කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත අධ්‍යයනය කිරීම සඳහා පත්කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කමිටුවේ නිගමනය ඉදිරිපත් කර තිබේ.
එම කමිටුවේ සභාපති රංජිත් සියඹලාපිටිය මන්ත්‍රීවරයා විසින් අදාළ නිගමනය සහ සංශෝධන ඉදිරිපත් කර ඇත.
 
ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාල පනතෙහි එන විශ්ව විද්‍යාල පාලක සභාවල බහුතරය සිවිල් සාමාජිකයන් විය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පවසයි.
 
මෙම පනත අධ්‍යයනය කර ඊට ඇතුළත් කළ යුතු සංශෝධන පිළිබඳ වාර්තාවක් සකස් කිරීම සඳහා නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටියගේ සභාපතීත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පත්කළ කමිටුවේ වාර්තාව ඊයේ (03) ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂට භාර දී තිබු අතර එම වාර්තාවේ මේ බව දැක්වේ.
 
ඊට අමතරව ජෙනරාග් ශ්‍රීමත් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලය විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ නියාමනයෙන් හා පාලනයෙන් බැහැර නොකිරීම, මේ සඳහා ආරක්‍ෂක අංශයේ නිලධාරීන් නොවන සිසුන් ඇතුළත් කරගැනීමේදී ඉසෙඩ් අගය මත පදනම් වූ සාධාරණ ක්‍රමවේදයක් පනතට ඇතුළත් කිරීම, මෙම ආයතනයෙන් අධ්‍යාපනය ලැබීමට ගාස්තුවක් ගෙවීමට සිදුවන බැවින් දරුවන්ට රැකියාවක් කරමින් උපයන ආදායමකින් ගෙවීමේ පදනම මත ණය ක්‍රමයක් ලබාදීම යන යෝජනා ද මෙයට ඇතුළත් කර ඇත.
 
නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටියගේ ප්‍රධානත්වයෙන් හා පක්‍ෂ තරුණ පෙරමුණ හා උපාධිධාරී සංගමයේ සාමාජිකයක්ගේ සහභාගීත්වයෙන් සාකච්ඡා පවත්වා මෙම යෝජනා ඇතුළත් වාර්තාව සකස් කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පවසයි.
 
මෙහි ඇති යෝජනා සංශෝධන ලෙස අදාළ පනතට ඇතුළත් වනු ඇතැයි විශ්වාස කරන බව එම පක්‍ෂය සඳහන් කරයි.
 
මේ සම්බන්ධයෙන් මහරගම ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දැක්වු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර අමාත්‍යවරයා සඳහන් කළේ,"මේ රටේ පෞද්ගලික විශ්වවිද්‍යාල ඇති වෙනවට අපේ විරුද්ධත්වයක් නෑ. හැබැයි ඒ පෞද්ගලික විශ්වවිද්‍යාල ඇතිවීමේදී නිදහස් අධ්‍යාපනයට කිසිදු වැරද්දක් සිද්ධ වෙන්න අපි ඉඩ තියන්නේ නෑ. නැත්නම් විශ්වවිද්‍යාල කඩ ඇතිවීම වළක්වන්න බෑ."  කියාය.
 
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත සම්බන්ධයෙන් තම පක්ෂයේ ස්ථාවරය පැහැදිලි කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අවධානය සඳහා ශ්‍රීලනිපය අගෝස්තු 03 දා බාරදී ඇති ලිපිය පහත පළවේ. 
 
 
 
WhatsApp Image 2021 08 04 at 9.09.41 AMWhatsApp Image 2021 08 04 at 9.09.41 AM 1 

THE LEADER TV 
 
ගුරු නායකයන්ට කොටි ලේබල් අලවා දඩයමකට සැරසේ !
 
 
කොතලාවල පණතින් ආණ්ඩුව පුපුරයිද ?
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්