ඉන්දන රැගත් නෞකාවක් හෙට (අගෝ. 06) කොළඹ වරායට පැමිණීමට නියමිතව ඇතත්, ඊට අදාළ ගෙවීම් සිදුකිරීම සඳහා බැංකු පද්ධතිය හරහා LC
(ණයවර ලිපි) විවෘත කිරීමක් මේ දක්වා සිදුකර නැතැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.
 
එම ඉන්දන වෙනුවෙන් ජුලි 25 ට පෙර LC (ණයවර ලිපි) විවෘත කිරීම සඳහා මුදල් අමාත්‍යංශය විසින් අනුමැතිය ලබාදිය යුතුව ඇතත් මේ දක්වා ඊට අවදානයක් යොමුව නැතැයි ද එම ආරංචිමාර්ග පවසයි.
 
මෙරට බැංකු පද්ධතිය හරහා LC (ණයවර ලිපි) විවෘත කිරීම මේ වනවිට දැඩි පාලනයකට නතුකර ඇත. 
 
 
ගියපාර ආපු නැව දවස් 5ක් රස්තියාදුවේ !
 
 
පසුගියදා මෙරටට ඉන්ධන රැගෙන ආ නෞකාවක් එම ඉන්දන තොග වෙනුවෙන් ගෙවීම් පිලිබඳ ගැටළුවක් මතුවීම නිසා දින කිහිපයක් තිස්සේ කොළඹ වරායේ නැම්ගුරම් ලාගෙන සිටියේය. 
 
එම නෞකාවෙන් ගෙන ආ ඉන්දන වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 45ක මුදලක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ගෙවියයුතු විය.
 
 ජුලි 05 දා මෙරටට පැමිණි එම ඉන්දන නෞකාවට ගෙවීම් පිලිබඳ තහවුරුවක් ලැබී තිබුනේ ජුලි 09දා පස්වරුවේ දී ය. එම තත්ත්වය තුල ඒ මොහොතේ මෙරට ඉන්දන හිඟයක් ඇතිවීමට තිබු අවදානම පහව ගියේය.
 
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් පසුගිය කාලයේ ආනයනය කර ඇති ඉන්දන වෙනුවෙන් ඇමරිකානු ඩොලර් බිලියනයකට වැඩි මුදලක් ගෙවියයුතු අතර එම ගෙවීම් සිදුකිරීමට අදාල දිනවකවානු අසන්න වෙමින් තිබේ.
 
 
එම තත්ත්වය තුල ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මේදිනවල විදෙස් සංචිත සොයාගැනීමේ අර්බුදයකට මුහුණ දී සිටියි.
 
අදට උවමනා ඉන්ධන ටික මිලට ගැනීමටවත් විදේශ විනිමය නැතැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පසුගිය ජුනි 15 දා පැවති මාධ්‍ය හමුවකදී පැවසිය.
 
අද ගන්නා ඉන්ධන සඳහා මුදල් ගෙවන්නේ තවත් මාස 06 කින් හෝ 09කින් යැයිද ඔහු සඳහන් කළේය.
 
 
 
 
 
THE LEADER TV 
 
ඩෙල්ටා' මරු කටේ, සීමා ඉවත් කලේ ඇයි?
 
 
කොතලාවල' යටගහන්න අගමැති දුන්න ගේම ! 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්