වස විස වලින් තොර රටක් නිර්මාණය කිරීමට ජනාධිපතිවරයා දුන් පොරොන්දුවේ හෝ ඒ වෙනුවෙන් වර්තමාන රජය ගත් ඉදිරිගාමී ක්‍රියාමාර්ග වල හෝ කිසිදු වෙනසක් සිදුව නැතැයි 'ජාතික සංවර්ධන මාධ්‍ය මධ්‍යස්ථානය'
අවදාරණය කර සිටියි.
 
එහි අධ්‍යක්ෂ මිලින්ද රාජපක්ෂ විසින් සිය ෆේස්බුක් පිටුවේ සටහනක් පළකරමින් එබව සඳහන් කර තිබේ.
 
එහි මෙසේද සඳහන්වේ. 
 
 
''ජනාධිපතිතුමා 2021 අප්‍රේල් මාසෙ 21 වෙනිදා කැබිනට්ටුවෙන් ඉල්ලා හිටියා රසායිනක පොහොර, වල්නාශක සහ කෘමිනාශක ආනයනය නවත්වන්න කියල. එය සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ මූලිකම අංගයක් නිසා කැබිනට් එකගතාවය ලැබුනා. ඒකතමා ප්‍රතිපත්තිමය පළමු පියවර. 
 
අනුමැතිය ක්‍රියාත්මක කරන්නනම් ගැසට් එකක් ගහන්න ඕන. ඉතින් මැයි මාසෙ 06 වෙනිදා 2226/48 කියන අතිවිශේෂ ගැසට් එකෙන් හදුනාගත් රසායනික පොහොර, කෘමිනාශක සහ වල්නාශක සංයෝජිත වර්ගීකරණ සංකේතාංක (අපි ඔය HS Code කියල කියන්නෙ ) කීපයක් යටතේ තහනම් කලා. මේක තමා ප්‍රායෝගික දෙවන පියවර. 
 
මේ HS Code හදල තියෙන්නේ ගොඩක් කලින්. දැන් මේ කෝඩ් අස්සෙම තමා ස්වාභාවික මිනරල්, ඒ කියන්නේ කෙමිකල් නොවන සමහර සංඝටකත් බද්ධ වෙලා තියෙන්නේ. 
 
ඒ නිසා පොහොර රාජ්‍ය අමාත්‍යාංශය මේ කෙමිකල් සහ වස නැති සංඝටක වෙන් කරල හදුනගෙන, NHS Code හරිගස්සල, ආයෙත් ඕනෑ මොනවද කියල නිර්දේශ කලා. ඒක තමා ප්‍රායෝගික තුන්වන පියවර.
 
ඊට පස්සේ ස්වාභාවික ඛනිජ හා කිලේටඩ් අංශු මාත්‍ර යොදා ගනිමින් සකසන ලද ශාඛ පෝෂක ( මේවා වස විස කෙමිකල් නෙමේ ) ලංකාවට ගෙනැල්ල ගොවීන්ට දෙන්න කෘෂිකර්ම ඇමතිතුමා මැයි 31 වෙනිදා කැබිනට්ටුවෙන් අවසර ඉල්ලුවා. ඒකට අනුමැතිය ලැබුනා. අන්න ඒක තමා හතරවෙනි ප්‍රතිපත්තිමය පියවර.
 
ඒත් ඕව ගේන්න බෑ. මොකද ඔය ටික තියෙන්නෙත් අර HS Code අස්සෙමයි. දැන් මේ කැබිනට් අනුමැතිය ක්‍රියාත්මක කරන්නනම් අර කලින් ගහපු ගැසට් එක ලිහන්න ඕන. ඒ අනුව වස විස නැති ශාක පෝෂක ගේන්න HS Code ටික වෙනස් කරල ආනයන බලපත්‍ර පාලනයට යටත් කරල ( ඒ කියන්නෙ L හෙවත් license කරල ) 2021 ජූලි මස 31 දිනැති අංක 2238/45 දරණ අලුත් ගැසට් පත්‍රය ගැහුව. ඒක තමා පස්වෙනි ප්‍රායෝගික පියවර.
 
 
 
 
වස කවන පොහොර සමාගම්වලින් සල්ලි අරන් ඒ අයට පෙරකදෝරුකම් කරන අයම තමා මේ ගැසට් එක වැරදියට අර්ථගන්වන්නේ. එයාලගෙ පරමාර්ථය 69 ලක්ෂයට හිනාවෙන එක නෙමේ. නීරෝගී කාබනික ආහාර වගාකරන වැඩපිළිවෙළ රිවර්ස් කියල මතයක් හදල ආයෙත් වසවිස ආනයනයට පාර හදාගන්න එක. 
 
 
කීලේටකරණයට ලක් කරන ලද ඛනිජ ශාක පෝෂක (Chelated Mineral ) කියන්නෙ මොනවද ? 
 
කීලේටඩ් පෝෂක ඛණිජ කියන්නෙ ඛණිජ පොහොර වල එක් ස්වරූපයක්. කීලේටකරණය කලාම පොහොර වල උපයෝගීතාව වැඩිවෙලා ශාකයට පහසුවෙන් උරාගන්න පුලුවන් වෙනවා. 
 
 
 
 
ශාක වලට අවශ්‍ය ක්ශුද්‍ර පෝෂක (Micro Nutrients) කියන්නෙ මොනවද? 
 
ශාක වර්ධනය සඳහා පෝෂක මූලද්‍රව්‍ය 16ක් ඕනෑ. අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය විදියට නයිට්‍රජන් පොස්පරස් පොටෑසියම් වගේම ද්විතීයික මූලද්‍රව්‍ය විදියට කැල්සියම් මැග්නීසියම් සහ සල්ෆර් ඕනෑ වෙනවා. 
 
දැන් අර ගැසට් එක නිසා වෙන්නේ මෙන්න මේ මූල ද්‍රව්‍ය තියන 'ස්වභාවික ඛනිජ ද්‍රව්‍ය '
 
1. ආනයන අපනයන පාලක ගෙ අනුමැතිය ලබාගෙන
 
2. ජාතික පොහොර ලේකම් කාර්යාලයේ බලපත්‍ර යටතේ
 
3. කන්නයෙන් කන්නයට අවශ්‍ය සීමිත ප්‍රමාණයක් 
 
4. දැඩි  කළමනාකාරීත්වයක් හා අධීක්ෂණය යටතේ 
 
ආනයනය කරන්න අවසර දීල තිබෙනවා
 
 
මේ හරහා කොහොමවත්  First Generation එකේ රසායනික පොහොර ආනයනය  කිරීමට අවසරයක් ලැබෙන්නේ නෑ. 
 
 
කිලිනොච්චි යද්දි මැදවච්චිද කියල අහපු දේශපාලකයෝම ජනතාවට එන්නත පරිත්‍යාගකරනවා කියල එන්නත් විරෝධයක් හදල දැන් ගිහින් ෂේප් එකේ බෙහෙත් විදගන්න රටක, වකුගඩු ලෙඩ නැති, වස විස කන්නෙ නැති සමාජයක් හදාගන්න එක ලේසි පහසු වැඩක් නෙමෙයි. 
 
 
 
6ptjKzxGමිලින්ද රාජපක්ෂ 
අධ්‍යක්ෂ -ජාතික සංවර්ධන මාධ්‍ය මධ්‍යස්ථානය
කොළඹ මහ නගරසභා මන්ත්‍රී (පොහොට්ටු පක්ෂය)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්