කොවිඩ් ආසාදිතයින් හේතුවෙන් රාගම ශික්ෂණ රෝහලේ ඇඳන් ධාරිතාව මේ වනවිට ඉක්මවා ගොස් ඇති බවත්, එම හේතුව නිසා රෝගීන් විවිධ
ස්ථානවලට වී ප්‍රතිකාර ලබාගන්නා බවත් පසුගියදා මාධ්‍ය ඔස්සේ පෙන්වා දෙන ලදි.
 
මේ පිළිබද අවධානය යොමු කළ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඊයේ දින (04) පස්වරුවේ රාගම ශික්ෂණ රෝහලේ සිදු කරනු ලබන කොවිඩ් ප්‍රතිකාර සේවාවන්ට අදාල ගැටළු සහගත තත්ත්වයන් නිරික්ෂණය කිරිම සදහා විශේෂ නිරික්ෂණ චාරිකාවක නිරත වන ලදි. 
 
ඇමතිවරිය එසේ රාගම රෝහල් නිරීක්ෂණයකට සහභාගී වුයේ , කෝවිඩ් ආසාදිතයින් ගෙන් පිරීගොස් ඇති රාගම රෝහලේ තත්ත්වය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ වයිරල් වෙමින් තිබෙන පසුබිමකය.
 
 
නිරීක්ෂණයෙන් පසු අදහස් දැක් වු සෞඛ්‍ය අමාත්‍යවරිය මෙසේ පැවසුවාය.
 
“රෝහල්වල කොවිඩ් ප්‍රතිකාර සේවාවන් සම්බන්ධයෙන් සොයා බැලිමට මමත්, සෞඛ්‍ය ලේකම්තුමත්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාත් රෝහල් කිහිපයකටම යනවා. ඒ අනුව තමයි අද රාගම රෝහලට පැමිනියේ. කොවිඩ් ආසාදිතයින් රෝහලට රැගෙන ආ පසු පළමුවෙන්ම රෝගින් ඇතුලත් කරන වාට්ටුවක් තිබෙනවා. ඉන් අනතුරුව වෛද්‍යවරුන්ගේ අධීක්ෂණයෙන් පසු එම රෝගීන් යොමු කරනු ලබන්නේ දැඩි සත්කාර ඒකකයට ද, අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයට ද, සාමාන්‍ය කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානවලට ද, නැතිනම් නිවෙස් තුල ප්‍රතිකාර සේවා සදහා යොමු කරනවා ද යන්න තීරණය කරනු ලබනවා.”
 
IMG 20210804 WA0005
 
“පසුගිය දවස්වල සාමාජ මාධ්‍ය ජාල තුල අපි දැක්කා මේ වාට්ටුව අරගෙන සමස්ත කොවිඩ් රෝගීන් ඉන්න වාට්ටු සියල්ල එක වගේ කියලා පෙන්වා දී තිබුනා. අද රෝහලේ අධ්‍යක්ෂ තුමා සමග සාකච්ඡා කළේ රාගම රෝහලේ  තවත් වාට්ටු කිහිපයක් කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරිම සදහා වෙන් කිරීමට සහ තවත් තදබදයක් තිබෙනවා නම් තවත් වාට්ටු කිහිපයක් ප්‍රතිකාර සේවාවන් සදහා එක් කිරීම පිළීබදවයි.”
 
මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් සංජිව මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, රාගම රෝහලේ අධ්‍යක්ෂ එස්.පී.ඒ ලියනගේ රණවීර ඇතුලු පිරිසක් එක්ව සිටියේය.
 
 
 
 
 
රාගම කොරෝනා වාට්ටු රෝගීන්ගෙන් පිරෙයි
 
රාගම ශික්ෂණ මහ රෝහලේ  කොරෝනා වාට්ටුවේ ඇදන් රෝගීන්ගෙන් පිරී ඇති බවත්, මේ හේතුවෙන් රෝගීන්ට අවශ්‍ය පොදු පහසුකමි සීමා වී ඇතැයි ප්‍රතිකාර ලබන රෝගීහු සඳහන් කරන බවත්  'ලංකාදීප' වාර්තා කර තිබේ.
 
එම වාර්තාවේ මෙසේද සඳහන් වේ.
 
 
බොහෝ රෝගින් වාට්ටුවල තැනින් තැන ගැටලු රැසක් මැද බිම නිදා ගනිමින් මහත් අපහසුතාවයකින් ප්‍රතිකාර ලබා ගැනිමට සිදුව ඇති බව ඔවුහු පෙන්වා දෙති. පසුගිය දිනෙක මියගිය පුද්ගලයෙකුගේ සිරුරක්ද 26 වාට්ටුව මැද බිම තබා තිබූ බව ඔවුහු කීහ.
 
 
මේ පිළිබදව රාගම ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය සම්පත් ලියනගේ රණවීර ගෙන් විමසා සිටිමේදි ඔහු පවසා සිටියේ,කොවිඩි 19 වසංගත 4 වැනි රැල්ලත් සමග රාගම ශීක්ෂණ රෝහලේ කොරෝනා වෛරස ආසාදිතයන් සදහා ඇතුල් කර ගන්නා වාට්ටු දෙකේ ඇති ඇදන් සංඛ්‍යාවට වඩා තුන් ගුණයක් රෝගින් එම වාට්ටු වලට ප්‍රථිකාර ගැනිම සදහා දෛනිකව ඇතුළු වන බවය.
 
