මුදල් අමාත්‍යවරයා විසින් රසායනික පොහොර තහනම ඉවත්කර ඇතැයි ඇතැම් මාධ්‍ය වාර්තා වල සඳහන් වුවද, එසේ අවසර දී ඇත්තේ අංශුමාත්ර මූල ද්‍රව්‍ය අඩංගු කැට පොහොර සඳහා පමණි.
වී ගොවිතැන, එළවළු වගාවට, ධාන්‍ය වර්ගවලට අවශ්‍ය රසායනික පොහොර සඳහා එම ගැසට් නිවේදනයෙන් අනුමැතියක් ලැබී නොමැත.
කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා කාබනික පොහොර භාවිතය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් රසායනික පොහොර, කෘමිනාශක සහ වල්නාශක ආනයනය ජනාධිපතිවරයා විසින් 2021 අප්‍රේල් මස 27 වැනිදා ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශය අනුව පොහොර ආනයනය තහනම් කර තිබිණි.
ඒ අනුව හඳුනාගත් රසායනික පොහොර, කෘමිනාශක සහ වල්නාශක ගණයට ගැනෙන භාණ්ඩ ආනයනය තවදුරටත් නියාමනය කරන බව ද ආනයන හා අපනයන පාලක දෙපාර්තමේන්තුව පවසයි.
මේ සම්බන්ධයෙන් 'ද ලීඩර්' වෙත අදහස් දැක්වූ ක්ෂේත්රයට සම්බන්ධ ආනයනකරුවන් කිහිපදෙනෙකුම පැවසුයේ, 2020 අප්‍රේල් මස 27 දින සිට ක්‍රියාත්මක වූ රසායනික පොහොර, කෘෂි රසායන ද්‍රව්‍ය අපනයනය තහනම් කරමින් නිකුත් කරන ලද ගැසට් නිවේදනයේ කිසිදු වෙනසක් කර නොමැති බවයි.
ඔවුන් ඒ බව කියා සිටියේ, ''පොහොර තහනම ඉවරයි ! : 'වගා හානි වූ ගොවීන්ට රජය වන්දි ගෙවිය යුතුයි.'' - යන සිරස්තලයෙන් යුතුව 'ද ලීඩර්' හි පළවූ හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් ගේ ලිපිය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමිනි.
කැට පොහොර :
2021 ජූලි 30 දින මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් නියෝග කර 1969 - අංක 01 දරණ ගැසට් පත්‍රයට අදාලව, ආනයනය අපනයනය පාලක T.V.D. දමයන්ති කරුණාරත්න විසින් නිකුත් කරන ලද නියෝගය අනුව ආනයනය කිරීමට අනුමැතිය දී ඇත්තේ - මල් සහ කොල වර්ගවලට Funa and flora යොදනු ලබන අංශු මාත්‍ර කැට වර්ග ආනයනය කිරීම සඳහාය.
බොහෝ විට ගොවීන් විසින් මෙම පොහොර වර්ග කැට පොහොර වශයෙන් නම් කරන අතර අපනයන කෘෂිකර්මයට වැඩියෙන් භාවිතා කරන මෙම අංශු මාත්‍ර මූල ද්‍රව්‍ය සංයෝගය මිල අධික පොහොර වර්ගයකි.
කිලෝ 25 හේ බෑග් එකක් රුපියල් 3000/= පමණ වන අතර සාමාන්‍ය රසායනික පොහොර කිලෝ 50 ක මිළ රුපියල් 1500/= කි.
තහනම ඉවත් නොකර ඇති පොහොර වර්ග අතරට යූරියා, මියුරේට් ඔෆ් පොටෑසියම්, ඇමෝනියා සහ මිශ්‍ර පොහොර වර්ග ඇතුළත් වේ.
ආනයනයට අවසර දී ඇත්තේ කිලෝ 25 සහ කිලෝ 10 බැගින් අසුරා ඇති කුඩා ප්‍රමානයේ පොහොර ඇසුරුම්ය.
1) මිනරල් සහ කෙමිකල් නයිට්රජන් පොහොර
2) සුපර් පොස්පේට්
3) නයිට්රජන්, පොටෑසියම් සහ පොස්පේට් අඩංගු පොහොර වර්ග වර්ග සඳහාය.
කාබනික හා ස්වභාවික පොහොර නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය සපයන ලද නිර්දේශ අනුව මෙම පියවර ගත් බව ද ආනයන හා අපනයන පාලක දෙපාර්තමේන්තුව කියයි.
ස්වාභාවික ඛනිජ හා කිලේටඩ් අංශු මාත්‍ර ශාක පෝෂක යොදා ගනිමින් සකසන ලද ශාක පෝෂක ආනයනය කර ගොවීන්ට ලබා දීම සඳහා කෘෂිකර්ම අමාත්‍යවරයා කළ යෝජනාවට අනුව මෙම තීරණය ගත් බව ද එම දෙපාර්තමේන්තුව කියයි.
ස්වභාවික ඛනිජ හා කිලේටඩ් අංශු මාත්‍ර ශාක පෝෂක ආනයනය අංක 2226/48 දරන ගැසට් පත්‍රය මගින් තහනම් කර ඇතත් සංයෝජිත වර්ගීකරණ සංකේතාංක යටතේ ආනයනය කරන බව ද එම දෙපාර්තමේන්තුව කියයි.
ජනාධිපති කාර්යාලයෙන් නිවේදනයක් !
දේශීය කෘෂිකර්මය සඳහා රසායනික පොහොර ආනයනය කිරීමට කිසිදු අවසරයක් ලබා දී නැති අතර දේශීය කෘෂිකර්මාන්තය සඳහා කාබනික පොහොර පමණක්ම භාවිතා කළ යුතු බවට ජනාධිපති විසින් ගන්නා ලද ප්‍රතිපත්තිමය තීරණයේ කිසිදු වෙනස්කමක් සිදුකොට නැති බව ද ඉදිරියේදී එම තීරණයේ කිසිදු වෙනසක් සිදු නොකරන බව ද රජය දන්වා සිටී.
ඒ සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයෙන් නිවේදනයක් ද නිකුත්කර ඇත.
එළඹෙන මහා කන්නයේ වගා කටයුතු සඳහා රසායනික පොහොර වර්ග කීපයක් ආනයනයට යළි අවසර දෙමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් ඊයේ (03) නිකුත්කර තිබු ගැසට් නිවේදනය පහලින් දැක්වේ.
සබැඳි පුවත් :
THE LEADER TV
කොතලාවල' යටගහන්න අගමැති දුන්න ගේම !
ගුරු නායකයන්ට කොටි ලේබල් අලවා දඩයමකට සැරසේ !