1200 x 80 DMirror
 
 

 අගමැති මහින්ද රාජපක්ෂ ජනාධිපතිධුරය හොබවන සමයේ ඔහුගේ වෘත්තීය සමිති උපදේශකයා වූ  භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මරා දැමීමට  වරදකරු වී මරණ දඬුවම් ලබා  සිටියදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින්
 සමාව ලබා දුන් නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති දුමින්ද සිල්වාට රටින් පිටවීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.         
                      
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරයකු වන නීතීඥ ගසාලි හුසේන් විසින් ගොනු කර තිබෙන මෙම පෙත්සමෙහි වගඋත්තරකරු වන්නේ  නීතිපතිවරයායි.   
                                            
මරණ දඩුවම් ලබා සිටි දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබා දී ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 සහ 34 (1) වගන්තී  යටතේ බැවින් එම වගන්තීන්ට අනුව මරණ දඩුවම් ලැබුවන්ට  ජනාධිපති සමාව ලබා දීමට ප්‍රථම ඒ පිළිබඳ වාර්තාවක් ඔවුන්ට දඩුවම් නියම කළ විනිසුරුවරුන්ගෙන් කැඳවිය යුතු බවයි පෙත්සමේ  සඳහන් වෙන්නේ. 
    
සමාව දීමේ බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් ජනාධිපති වරයාට පවරා ඇති නමුත්, අධිකරණයෙන් හා නීතිපති වරයාගෙන් උපදෙස් ද, අධිකරණ අමාත්‍යවරයාගේ නිර්දේශ ද ලබා ගැනීමෙන් තොරව එම බලය “අත්තනෝමතික ලෙස, අභිමත පරිදි” යොදා ගත නොහැකි බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපතිට ජූනි මාසයේ යවන ලද ලිපියකින් දැනුම් දී තිබුණි.
 
මරණ දඩුවම ලැබ සිටි දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබා දීමේ ක්‍රියාවලියේදි මේ කිසිදු ක්‍රියාමාර්ගයක් අනුගමනය කර නොමැති බවයි පෙත්සම්කාර ගසාලි හුසේන් අධිකරණයට දන්වා ඇත්තේ.
 
කුමන පදනමක් මත සිරකරුට සමාව දුන්නේද යන්න පිළිබඳව ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නීතීඥ සංගමයට පැහැදිලි කිරීමක් කළ යුතු බව ද හිටපු මානව හිමිකම් කොමසාරිස් පෙන්වා දෙයි. 
 
 
 
මෙම  කරුණු මත දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබා දීමේ ක්‍රියාවලිය නීතියට පටහැනි බව ප්‍රකාශ කරන ලෙස  ඉල්ලා සිටින පෙත්සම්කාර මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්, ඒ මගින් තමන්ගේ  මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට ද  ප්‍රකාශ කරන ලෙසත්  ඉල්ලා සිටි. 
 
 
 
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රට වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාවට  2016 සැප්තැම්බර් 08 වැනි දින දුමින්ද සිල්වා  ඇතුළු 13 දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරන ලදී.
 
එම නඩු විභාගයට ගැනීමෙන් පසු විත්තිකරුවන් 05 කට මිනීමැරීමේ චෝදනාවට වරදකරුවන් කොට මරණ දඩුවම් නියම කෙරිණි. 
 
තමන්ට මරණ දඬුවම පැනවූ තීන්දුවට එරෙහිව දුමින්ද සිල්වා  සහ තවත් දෙදෙනකු ඉදිරිපත් කළ අභියාචන පෙත්සම් 2018 ඔක්තෝබර් 11 වැනි දින ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් විසින් ප්‍රතික්ෂේප කරණ ලද අතර ඔවුන්ට කොළඹ මහාධිකරණය පැනවූ මරණ දඩුවම ඒකමතිකව යළිත් අනුමත කෙරිණි.
 
එසේ මරණ දඩුවම තහවුරු කරනු ලැබ සිටි ආරක්ෂක අමාත්‍යංශයේ අධික්‍ෂණ මන්ත්‍රි ලෙස වත්මන් ජනාධිපති ආරක්‍ෂක ලේකම්ධුරය දරන කාලයේ ඔහු යටතේ කටයුතු කළ දුමින්ද සිල්වාට ගෝඨාභය රාජපක්ෂ  ජනාධිපතිධුරයට පත්ව දැවුරුද්දක් ගතවෙත්ම සමාව දී නිදහස් කර හරින ලදී.
 
 

THE LEADER TV

 

 

ඩෙල්ටා' මරු කටේ, සීමා ඉවත් කලේ ඇයි?

 

 
කොතලාවල' යටගහන්න අගමැති දුන්න ගේම ! 
 
 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58