ඉදිරි  ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කළ යුතු අපේක්ෂකයා අමාත්‍ය සජිත් ප්‍රේමදාස විය යුතු බවට එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු කණ්ඩායම අද (09) පෙරවරුවේ පැවති පාර්ලිමේන්තු රැස්වීමේ දී තීන්දු කර ඇත.

මෙම අවස්ථාවට එක්වු පසු පෙළ මන්ත්‍රීවරු විසින් අමාත්‍ය සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකයා ලෙසත් අගමැති රනිල් වික්‍රමසිංහ අගමැති අපේක්ෂකයා ලෙසත් වහාම ප්‍රකාශයට පත්කොට මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කළ යුතු බවට  ඒකමතිකව යෝජනා කර ඇත.

එසේම මැතිවරණ සටන මෙහෙයවීමට පක්ෂය පූර්ණ බලතල සජිත් ප්‍රේමදාසට ලබාදිය යුතු බවට ඔවුන් යෝජනා කර තිබේ.

මෙහිදි ලක්ෂ්මන් විජේමාන්න, එස්. එම් මරික්කාර්,  හෙක්ටර් අප්පුහාමි, හේෂා විතානගේ, චමින්ද විජේසිරි, ඉම්රාන් මහරූෆ්, කේ.කේ පියදාස, විජේපාල හෙට්ටිආරච්චි, ඒ. විජයතුංග, සිඩ්නි ජයරත්න,  රෝහිණී කවිරත්න, තුෂාර ඉඳුනිල්, ආශු මාරසිංහ  යන මන්ත්‍රීවරුන් මෙම අවස්ථාවේදී සහාය පළකළ අතර  එම අවස්ථාවට එක් නොවුවද  හර්ෂණ රාජකරුණා, සන්දිත් සමරසිංහ, තුසිතා ජයමාන්න, බන්දු ලාල් බණ්ඩාරිගොඩ, සුජිත් සංජය, ශාන්ත අබේසේකර, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු  සියලු දෙනා ද ඒ සඳහා තම එකඟත්වය පළ කර ඇත.

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්