කොරෝනා වසංගතය හමුවේ පවා පුරවැසියන්ගේ ජීවත්වීමේ අයිතියක් තහවුරුවිය යුතු බව ප්‍රවීන දේශපාලන විශ්ලේෂකයකු මෙන්ම ජ්‍යෙෂ්ඨ
මාධ්‍යවේදීයකු වන කුසල් පෙරේරා අවදාරණය කර සිටියි. 
 
ඔහු එබව සඳහන් කර ඇත්තේ සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් මුදා හරිමිනි. එහි ඔහු මෙසේ ද සඳහන් කරයි.                           
 
 
''මේ වනවිට අවුරුද්දකුත් මාස 06 ට ආසන්න කාලයක් කොරෝනා වසංගතය පැතිරීම පාලනය කර ගැනීමට ආණ්ඩුවට නොහැකිව ඇති අතර, මේ සමාජය දැන් මරණ බිය දැනෙන සමාජයක් බවට තල්ලු වෙමින් ඇත. 
 
එහෙත් වෛද්‍ය වෘත්තිකයින් තවමත් අනතුරු ඇඟවීම් හා අනාවැකීම් හැර කොරෝනා පාලනයට ලොක්ඩවුන් අසාර්ථක යැයි විසඳුම් ඉදිරිපත් කරන්නේ නැත. 
 
රෝහල් සතු සම්පත් හා ඉඩ ප්‍රමාණය උපරිමයට වැය වී ප්‍රධාන රෝහල් බොහෝමයක රෝගීනට ඉඩ නැත. ඒවායේ වෛද්‍යවරුන් හෙදියන් පවා ආසාධනය වන්නේය. 
 
දැන් මේ සමාජයට පුරවැසියන්ගේ ජීවත්වීමේ අයිතිය වෙනුවෙන් කොරෝනාව වහා පාලනය කරන මෙන් ආණ්ඩුවට බල කර සිටින්නට සිදුව ඇත. 
 
ඒ වෙනුවෙන් සියල්ලන්, සියලු වෘත්තීය සමිති, ජනතා සංවිධාන කොරෝනාව පාලනය කිරීමේ ප්‍රජා මූල සෞඛ්‍ය සැළැස්මක් ආණ්ඩුවෙන් වහා ඉල්ලා සිටිය යුතුය.
 
 
කුසල් ගේ සම්පුර්ණ ප්‍රකාශය පහත වීඩියෝ වෙන්...
 

 
 
 

THE LEADER TV 
 
ස' බැසිල් මලයාගේ සරම කඩයි! 
 
 
ඩෙල්ටා' මරු කටේ, සීමා ඉවත් කලේ ඇයි?
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්