ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල කථිකාචාර්ය අමින්ද ලක්මාල් ගමන් කරමින් සිටි බස් රථයට නැගුණු පොලිස් ඇඳුම් ඇඳගත්
හා සිවිල් ඇඳුමින් සිටි පිරිසක් ඔහුව බලහත්කාරයෙන් ගෙන යාමට ගත් උත්සාහය බස් රථයේ සිටිවුන් විසින් ව්‍යාර්ථකර ඇත.
 
සිවිල් ඇඳුමින් පැමිණි පුද්ගලයා මෙම පැහැරගැනීම ව්‍යර්ථවීමෙන් පසුව පිටව යාමට ගත් උත්සාහයේදී ඔහු නවතා පැමිණි කාරනය ප්‍රශ්න කළ විට, තමන් පුද්ගලයකු හඳුනාගෙන රැගෙන යාමට පැමිණි බවද ඔහු බස් රථයේ නොමැති බවද පවසා ඇත. 
 
නමුත් එම පුද්ගලයා කවුරුන්ද යන්න හෙළි කිරීමට මෙම සිවිල් ඇඳගත් තැනැත්තා අසමත්ව ඇති බවද ඔහු මුහුණුවරෙන් හඳුනාගන්නට නියමිත බවද ප්‍රකාශකර ඇත.
 
තමන් රාජකාරියක් සිදුකරන බවද ඊට බාධා කළහොත් අත්අඩංගුවට ගැනීමට සිදුවන බවද ඔහු විසින් බස් රථයේ සිටි පිරිසට තර්ජනය කර ඇත.
 
මේ අතර වැන් රියකින් පැහැරගෙන ගොස් ඇති බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය පවසන ශ්‍රි ජයවර්ධනපුර සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති අමිල සන්දීප අත් අඩංගුවට ගන්නා ලද බව පොලිසිය පවසයි.
 
 
(lankaviews.com)
 

 
 
 
සබැඳි පුවත් :
 

 

 


 

THE LEADER TV 
 
 
 
ජනපති ප්‍රකාශය කෙහෙළිය විකෘති කරලා?
 
 
 
 
ස' බැසිල් මලයාගේ සරම කඩයි! 
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්