අපරාධ චෝදනා ඇති මන්ත්‍රීවරුන් සංඛ්‍යාව පිළිබඳ හෙළිදරව් කරන ලෙස, තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිසම විසින් පාර්ලිමේන්තුවට නියෝග කර තිබේ.
 වත්මන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට එරෙහිව එල්ල වී ඇති අපරාධ චෝදනා  ඇතුළු තවත් තොරතුරු ලබා ගැනීම සඳහා මාධ්‍යවේදී එස්. රූබදීසන් විසින්  2016 අංක 12 දරණ තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ ඉදිරිපත් කරන ලද අභියාචනයක් විභාගයට ගනිමින් එම කොමිසම විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.
 
 “එකී තොරතුරු මහජන සුභ සිද්ධිය සඳහා විශාල වශයෙන් අදාල වේ. එනිසා, එම තොරතුරු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ තේරී පත් වූ නියෝජිතයන්ගෙන් ලබා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගෙන, එම තොරතුරු මහජනයා අතට පත් කිරීම පොදු අධිකාරිය සතු වගකීමක් බව අපගේ අදහසයි.”
 
තමන් නියෝජනය කළ යුත්තේ කවුරුන්ද යන්න පිළිබඳව දැනුවත් තීරණයක් ගැනීමේ පුරවැසියන්ගේ අයිතිය තහවුරු කිරීම සඳහා අවශ්‍ය බැවින්, ඡන්දයෙන් පත් වූ නියෝජිතයන්ගේ අධ්‍යාපන සුදුසුකම් සහ අපරාධ චෝදනා ගැන දැන ගැනීමට ඡන්ද දායකයන්ට  අයිතියක් ඇති බවට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2002 වසරේදී ‘ඉන්දියානු සංගමය එදිරිව ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සඳහා වූ සංගමය’ නඩුවේ ලබා දුන් නියෝගය කෙරෙහි කොමිසම මෙහිදී සිය අවධානය යොමු කර තිබේ.
  
 
එම නඩු තීන්දුවේදී, මැතිවරණයට තරග කරන අපේක්‍ෂකයන්ගේ තොරතුරු එක්රැස් කිරීම සඳහා විධිවිධාන ඉන්දියාවේ නීතිය තුළ සලසා නොමැති වීමේ අඩුපාඩුව පෙන්වා දුන් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය, පහත සඳහන් තොරතුරු ඉදිරිපත් කරන ලෙස දන්වා ඇත.
 
 
01. කිසියම් සාපරාධී වරදක් සම්බන්ධයෙන් අපේක්‍ෂකයා වරදකරු කර/නිදොස් කොට/නිදහස් කර තිබේද යන්න. ඔහු සිරදඬුවමකට හෝ දඩයකට ලක් කර ඇතිද යන්න,
 
02. නාමයෝජනා භාර දීමට මාස හයකට පෙර, වසර දෙකක හෝ ඊට වැඩි කාලයක සිර දඬුවම් ලැබිය හැකි යම් වරදක් සම්බන්ධයෙන් චෝදනාවක් අපේක්‍ෂකයාට එරෙහිව ගොනු කර ඇතිද හෝ ඒ සම්බන්ධයෙන් සාක්‍ෂිය භාර ගැනීමක් අධිකරණයෙන් සිදු කෙරේද යන්න. එසේ නම් ඒ පිළිබඳ තොරතුරු,
 
03. අපේක්‍ෂකයකුගේ සහ ඔහුගේ/ඇයගේ සහකරු හෝ සහකාරියගේ සහ යැපෙන්නන්ගේ වත්කම් (නිශ්චල, චංචල, බැංකු ශේෂ ආදිය),
 
04.පියවිය යුතු ගෙවීම්, විශේෂයෙන් කිසියම් රාජ්‍ය මූල්‍ය ආයතනයකට හෝ රජය වෙත ගෙවිය යුතු ගෙවීම් තිබේ නම් එම තොරතුරු,
 
05. අපේක්‍ෂකයාගේ අධ්‍යාපන සුදුසුකම්.
 
වඩා මෑතකදී, එනම් 2020 වසරේ තීරණය වූ ‘රම්බාබු සිං ඨාකූර් එදිරිව සුනිල් අරෝරා සහ වෙනත්’ නඩුවේදී, අපේක්‍ෂකයන් සම්බන්ධයෙන් අපරාධ චෝදනා පිළිබඳ විස්තර ලබා ගැනීම දේශපාලන පක්‍ෂවල ද යුතුකමක් බවට ඉන්දීය අධිකරණය විසින් සිහිපත් කළ ආකාරය මෙහිදී කොමිසම සිය අවධානයට යොමු කර තිබේ.
 
