ශ්‍රී ලංකා යුද හමුදාවට අවශ්‍ය හෙල්මට් (HELMET) සැපයීමේ කොන්ත්‍රාත්තුව රාජ්‍ය ආයතනයක් හරහා චීන සමාගමක් වෙත ලබාදී ඇතයි වාර්තාවේ.
 
2020/04/22 දින කැඳවනු ලැබූ ඊට අදාල ටෙන්ඩරය රාජ්‍ය වානිජ්‍ය විවිධ නීතිගත සංස්ථාව (State Trading Corporation) වෙත ලබාදීමට ප්‍රසම්පාදන කමිටුව විසින් 2021 ජුලි 29 වන දා අනුමත කර ඇත.
 
මෙම ආයතනය ලංසු ඉදිරිපත් කර ඇත්තේ ඇමරිකානු ඩොලර් වලිනි. 
 
මෙම ටෙන්ඩරය ලබාදීමේදී තමන්ට් බලවත් අසාධාරණයක් සිදුව ඇතැයි මෙරට හෙල්මට් නිෂ්පාදනය කරන එකම පළපුරුදු ආයතනයවන 'හර්ෂ ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගම' ජනාධිපතිවරයා වෙත ලිඛිත දැනුම්දීමක් කර තිබේ.
 
උතුරේ යුධ සමයේදී පවා රජයේ හමුදාවන්ට අවශ්‍ය හෙල්මට් 75,000 කට ආසන්න ප්‍රමාණයක් සපයා ඇත්තේ එම සමාගමයි. 
 
අද වන විට තව දුරටත් තාක්ෂණය දියුණු කර අලුතින් යන්ත්‍ර සූත්‍ර ආනයනය කර හෙල්මට් නිෂ්පාදනය කිරීම සඳහා තම කර්මාන්ත ශාලාව වැඩි දියුණු කර ඇතැයි ද එම සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂිකා හිමාලි විජේතුංග විසින් ජනාධිපතිවරයා වෙත යොමුකර ඇති ලිපියේ සඳහන් වේ.
 
WhatsApp Image 2021 08 05 at 10.12.19 AM 1WhatsApp Image 2021 08 05 at 10.12.19 AM 2WhatsApp Image 2021 08 05 at 10.12.19 AM 3
 
 
ඇණවුම අප රටේ නිෂ්පාදනය කිරීමේදී තවත් කර්මාන්ත කිහිපයක්රැකෙනු  ඇතැයි ද ඇය පවසයි.
 
වසර 15 කට අධික කාලයක් පුරා නිෂ්පාදනය කර ඇති පළපුරුද්ද හා වෙඩි පරීක්ෂණයෙන් ඉහළින්ම සමත් වී නිර්දේෂිත නාමයක් වූ තම සමාගමේ හෙල්මට් මෙසේ ප්‍රතික්ෂේප කිරීම කණගාටුදායක කාරණයක් බවද ඇය සිය ලිපියේ සඳහන් කර තිබේ.
 
එහෙයින්,  මේ පිළිබඳ විශේෂ විමර්ෂනයක් සිදුකර එකම දේශිය නිශ්පාදක වන තම සමාගමට මෙම ඇණවුම ලබාදෙන ලෙස ජනාධිපතිවරයා ගෙන් ඉල්ලා සිටින හිමාලි විජේතුංග, එමගින් රටේ විදේශ විනිමය ඉතිරි වන අතර, සේවකයින් විශාල පිරිසකට රැකියා ලැබෙන බවද පෙන්වා දී ඇත. 
 
 
WhatsApp Image 2021 08 05 at 10.12.18 AMWhatsApp Image 2021 08 05 at 10.12.19 AM 

 
 
 
THE LEADER TV 
 
ඩෙල්ටා' මරු කටේ, සීමා ඉවත් කලේ ඇයි?
 
 
කොතලාවල' යටගහන්න අගමැති දුන්න ගේම ! 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්