 
 එම දත්ත වලට අනුව ලංකාවේ අලි ගහනය 5879කි. ඉන් 55 දෙනෙකු වැඩුණු දළ ඇතුන් විය.
 
 
 
THE LEADER TV 
ගුරු නායකයන්ට කොටි ලේබල් අලවා දඩයමකට සැරසේ !
 
කොතලාවල පණතින් ආණ්ඩුව පුපුරයිද ?

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්