 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ 5 (4) වගන්තියේ දැක්වෙන පරිදි; “මහජන සුභසිද්ධිය එම තොරතුරු හෙළිදරව් කිරීමෙන් වන හානියට වඩා වැඩි නම් එවැනි තොරතුරු සඳහා වන ඉල්ලීමක් ප්‍රතික්ෂේප නොකළ යුතු ය” යන්න කොමිසම විසින් සිය නියෝගය නිකුත් කරමින් අවධාරණය කර ඇත.
 
 
පුරවැසියන්ට මෙම තොරතුරු විවෘත වීමේ උත්තරීතරභාවය:
 
 
මෙම විස්තර මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලිකත්වය හා සම්බන්ධ බවට පාර්ලිමේන්තු නිලධාරීන් විසින් සිදු කළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කළ කොමිසම, පළමුවෙන් එම තොරතුරු වලට ‘පොදු කටයුත්තක් හෝ සම්බන්ධතාවක් සඳහා’ සම්බන්ධයක් පවතින බැවින්ද, දෙවනුව එමගින් කිසියම් ‘පුද්ගලයකුගේ පුද්ගලිකත්වය අනවසරයෙන් ආක්‍රමණය කිරීමක්’ සිදු නොවන බැවින්ද, පනතේ 5(1)(අ) වන වගන්තියේ සීමාවන් මෙයට අදාල නොවන බවට තීරණය කරන ලදී.
 
 “පුරවැසියන්ට මෙම තොරතුරු විවෘත වීමේ උත්තරීතරභාවය අපි අවධාරණය කරමු. ඉන්දියානු අධිකරණය විසින් පෙන්වා දුන් පරිදි, “සාර්ථක ප්‍රජාතන්ත්‍රවාදයක් ‘දැනුවත්’ පුරවැසියන් බිහි කරයි” යැයි සඳහන් කළ කොමිසම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් වන අපරාධ චෝදනාවලට අදාළ තොරතුරු ලබා ගෙන පොදුවේ ගොනුවකට ඇතුලත් කරන ලෙසට නියෝග කර තිබේ.
 
 
එක මන්ත්‍රීවරයකු හෝ ප්‍රතිචාර දක්වා නැත.
 
 
මෙහිදී මෙම තොරතුරු සඳහා වන ඉල්ලීම් උපුටා දක්වමින්, “ඔබ මෙම තොරතුරු ලබා දීමට කැමති නම්, ඔබේ අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම් මා හට ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටින්නෙමි” යැයි සඳහන් කරමින් 2020.05.10 දිනැති ලිපියක් පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට  යොමුකර තිබුනද, එම ඉල්ලීමට මේ වන තෙක් එක මන්ත්‍රීවරයකු හෝ ප්‍රතිචාර නොදැක්වූ බව කොමිසමේදී අනාවරණය වූ අතර, එය මහජන සුභසිද්ධිය අභිබවා යාමක් නිසා අවිවාදයෙන්ම කනස්සල්ලට කාරණයක් ලෙස කොමිසම විසින් සඳහන් කර ඇත.
 
 එම ලිපියට ප්‍රතිචාරයක් ඇත්නම් වහාම කොමිසම වෙත පිටපතක් සමඟ අභියාචකයාට දැනුම් දෙන ලෙස ද කොමිසම නියෝග කර තිබේ.
 
 
 මෙසේ සපයන ලද ඉහත සඳහන් තොරතුරු මත, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් තම වෙබ් අඩවියේ යාවත්කාලීන කිරීමට කටයුතු කරන ලෙසට මෙහිදී පාර්ලිමේන්තු නිලධාරීන්ට දන්වා තිබේ.
 
 
එම් ගම්මන්පිලගේ සභාපති සහ කිශාලි පින්ටෝ-ජයවර්ධන, එස්.ජී. පුංචිහේවා, ආචාර්ය සෙල්වි තිරුචන්ද්‍රන්, විනිසුරු රෝහිණී වල්ගම යන කොමසාරිස්වරුන්ගෙන් සමන්විත කොමිසම විසින් කරුණු විමසා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇත.
 

 

THE LEADER TV

 

 

ඩෙල්ටා' මරු කටේ, සීමා ඉවත් කලේ ඇයි?

 

 
කොතලාවල' යටගහන්න අගමැති දුන්න ගේම ! 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්