තිස්පස් වසරක් පුරා රජයේ හමුදා බලහත්කාරයෙන් වාඩිලා සිටි ඉඩමක් අද එහි හිමිකරුවන්ට බාර දී තිබේ. 
මඩකලපුව කුඹුරුමුලේ හමුදා කඳවුර පවත්වා ගෙන ගිය අක්කර 12 ක ඉඩම මෙසේ මුදා හැර තිබුනේ මඩකලපුව භාර හමුදා අණ දෙන නිලධාරි මේජර් ජෙනරාල් චන්න ජයසුරියගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයකදී ය.
 
80 දශකයේ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවට අයත්ව තිබු කුඹුරුමුලේ අක්කර 07 ක ඉඩමක හමුදාව වාඩිලා ගනිමින් හමුදා කඳවුර පිහිටුවා ගත් අතර පසුව එහි රැඳී සිට ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බලකාය යි. 
 
කඳවුර පුළුල් කරමින් ඊට ආසන්නයේ වූ මඩකළපු වැසියකුට අයත් අක්කර 05 ක ඉඩම ද බලහත්කාරයෙන් එක් කරගෙන තිබිණ.
 
පෞද්ගලික ඉඩම එහි හිමිකරුවන්ටත්, මුද්‍රණ සංස්ථාවට අයත් අක්කර 07 ක ඉඩම කෝරළේ පත්තු ප්‍රාදේශීය ලේකම් කේ. ධනපාල සුන්දරම් වෙත බාර කෙරිණි.
 
S7080226
 

 


 

THE LEADER TV

 

 
කොතලාවල' යටගහන්න අගමැති දුන්න ගේම ! 
 
 
ගුරු නායකයන්ට කොටි ලේබල් අලවා දඩයමකට සැරසේ !
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්