කළුබෝවිල රෝහලේ කොරෝනා ආසාදිත රෝගීන්ට ඇතිවී තිබෙන තදබදය සම්බන්ධයෙන් මාධ්‍යවේදනී තිලක්ෂණි මධුවන්ත විසින් තම සමාජ ජාල
ගිණුමේ සටහනක් තබා ඇත.
තම මව කොරෝනා ආසාදනය වී රෝහල්ගත කර ගැනීමට දීර්ඝ පෝලිමේ සිටින බවත් එම පෝලිමේ සිටියදී තම දෑස් ඉදිරිපිටම දෙදෙනකු මිය ගිය බවත් ඇතැමුන් ක්ලාන්ත වී බිම ඇද වැටෙන බවත් ඇය සඳහන් කරන්නීය.
ඇය විසින් තබා ඇති සම්පූර්ණ සටහන මෙසේය.
Thilakshani Maduwanthi
ඉන්දියාව ගැන මම කියපු නිවුස් දැන් මම ඇස් දෙකෙන් දකිනවා........
දැන් වෙලාව අලුයම 1යි විනාඩි 20 යි.
මේ කළුබෝවිල රෝහලේ කොවිඩ් වාට්ටුව.
වාට්ටුවේ එක් ඇඳක රෝගීන් දෙදෙනෙකු හෝ තුන්දෙනෙක්.
ඔවුන් අසාධ්‍ය රෝගීන්.
වාට්ටුවේ බිම ඇඳන් යට තවත් පිරිසක් ඔක්සිජන් ලබා ගනිමින් ජීවිතය බේරගන්න සටන් කරනවා.
අඩි තියා ඇවිදින්න බය හිතෙන තරමටම බිම රෝගීන්.
ඉතිරි සියලු ආසාදිතයින් ( සියය ඉක්මවූ පිරිසක් ) එළිමහනේ බංකු, පුටු මත හෝ ගස් පාමුල.
තවත් පිරිසක් වැලි පොළවේ ඇතිරිල්ලක් හෝ නොමැතිව.
මේ පාන්දරත්, ඇඩ්මිෂන් පෝලිම ගොඩක් දිගයි.
අපහසුවෙන් සොයාගත් පුටුවක් මත අම්මා තබා මා ගල් බැම්මක් උඩට වී ඇයට උපස්ථාන කරනවා.
සීතලේ මදුරුවන් තලමින්, මේ හැමෝම කොරෝනා එක්ක සටන් කරනවා.
මගේ ඇස් ඉදිරිපිටම පැය කිහිපයක් තුළ දෙදෙනෙකු මිය ගියා.
ඇතමුන් ක්ලාන්ත වී ඇද වැටෙනවා.
කාර්ය මණ්ඩලය සීමිතයි.
ඔවුන් දේවකාරිය තරමටම රාජකාරිය ඉටු කරන්නේ වෙහෙස නොබලා.
මගේ අම්මා මේ විදිහට කොරෝනා එක්ක සටන් කරද්දි තාත්තා දින ගණනාවක් ඔක්සිජන් මැෂිමකට ජීවිතය දීලා බලන් ඉන්නවා.
මේ ජීවිතය ඇතුළේ මීට වඩා විඳින්න දුකක් නෑ.
මීට වඩා අසරණකමකුත් නෑ.
හෙට මමත් ආසාදිතයෙකු වෙයි.
මට කියන්න තියෙන්නෙ එකම දෙයයි.
කොරෝනා සුළුවෙන් තකන්න එපා.
පුළුවන් තරම් පරිස්සම් වෙන්න.
පවුලේ හැමෝම පරිස්සම් කරගන්න.
ඉන්දියාව ගැන මම කියපු නිවුස් අද මම මගේ රටේදි ඇස් දෙකෙන් දකිනවා.
පරිස්සම් වෙන්න.. හොඳටම පරිස්සම් වෙන්න....
(තිලක්ෂණී මධුවන්ති ගේ ෆේස්බුක් පිටුවෙන්...)
කරාපිටිය රෝහලත් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි
මේ අතර දිවයිනේ ප්‍රධාන රෝහල් කිහිපයක් හදිසි තත්ත්වය ප්‍රකාශයට පත්කර ඇත.
කරාපිටිය ශික්ෂණ රෝහලේ ද හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කරමින් වැඩබලන අධ්යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා විසින් සියලු වෛද්‍යවරුන් සහ අංශ ප්‍රධානීන් වෙත ඊයේ (04) ලිපියක් නිකුත් කර තිබේ.
කොරෝනා රෝගීන්ගේ ක්ෂණික වර්ධනයක් පෙන්නුම් කරන බැවින් සහ රෝහලේ විවිධ ඒකක තුළින් රෝගීන් වාර්තා වී රෝහල් කාර්ය මණ්ඩලයට ද ආසාදනවීමේ වර්ධනයක් ඇති බැවින් හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කරන බව එම ලිපියේ සඳහන් වේ.
ඩෙල්ටාවේ දරුණු ප්‍රභේද ඇතිවීමේ අවදානමක්
මේ අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා, ජෛව විද්‍යා අංශයේ අධ්යක්ෂ චන්දිම ජීවන්දර පවසන්නේ, කරයිඩෙල්ටා ප්‍රභේදය රට පුරා වේගයෙන් පැතිර යාමත් සමග එම ප්‍රභේදයේ යම් යම් වෙනස් ප්රභේදයන් ඇතිවිය හැකි යැයි බවයි.
මෙසේ ඇතිවන නව ප්‍රභේදය ඩෙල්ටා ප්‍රභේදයට වඩා දරුණු විය හැකි හෝ නොවිය හැකි යැයිද ඔහු අවධාරණය කරයි.
කෙසේ නමුත් නව ප්රභේදයන් ඇතිවන්නේද නැද්ද යන්න පිළිබඳව කොවිඩ් රෝගීන්ගේ ජාන විශ්ලේෂණ පරීක්ෂණයන් අඛණ්ඩව සිදුකරමින් පවතින බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
සාමාන්‍යයෙන් ඕනෑම වයිරසයක් වේගයෙන් පැතිර යාමේදී එම වයිරස් ප්‍රභේදයේ විවිධ වෙනස්කම් සිදුවී නව ප්රභේදයන් ඇතිවන බව ඔහු පෙන්වා දේ.
සබැඳි පුවත් :
THE LEADER TV
ස' බැසිල් මලයාගේ සරම කඩයි!
ඩෙල්ටා' මරු කටේ, සීමා ඉවත් කලේ ඇයි?