උද්ගතව ඇති බැරැරුම් තත්ත්වය පාලනය කිරිම සදහා මේ වන විට ඇදන්  236කින් සමන්විත වාටිටු 10ක් දැනට රෝහලේ පවත්වා ගෙන යන බවද සදහන් කළ අධ්‍යක්ෂක වරයා ඊට අමතරව රාගම ශික්ෂණ රෝහල යටතේ පාලනය වන  කදාන ප්‍රාදේශිය රෝහලේ ඇදන්  114 සමග වාට්ටු තුනක්ද, සිදුව ඇදන් 600 කින් යුත් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ද විවෘතව ඇති බවය.
 
මේ වන විට රෝගින් රාගම,කදාන සහ සිදුව කොරෝනා මධ්‍යස්ථානයේ රෝගින් 1020 ප්‍රථිකාර ලබමින් සිටින අතර රාගම ශික්ෂණ රෝහලේ ඇදන් වලට වඩා රෝගින් ප්‍රමාණයක් සිටිම හේතුවෙන් සමහර රෝගින්ට ඔක්සිජන් පවා ලබා දිමට සිදුව ඇත්තේ බිම දිගා කොට බවය.   
 
කොරෝනා ආසාදිතයන් සදහා මේ සතිය තුළ රාගම ශික්ෂණ රෝහලේ ඇදන් 28 කින් යුත් තවත් වාටිටුවක් ආරම්භ කිරිමට නියමිත බවද අධ්‍යක්ෂක වරයා පවසයි.
 
මේ වන විට තම කාර්ය මණ්ඩලයේ වෛද්‍ය වරුන් ඇතුලු සියලු සේවක සේවිකාවන් දැඩි කැප විමකින් සේවයේ නියතුව සිටින බව සදහන් කළ අධ්‍යක්ෂක වරයා දැනට කාර්ය මණ්ඩලයේ වෛද්‍ය වරුන් දෙදෙනෙකු ඇතුලු හෙදියන් 10 දෙනෙකුද කොරෝනා ආසාදිතයන් බවට පත්ව ඇති බවද හෙතෙම පවසා සිටියේය.
 
රාගම ශික්ෂන රෝහලේ ශාල්‍යකර්ම,හර්ද රෝගින් හා වකුගඩු රෝගින් සදහා ප්‍රතිකාර,මාතෘ සායන වැනි අනෙක් අත්‍යවශය සේවාවාවන් කර ගෙන යන අතරතුර කොරෝනා ආසාදිතයන්ටද ප්‍රතිකර ලබදෙන බව අමතක නොකල යුතු කරුණක් බවද අධ්‍යක්ෂක වරයා සදහන් කරයි
 
 
 
 
 
කරාපිටිය රෝහලත් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි
 
 
මේ අතර දිවයිනේ ප්‍රධාන රෝහල් කිහිපයක් හදිසි තත්ත්වය ප්‍රකාශයට පත්කර ඇත. 
 
කරාපිටිය ශික්ෂණ රෝහලේ ද හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කරමින් වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා විසින් සියලු වෛද්‍යවරුන් සහ අංශ ප්‍රධානීන් වෙත ඊයේ (04) ලිපියක් නිකුත් කර තිබේ.
 
කොරෝනා රෝගීන්ගේ ක්ෂණික වර්ධනයක් පෙන්නුම් කරන බැවින් සහ රෝහලේ විවිධ ඒකක තුළින් රෝගීන් වාර්තා වී රෝහල් කාර්ය මණ්ඩලයට ද ආසාදනවීමේ වර්ධනයක් ඇති බැවින් හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කරන බව එම ලිපියේ සඳහන් වේ.
 
228622339 339545347669491 6801999279969016714 n
 
 
ඩෙල්ටාවේ දරුණු ප්‍රභේද ඇතිවීමේ අවදානමක්
 
 
මේ අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා, ජෛව විද්‍යා අංශයේ අධ්‍යක්ෂ චන්දිම ජීවන්දර පවසන්නේ, කරයිඩෙල්ටා ප්‍රභේදය රට‌ පුරා වේගයෙන් පැතිර යාමත් සමග එම ප්‍රභේදයේ යම් යම් වෙනස් ප්‍රභේදයන් ඇතිවිය හැකි යැයි බවයි.
 
මෙසේ ඇතිවන නව ප්‍රභේදය ඩෙල්ටා ප්‍රභේදයට වඩා දරුණු විය හැකි හෝ නොවිය හැකි යැයිද ඔහු අවධාරණය කරයි. 
 
කෙසේ නමුත් නව ප්‍රභේදයන් ඇතිවන්නේද නැද්ද යන්න පිළිබඳව කොවිඩ් රෝගීන්ගේ ජාන විශ්ලේෂණ පරීක්ෂණයන් අඛණ්ඩව සිදුකරමින් පවතින බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
 
සාමාන්‍යයෙන් ඕනෑම වයිරසයක් වේගයෙන් පැතිර යාමේදී එම වයිරස් ප්‍රභේදයේ විවිධ වෙනස්කම් සිදුවී නව ප්‍රභේදයන් ඇතිවන බව ඔහු පෙන්වා දේ.
 
 
 
 
 
සබැඳි පුවත් :
 
 
 
 
THE LEADER TV 
 
ඩෙල්ටා' මරු කටේ, සීමා ඉවත් කලේ ඇයි?
 
 
කොතලාවල' යටගහන්න අගමැති දුන්න ගේම ! 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්